IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉහළ ගිය විදුලිබිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි

(ඩයනා උදයංගනී)

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහජනතාව මාස දෙකකට ආසන්න කාලයක් තුළ නිවෙස් තුළ රැඳී සිටි නිසා ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බව කී ඇමැතිවරයා එලෙස නිවෙස් තුළ රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ රජය බැවින්  ඉහළ ගිය විදුලි ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

විදුලි බිල සම්බන්ධව පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල දුන් උපදෙස් අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (8)  අමාත්‍ය මණ්ඩලයට යොමු කළ අවස්ථාවේදී එම වාර්තාවේ නිර්දේශිත කරුණු  වලින් ඔබ්බට ගොස් මහජනතාවට උපරිම සහනයක්ලබා දීමට රජය තීරණය කළ බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.



අදහස් (33)

ඉහළ ගිය විදුලිබිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි

nalin Wednesday, 08 July 2020 10:58 AM

විදුලි බිල ඉහළ ගියේ පාවිච්චිය වැඩිවුණු හින්දා නෙමෙයි. ගණනය කළ විදිහේ වැරැදි හින්දයි.

:       0       4

Nimal Wednesday, 08 July 2020 11:21 AM

අනේ හැමදාමත්ම ඡන්දෙ තියනවා නම් අපි කොච්චර වාසනාවන්තද?

:       0       102

eresh S kumara Wednesday, 08 July 2020 11:32 AM

ඉතා හොඳ තීරණයක්...

:       63       9

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 11:43 AM

ප්‍රමාද වී හෝ ගත් පියවර අගනා දෙයක්.. මහජන මතයට හිස නැමීමක්... මෙයින් සන්නිවේදනය වන අනෙක් කරුණ නම් ව්‍යංගාර්ථයෙන් වුවද විදුලිබල මණ්ඩලය තම පාරිභෝගිකයින්ගේ මුදල් අයථා ආකාරයකින් ගසා කෑ බව නොවේද? මින් ඉදිරියට හෝ මෙවැනි දේ ඇති නොවීමට වගබලා ගැනීම ඉතා වැදගත්.. නැතහොත් විදුලිබල මණ්ඩලයද ජනතා මුදල් වංචා කරන ආයතනයක් බවට සමාජගත වෙනු ඇත.

:       214       168

ලසන්තThursday, 09 July 2020 01:43 AM

විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයාගෙන් අයථා ලෙසට මුදල්ගත් බව ඉතාම පැහැදිලියි. උදාරණයකින් කියනවා නම් එකම දින මනු කියවූ එක ළඟ නිවෙස් දෙකක වැඩි ඒකක ගණනක් පාවිච්චි කළ නිවසට අඩු මුදලකුත් අඩු ඒකක ගණනකුත් පාවිච්චි කළ නිවසට වැඩි මුදලකුත් බිල්පතේ සටහන් කිරීමක් දක්වන්න පුළුවනි. මේ පිළිබඳව විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් විමසීමේදී ප්‍රකාශ කලේ බිල්පත නිවැරදි බවයි. ඒ වගේම මාසිකව අයකරන ස්ථාවර ගාස්තුද රුපියල් 30ක සිට 480 දක්වා වැඩිකරලා තියෙනවා. මේක වර්තමාන ඇමතිලා නැවත පත්වුණොත් කරන තත්වයක් වෙන්න පුළුවන් දෙයක් වෙන්න බැරිද?

:       0       36

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 09 July 2020 03:23 AM

ඇමතිතුමා එක්තරා චැනල් එකක කියනවා ඇහුණා මේ විදුලි බිල අඩු කරන්නේ ඒකක 90 ට අඩු විදුලි බිල ඇති අයට කියා.. එහිදීත්, අඩු ආදායම් ලාභී අයට ප්‍රමුඛත්වය ලැබෙනවා. එතකොට මධ්‍යම පාන්තිකයන්ට හුලං... බොහෝ තැන්වල ඒකක අනුවත් පනින විට විදුලි බිල දෙගුණ වෙනවා... මේ අතින් බලන විට ඒකක 90 ට වැඩි අයට විදුලි බිලෙහි අඩු වීමක් නැහැ.. ඔවුන්ට වෙන්නේ විශාල අසාධාරණයක්... එතකොට ඔවුන්ගේ බිල් වැඩි වීම ගැන බලධාරීන් නිහඬයි නේද ? සාධාරණය කෝ ...? ඔවුන් ද මේ රටේ විදුලි පාරිභෝගිකයන් නොවේද ... ?

:       1       327

rana Wednesday, 08 July 2020 12:08 PM

ඔය මනුස්සයා මෙතෙක් කී දේවල් බොරු.., මේ වගේ අය රටේ නාමයෙන් පාර්ලිමේන්තුවට යවන්න එපා...

:       3       442

Kamal Wednesday, 08 July 2020 12:29 PM

රජයේ මුදල් කියන්නෙත් මහජනතාවගේම මුදල් නේ...

:       1       242

samWednesday, 08 July 2020 01:13 PM

මේ අය කාවද රවටන්නේ? ලංකාවේ බොහෝමයක් මෝඩ මිනිස්සු නිසා කරන්න දෙයක් නැහැ.

:       2       198

fairoos Wednesday, 08 July 2020 12:43 PM

ඡන්දෙට කළින් දුන්නා නම් හොඳයි.

:       0       104

Hafeel Wednesday, 08 July 2020 01:28 PM

එතකොට මහින්දානන්ද කිව්වේ තවත් බොරුවක්ද? ඔහු කිව්වනේ මාර්තු සහ අප්‍රේල් මාස සඳහා මුදල් අය කරන්නේ නැහැ කියලා, විදුලි බල රාජ්‍ය ඇමති හැටියට වගකීමෙන් කියන බව...

:       0       366

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 01:30 PM

ඉහළ ගිය විදුලිබිල සම්බන්ධව, මෙසේ අමාත්‍ය මණ්ඩලය එකතු වී සාධාරණ ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන ස්තුතියි. එය ජනතාවට කිසියම් හෝ සහනයක් ගෙනදේවි... !

:       307       241

Rohana Wednesday, 08 July 2020 01:33 PM

ඡන්දය අතළඟ නිසා ජනතා සිත්සතන් නිවී සනසාලන මෙවැනි ප්‍රකාශවලට නොරැවටීමට කටයුතු කරමු.

:       227       702

Amare Wednesday, 08 July 2020 02:02 PM

අමරවීරගේ සල්ලි.., ඒකටනේ පාසල් වාහන පාට වෙනස්කර තීන්ත වලින් කොමිස් ගහන්න යන්නේ...

:       60       226

lankaThursday, 09 July 2020 01:07 AM

අමරවීරට මන්නම්, ඡන්දෙ ළංවෙනකොට විකාර කියවෙනවා.

:       0       248

H.MJ.Gunathilaka Wednesday, 08 July 2020 02:30 PM

ඔය දීපු සහන ඡන්දෙ ඉවරවෙලා බඩුමිලෙන් අල්ලයි..

:       0       197

Bandara Wednesday, 08 July 2020 02:33 PM

දැක්මක් නැති දේශපාලුවන්. රනිල් විදුලි බිල ගැන මැතිවරණ වේදිකාවල කිය කිය යන නිසා, දුන්න පොරොන්දුවක්...

:       123       160

Prabq Wednesday, 08 July 2020 02:50 PM

කරනකම් විශ්වාස නැත. මීට පෙර විදුලි බිල පෙන්වා නිවැරදි කරගත හැකි බව මාධ්‍ය වලින් ප්‍රකාශ විණි. නමුත් විදුලි බල මණ්ඩලයට ගිය අයට හිස් අතින් හැරී එන්නට විය...

:       5       164

රට වැසියා Wednesday, 08 July 2020 03:21 PM

බිල දෙගුණයක් කරලා එ්කෙන් භාගයක් රජය ගෙවනවා. හරිම හොඳ රජයක්....

:       25       481

මෙහෙම ඇන්දිල්ලක්Wednesday, 08 July 2020 08:31 PM

මහජන සල්ලි (= රජයේ මුදල්)... තව විදිහකින් කිවහොත් අපේම සල්ලි වලින් එවුන් වැරදියට ගණන් හදපු විදුලි බිල කොටසක් ගෙවනවා.. ඡන්දෙට මිනිසුන් අන්දන්න. මේ පොලිටික්කන් තව මහජන මුදල්වලින් සැප වාහන සහ පිරිවර නඩත්තූ කරගන්න උපරිම සැප විඳින ගමන් ලැජ්ජා නැතිකමට පෙන්වන්නේ හරියට ඔවුන්ගේ සල්ලි වලින් කරනවා වගේ... අප්පිරියයි. වෙනරටක නම් වුණු බිලේ වැරද්ද පිලිගෙන ඒක හදවලා, මහජන සේවය ලබාදෙනවා...

:       0       410

Nishantha Wednesday, 08 July 2020 04:53 PM

මෙයාලා බොරුවට විදුලි බිල ඉහළට දාලා දැන් අඩු කරනවා.

:       0       131

nilantha gamage Wednesday, 08 July 2020 05:24 PM

ගණනය කිරීමේ වරදකින් වූ දෙයකට වන්දි ගෙවන්නේ වංචනිකයන් විතරයි. වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසම්ද ඒ දුක...

:       0       5

Perera Wednesday, 08 July 2020 07:20 PM

එක එක උප්පරවැට්ටි යොදා ජනතාව රැවටීම ඉතා පහසු බව මෙහි දමා තිබෙන සමහර කමෙන්ට්වලින් පැහැදිලියි.

:       0       213

බද්රානි Wednesday, 08 July 2020 09:30 PM

අනේ! මගේ බල්ලට වත් එපා ඔය දෙන සහන... ගෙදරට ලයිට් බිල එව්වට පස්සෙද ඔය කියන සහන මතක් උනේ?

:       6       298

sampath Wednesday, 08 July 2020 11:19 PM

බිල් හදා තිබෙන ක්‍රමය සම්පූර්නයෙන් වැරදි, එය වංචාසහගත ලෙස මුදල් ගසා කැමක්, සාමාන්‍ය මාසික බිල රුපියල් 4000ක් නම්, බිල් පත් එවා ඇත්තෙ රුපියල් 8000ක් ලෙස, එමගින් කිසිඳු සහනයක් ඇති නොවේ. මේ ආණ්ඩුවත් බොරුවෙන් ගෙනියන්නෙ කවුරුවත් අපෙක්ෂා නොකරපු ලෙස.

:       0       145

Indhika Thursday, 09 July 2020 01:16 AM

අපේ වහලා තිබ්බ ගෙදර ලයිට් බිල පස්ගුණයක්.. වෙනදා 200යි.., මේ පාර 1050යි. අපි නැති අතරේ කොරෝනා වෛරස් ඇවිල්ලා ජීවත් වෙලාද?

:       0       150

abilin Thursday, 09 July 2020 02:28 AM

කොරෝනා නිසා දුන්නු සලාක හොඳටම ඇති, බීජ ඇට පැකැට්ටුව, 5000, පොහොර, 100 ට සැමන්, පරිප්පු.

:       0       15

amareFriday, 10 July 2020 02:50 PM

දුන්නා දුන්නා....

:       0       0

Bamunuarachchi Thursday, 09 July 2020 04:21 AM

වැඩ නැති කාලයේ ගෙදර ඉඳන් කාමරවල ෆෑන් ලයිට් දාගෙන ටීවී බලන්න විදුලිය පාවිච්චිකරලා බිල වැඩි වෙලානම් සහන දෙන්න එපා. එය අනිකුත් බිල් ගෙවන අයට කරන අසාදාරණයක්.

:       66       0

Bamunuarachchi Thursday, 09 July 2020 04:26 AM

ගෙදර ඉන්න කීවාට කාමරවල ෆෑන් ලයිට් දාගෙන ටීවී බලන්න කීවේ නැහැනේද? මොනවාද මේ රජයක් කරන වැඩ?

:       1       26

RIHAN Thursday, 09 July 2020 04:47 AM

ඡන්ද ගුන්ඩුවක්ද දන්නේ නැහැ.

:       0       0

අස්රෆ් අමීන් Thursday, 09 July 2020 05:09 AM

අදහසනම් හොඳයි. ඡන්දෙට කලින් සහනය දුන්නොත් ගොඩ තමයි.

:       1       0

Gamma Thursday, 09 July 2020 12:33 PM

නියම ක්‍රමය විදුලිබිල වැඩිකරලා ඒකෙන් 10% අඩුකරලා මිනිස්සුන්ව ගොනාට අන්දවලා අඩුකළා කියලා හරියට මේක විදුලි ඇමැතිගේ සාක්කුවෙන් දෙනවා වගේ කතා කරන්නේ. රජයේ මුදල් කියන්නේ අපේ මුදල් කරන දෙයක්... ඡන්දෙන් ඉස්සෙල්ලා කරන්න. ඡන්දෙන් පස්සේ නම් මුකුත් අපිට ලැබෙන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 330 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 673 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 803 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 608 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 170 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1787 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site