IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උස්බැකිස්ථානයේ වයිරස් ව්‍යාප්තියේ මැඩලීම සඳහා පනවා ඇති සීමා දීර්ඝ කරයි

උස්බැකිස්ථානයේ කෙරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීම සඳහා පනවා ඇති සීමාවන් ජුනි 15 දක්වා දීර්ඝ කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවද සමහර සීමා ලිහිල් කිරීමට උස්බැකිසථාන රජයේ බලධාරීන් පියවර ගෙන තිබේ.ඒ අනුව දේශීය සංචාරයන් සඳහා ඉඩ ලබාදෙන බවත් පාපන්දු ක්‍රීඩා ආරම්භ කිරීමට ඉඩ දෙන බවත් බලධාරීහු පවසති.
  
කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් මාර්තු මාසයේ සිට උස්බැකිස්ථානයේ සියලුම පළාත් වසා දැමුණ අතර අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපාර ද නවතා දැමිණ.

මිලියන 34ක ජනගහනයක් සිටින මධ්‍යම ආසියානු රටක් වන උස්බැකිස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 3 513ක් වාර්තා වී ඇති අතර මරණ 13ක් සිදුවී තිබේ. 

අලුතින් අනාවරණය කරගත් ආසාදන පදනම් කරගෙන රට රතු, කහ සහ කොළ ලෙස කළාප වලට බෙදා ඇති අතර හරිත කළාප වල ළමා ගිම්හාන කඳවුරු, විනෝදාත්මක හා ක්‍රීඩා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට ඉඩ ලබාදී තිබේ.

එම කළාපයේ විවාහ මංගල උත්සව හා වෙනත් සාම්ප්‍රදායික උත්සව පැවැත්වීමට  ද අවසර දී ඇති නමුත් අමුත්තන් සංඛ්‍යාව 30කට සීමා කර ඇත.දේශීය ගුවන් ගමන් සහ දුම්රිය සේවා නැවත ආරම්භකර තිබේ

නරඹන්නන් නොමැතිව පාපන්දු තරඟ පැවැත්වීමට අවසර දී ඇත.
 
රතු කළාප වල හැර බස් ධාවනයට අවසර දී ඇත.
 
කෙසේවුවද විදේශිකයන් සඳහා දේශසීමා විවෘත වන්නේ කවදාදැයි තවම නිවේදනය කර නොමැත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

උස්බැකිස්ථානයේ වයිරස් ව්‍යාප්තියේ මැඩලීම සඳහා පනවා ඇති සීමා දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site