(අජන්ත කුමාර අගලකඩ)
උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ රජයේ රැකියාවලට බඳවා ගනු ලබන අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය මත එක් එක් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකෙරෙනු ඇත.
අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් තොරතුරු ජනාධිපති කාර්යාල මගින් පරිගණක ගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනෙන අතර ඔවුන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම සහ ඔවුන් සේවා ස්ථානවලට අනියුක්ත කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරනු ඇත.
වසරක පුහුණු කාලයකින් අනතුරුව ඔවුන් සේවය කිරීමට කැමැත්ත පළකර ඇති ග්‍රාමීය ප්‍රදේශවල , මධ්‍යම රජයට හෝ පළාත් රාජ්‍ය සේවයට අයත් ආයතන වෙත අනියුක්ත කිරීමටද රජය සැලසුම් කර ඇත.
රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රජයේ රැකියාවලට බඳවා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍යාංශ මණ්ඩලය ඉකුත් දා අනුමැතිය දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලමු එජාප වහල්ලු මොකද කියන්නේ කියලා.
යාචකයාගේ ප්ලේන්ටී එකේ ඇති සීනි තේකොළ වලට අයකරන බදුවලින් කොටසකුත් මේ අයගේ පඩිනඩි ගෙවීම සදහා යෙදෙවෙනු ඇති.
කවදද පත්වීම් දෙන්නේ ?
රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයකටත් අධික රාජ්‍ය සේවකයන් සිටින අවස්ථාවක පුරප්පාඩු හෝ කිරීමට රාජකාරියක් නොමැතිව තවත් 50,000 ක් පින් පඩි දීම සඳහා බඳවා ගැනීමට වත්මන් ජනාධිපතිත් තීරණය කළානම් රටට යන කල මොකක්ද?
අහුවෙන්න එපා...!!! පත්වීම් දුන්නට.. පඩි ගෙවන්න සල්ලි කෝ...!!! ඕක ඡන්ද ගුණ්ඩුවක්..!!!
දැනටමත් සේවක අතිරික්තයක් තිබෙන රාජ්‍ය සේවයේ ඒ පිං පඩිවල බර දරන්න වෙන්නෙත් අසරණ දුප්පත් ජනතාවට තමයි..
ප්‍රශස්තයි...
ඡන්දෙ එනවෝ... කැරට් ලාබයි...
මේවා මේ දෙන්නේ රටේ රැකියාවල් උපද්දවලා නෙවෙයි. මෙහෙම රැකියාවල් දෙන්න පුළුවන් වෙන්නේ එක්කෙනෙකුට කරන්න පුළුවන් වැඩකට 10ක් විතර පත්කරලා. මෙවැනි දේවල්වලින් ආර්ථික ඵලදායිතාවයක් නැහැ. එහෙම වුණාම ආර්ථික වර්ධනයක් නැහැ. ඒ නිසා මුදල් අච්චු ගගහා පඩි ගෙවාවි. රුපියලේ අගය තව තවත් බහිවි. මේ තත්වය ඔය උපාධිධාරියන් දන්නවද මන්දා... රස්සාවක් දුන්නු පමණින් ආණ්ඩුව හොඳයි කියලා ඡන්දෙ දුන්නොත් රටට නම් කිසිම වගතුවක් වෙන්නේ නැහැ..
කවද්ද අපට පත්වීම් ලිපි ලැබෙන්නේ?
ඔය ගමන්ම යතුරු පදියකුත් දෙන්න දරුවෝ පාසල් වලට ගෙනියන්න.
හැබැයි අර කැමරා පද්ධතිය ගලවපු, ශිෂ්‍ය සංගම් වල ඉඳගෙන අහිංසක සිසුන් කඩේ යව යවා තමාගේ හීනමවපු ආත්මාර්ථකාමී අනාගත දේශපාලන ගමන්වලට අහිංසක සිසුන් අතකොලු බවට පත් කරගත්තු විශ්ව විද්‍යාල ජීවිතයේදී කුජීත වැඩවලට සම්බන්ධවෙලා දැන් සුදු රෙදි පොරවන් රස්සා කරන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවනම් ඔවුන්ට රස්සා දීල සේවා යෝජකයන්ව අමාරුවේ දාන්නනම් එපා. කරුණාකරලා ඔය පත්වීම් දෙන්නට කලින් මොවුන්ගේ ඉතිහාසය පිලිබදව විපරමක් කරන්න. නිදහස් අධ්‍යාපනය ලබාගන්නවා මදිවට පරිපාලනයත් අතට ගන්න ඔවුන් විසින්ම ව්‍යවස්ථා හදාගෙන. පෞද්ගලික ව්‍යාපාර ස්ථාන වලට වද්දගන්න සුදුසු අයනම් නොවේ. මොකද වැඩ කළොත් පමණයි පෞද්ගලික ස්ථානවල වැටුප් ගෙවන්නැ පුළුවන්. මෙවැනි මන්ද මානසික මැරයින් නිසා රට වැටෙන එක අහන්න දෙයක් නැහැ. මොකද බොහොමයක් මෙවැන්නන් බඳවා ගැනෙන්නේත් රජයේ ආයතන වලට ම තමා. පෞද්ගලික ව්‍යාපාර ස්ථාන සමග සෙල්ලම් බැහැ. යන තැනත් පරිපාලන කටයුතු වලට ඇගිලි ගගහ අකර්ර්යක්ෂම ලෙස වැඩ කරලා ගෙදර යන්න පොත අස්සන්කරන්න පැයකට කලින් පෝලිමේ ඉන්න එක නම් දෛනිකව කරයි. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන.
මේ මිනිසුන් ගැන ලියන දේවල් බලන්න. රටේ උපාධිධාරීන් මේ වගේ හෑල්ලු වෙන්නේ මොකද? ඔවුන්ගේ ආකල්ප සහ උගත් විෂයයන් රටේ අවශ්‍යතාවට නොගැළපීම. අනික අඩු වැඩ සහිත රජයේ රැකියා බලා සිටීම. සංවර්ධන නිලධාරීන් කියන අයවලුන් වැඩි දෙනෙක් කරන්නේ ළමයින්ගේ සහ ගෙවල්වල කටයුතු බලා කියා ගැනීම තමා. කණගාටුව පුද්ගලික අංශයේ, විදෙස් රැකියා වල සහ ස්වයං රැකියාවල නියුක්තිකයින් ලේ කඳුළු කැපකොට උපයන දේවල් පින් බත් විදියට මේ බෙදන ආකාරය.
තවත් ඡන්ද ගුණ්ඩුවක් වගේ..
මෙතැනදී පත්වීම් ලිපි මුද්‍රණය කර නොමැත. කැබිනට් අනුමැතියක් ලැබුණද එය ක්‍රියාත්මක කිරීමට ලොකු කාලයක් ගතවනු ඇත.
ලංකාවේ ඉන්න හැම කෙනෙකුටම වැඩක් කරන්න පුළුවන්... මේ අය බඳවාගත්තට වැඩක් නැහැ... මේ තියෙන ආයතනික ව්‍යුහයන් යටතේ ආයතන ප්‍රධානීන්ට ඕනේ ඕනේ දේ කරන ආයතන ප්‍රධානිය වෙනස් වෙනකොට ප්‍රතිපත්ති උඩු යටිකුරු වෙන කුමන ආයතන ප්‍රධානියෙක් අාවත් අැටවුම් බෙහෙපු කල්ලි විසින් පාලනය කරන ආයතන පවතිද්දී මේ අයගෙන් වැඩක් ගන්න බැහැ.... වැඩක් කරන්න දෙන්නෙත් නැහැ...
මේ දාලා තියෙන කමෙන්ට් දිහා බැලුවම මේ දෙන්න යන එක ගන්න හිතෙනවා. මම දිගමට පොළව කොටලා ජීවත් වෙනවා.
ඇත්තටම අපි ඔහොම ජොබ් බලාපොරොත්තු වෙන එකත් වැරදියි. මමත් උපාධි දාරියෙක්... හැබැයි ශහොම රැකියා විරහිත ලේබල් එකට අයිති නැහැ. මේක වෙලා තියෙන්නේ අපේ අය මහා කම්මැලියන් නිසා... රජයේ ජොබ් හොයන්නේ මාසේ පඩිය අරන් ජීවත් වෙන්න. නැතිව තමන්ගේ රටට, වැඩකරන ආයතනයට හොඳක් කරන්න නෙමෙයි. මේක අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක්.
විධිමත් පත්වීම් ලිපි දීලා තියෙන, නියමිත අනුමැතිය අරන් තියෙන, නීත්‍යානුකූල පත්වීම් තියෙන, සේවයේ යෙදී සිටින නිලධාරීන්ට වැටුප් ගෙවන්න මහ භාණ්ඩාගාරේ සල්ලි නෑ කියලා, හොර වෘත්තිය සමිති වල වුවමනාවට, රජයේ නිලධාරීන් එළියට දාලා තියෙන වෙලාවක, මේ ළමයින්ට ගෙවන්න සල්ලි කොහෙන්ද? මේකත් ඡන්ද ගුණ්ඩුවක් නේද ජනාධිපතිතුමෝ..?
අපි පණ යනකම් පුද්ගලික අංශයේ වැඩකරලා ගෙවන බදු අන්තිමට යෙදවෙන්නේ ඵලක් ඇති වැඩකට නොව, රටටම බරක් වුණු පිංගුත්තර කොට්ටාශයක් නඩත්තුවටයි.