
(රොමේෂ් මධුෂංඛ)
උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28) උදෑසන සිට උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් විසින් අද දිනයේදී ක්‍රියාත්මක කරනු ලබන හර්තාලයට සහය ලබදෙන ලෙසට කරන ලද ඉල්ලීමකට අනුව උතුරේ වෙළඳ සංගම්, පෞද්ගලික බස් සංගම් එයට සහය දීමත් සමඟ වෙළඳසැල් හා බස් ගමනාගමනය නැවතී තිබිණි.
හිටපු කොටි නායකයකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තාගේ ගුණ සැමරුම සැමරීමට නොදී අධිකරණ තහනම් නියෝගයක් ගැනීමත් සමඟ උතුරේ ස්ථාන කිහිපයකින් දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධානයන් හි විරෝධතා සංවිධානය කෙරිණි.
මියගිය වැසියන් සිහිකිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බවටත් වත්මන් බලධාරීන් විසින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් දෙමළ කර තිබේ.
යාපනය දිස්ත්‍රීක්කයේ ආපනශාලා සහ ඖෂධහල් පමණක් විවෘතව තිබෙන අතර අනෙක් සියලුම වෙළඳසැල් වසාදමා ඇති අතරම ලංගම බස් පමණක් ධාවනය කෙරෙන අතර සියලුම පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව හර්තාලයට සහය දී ඇත.


COMMENTS
(ඩෝ)සර් එක්ක ඔය සෙල්ලම් බෑ
එතකොට උතුරට තියෙන්නෙ වෙනම නීතියක්ද? පුදුම වැඩ නේ මේවා.
කල්පනාවෙන් කටයුතු කල යුතු කාලයක් එළඹෙමින් පවතී.
උතුරත් ලංකාවේද.? දන්නේ නැති නිසා අහන්නේ.
හැමදාම හර්තාලේ කරගෙන යන්න දෙන්න ඕන , එතකොට ඔය පැතිවල මිනිස්සුන්ට හර්තාලුත් එපාවෙලා ඔය පැත්තේ ඉන්න අන්තවාදී දමිල නායකයෝත් එපා වෙනවා.
ඒ මිනිස්සුන්ට ශුද්ධ අයිතියක් තියෙනවා තමන්හට හිතකර යෝජනා සම්බන්ධයෙන් විරෝධතා දක්වන්න, අපි ලොකු රවුමක් ගහල ආපහු මුලටම ඇවිත්, දැන් ආයෙත් උද්ගෝෂණ කැරළි යුද්ධ. අපේ මිනිස්සුන්ට ඉතිහාසය අමතක කරන්නේ ඇයි?
සතියක් ඔහොම ඉන්න දෙන්න. ඉබේට හරියාවි අමාරුව. පොලිසිය හමුදාව නොයවා බලා සිටිමු. ඉබේට ප්‍රශ්නය විසඳේවි..
ඒ මිනිස්සුන්ට මියගිය ඥාතීන් සමරන්න අයිතියක් නැතිනම්, දකුණේ ඉන්න සිංහලයින්ටත් මියගිය ඥාතීන්, දේශපාලුවන් සමරන්න අයිතියක් නැත. මුළු ලංකාවටම තියෙන්නේ එකම නීතියකි. දියුණු ලෝකය අපේ රට දිහා බලන්නේ ගෝත්‍රිකයින් රැසක් ජිවත්වන දුපතක් ලෙසයි. අපි ජීවත්වන්නේ 21 වන සියවසේ බවවත් මේ රටේ පාලකයින් දැනගත යුතුය. බොරු සෝබන එපා, බටහිර රටවල් සහ එක්සත් ජාතින් එකතුවෙලා ඒ අයගේ හමුදාව මෙහෙයවලා අපේ රට බෙදලා දැම්මොත් අපි මොනවා කරන්නද..? උන් එක්ක සටන් කරන්නද..?
ඔය සේරටම මුල විග්නේශ්වරන්.