IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එංගලන්තයට ලකුණු 18 ක ජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද(20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදීත් එංගලන්ත කණ්ඩායම ලකුණු 18 ක ජයක් අත්කරගත්තේය. මෙම ජයත් සමගින් 3-0 ක් ලෙසින් ඉදිරියට පැමිණි එංගලන්ත පිල තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ජයගත් අතර තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි.

අදත් වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවූ හෙයින් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය මත තරගයේ ජයග්‍රාහකයා තීරණය කෙරිණ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය.

වර්ෂාවෙන් බාධා ඇතිවන විට එංගලන්ත පිල ඕවර කඩුලු 2 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියද ඒ වන විට තරගයේ සම ලකුණු මට්ටම වූයේ ලකු‍ණු 114 කි. ඒ අනුව ඩක්වර්ත් - ලුවිස් න්‍යාය මත එංගලන්ත පිලට ලකුණු 18 ක ජයක් හිමිවිය.

තරගයේ සම්පූර්ණ විස්තර සඳහා  http://www.kelimandala.lk/  වෙත පිවිසෙන්න

ඡායාරූපය - චතුර එස්.කොඩිකාර



අදහස් (7)

එංගලන්තයට ලකුණු 18 ක ජයක්

dasa Saturday, 20 October 2018 12:44 PM

ලංකාවට හැම පැත්තෙන්ම අපලයි. මේකට තමා කියන්නේ "ඇගේ වෛරයේ" ශාපය කියලා.

:       0       6

Dayal Saturday, 20 October 2018 02:31 PM

ලංකාවේ ක්‍රීඩකයන් දක්ෂයි නමුත් දක්ෂ මදි....

:       0       0

Amila Saturday, 20 October 2018 02:37 PM

ක්‍රිකට් හරියට හදාගන්න බැරි සහ ඡන්දටික තියාගන්න බැරුව දගලන අය තනියෙන් රටක් කරන්න තමයි දවල් හීන බලන්නේ.

:       0       6

wije Saturday, 20 October 2018 04:17 PM

අනේ පින්සිද්දවෙයි දැන්වත් ලංකාවේ ක්‍රිකට් නවත්වලා දාලා ක්‍රිකට් වලට වියදම් කරන සල්ලි වලින් මේ රටේ යුද්දය අවසන් කරන්න තම අනාගතයම කැපකරලා අත පය නැති කරගත්තු අපේ අහිංසක රණවිරුවන්ට ගෙවල් ටිකක් හදලා දෙන්න.

:       0       7

දුලිප් මෙන්ඩිස් - මොරටුව Saturday, 20 October 2018 04:59 PM

අපේ කට්ටිය මන්ද පෝෂණයෙන් පෙළෙනවා, ඒවගේමයි සැර බිමජාති පානය කරනවා, සමහරු කුඩුත් ගහනවාලු. සමහරු කාමේසු මිච්චාචාරා කියන එකත් කරනවාලු.ඉතින් කොහේ තියෙන ශක්තියක්ද..සෙල්ලම් කරන්න. අනිත් හේතුව මේ අය දැන් මහලුයි. ඒ නිසා ශක්තිමත් කණ්ඩායමක් එක්ක තරඟ කරන්න අපේ අයට බැහැ . දැන් ඉතින් ගමේ ගොඩේ ශක්තිමත් කොල්ලෝ ටිකක් පුරුදු කරලා අලුත් ටීම් එකක් හදලා ..මේ වැඩකට නැති කට්ටිය ටීම් එකෙන් එළවලා දමන්න.

:       0       41

අල්මේදාSunday, 21 October 2018 03:45 PM

මම හිතන්නේ දුලිප් මෙන්ඩිස් මහත්මයට නම් අපේ ටීම් එකේ අය ගැන ඇත්තම තත්වය වැටහිලා තියෙනවා. දුලිප් මෙන්ඩිස් මහත්තයලා ක්‍රිකට් ගහන කාලේ තමයි ලංකාවේ ක්‍රිකට් වල ස්වර්ණමය අවධිය තිබුනේ. දැන් ඉන්න කට්ටිය බොරු සෝබන විතරයි. බන්ගලියන්ටත් පැරදුනා. ඊට පස්සේ ඇෆ්ගනිස්ථානයේ ටීම් එකටත් පැරදුණා. ඇත්තටම අපේ ක්‍රීඩකයින්ට ශක්තිය නැහැ. එ්නිසා දුලිප් මහත්තයා කියනවා වගේ මේ කල්පැනපු එහෙමත් නැතිනම් "එක්ස්පයර්" වුණු ක්‍රීඩකයින් ඔක්කොම එළවලා දාලා කොස් දෙල් කාපු ගමේ කොල්ලෝ ටිකක් පුරුදු පුහුණු කරලා ගත්තනම් ජයග්‍රහණය ෂුවර්.

:       0       0

isurandi Sunday, 21 October 2018 01:15 PM

දුකයි මේ මැච් එකත් පරදුනයි කිව්වම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site