අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (2) ලක්ෂ හය ඉක්මවා ගියේය.
අද (2) පස්වරු 6 වනවිට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 6,04,641ක් වන අතර විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 2,26,947කි. නව කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 3,59,860කි. ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 17,834කි.
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ද ඉන්දියාව මේ වනවිට පියවර ගෙන ඇත. මේ තත්ත්වයත් සමඟ දෛනිකව ශීඝ්‍රයෙන් වැඩි වන ආසාදිතයන් සමඟ ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වයිරසය පැතිර යෑම පාලනය කිරීමේ දැඩි අරගලයක නිරත වී සිටිති.
ඉන්දියාවේ වෛද්‍ය පහසුකම් ධාරිතාව ඉතා සීමිත අතර දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ එරට සෞඛ්‍ය පද්ධතියට අමතර බරක් එල්ල වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පැනවූ සීමා ලිහිල් කිරීමේ දෙවැනි අදියර සඳුඳා ආරම්භ වූ අතර ඒ අනුව තවත් ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා වේ. කෙසේ නමුත් ඉන්දියාවේ ජනාකීර්ණම නගර ද තවමත් ලොක්ඩවුන් සීමා පනවා ඇත.
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,80,298කි. තමිල්නාඩුවෙන් ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 94,049ක්, දිල්ලියෙන් 89,802ක් සහ ගුජරාට් ප්‍රාන්තයෙන් 33,232ක් වශයෙන් ඊයේ පස්වරු වනවිට වාර්තා වී තිබණි.
මේ අතර ඉන්දියාවෙන් අද පස්වරු අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 19,148කි.
එන්.ඩී.ටීවී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ තිබෙන මේ අතිශයින් භයානක තත්වය ගැන අපත්, බොහෝ පරිස්සම් විය යුතුයි. මන්දයත්, ඉන්දියාව යනු අපට කිට්ටුවෙන්ම තිබෙන රටයි... නීත්‍යානුකූලව රට තුළට පැමිණෙන අය ගැන වගකීමක් තිබුණත් අනවසරයෙන් රට තුළට සීඝ්‍රයෙන් පැමිණෙන කේරළ ගංජා හා මත්ද්‍රව්‍ය ආදිය ගෙනෙන්නන් මාර්ගයෙන් මේ වෛරසය අනතුරුදායක අයුරින් රට තුළට ප්‍රවිශ්ඨ විය හැකියි නේද..? මේ මත්ද්‍රව්‍ය ගෙන එන්නන් හා මත්ද්‍රව්‍ය කොතරම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තද ඒවා ගෙනඒමේ අඩුවක් නම් නැත. ගෙනෙනා සියල්ල ආරක්ෂක අංශවලට හසු නොවූ අවස්ථා ඇත. එවන් අවස්ථාවන්වලදී වෛරසය රටතුළට පැමිණීමට හැකියාවක් තිබෙනවා නොවේද? එබැවින් මේ නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය ගෙනෙන අයට මීටවඩා දැඩි පියවර ගත යුතුයි නේද? මොවුන් මේ සෙල්ලම් කරන්නේ රටේ ජනතාවගේ ජීවිතත් සමග නොවේද? මෙසේ කරන අයගේ දේපලද රාජසන්තක කොට ඔවුන් හට නීතිමඟින් දැඩි දඬුවම් පැමිණවිය යුතුය. එය රටේ ආරක්ෂාව, මහජනතාවගේ ආරක්ෂාව පිණිසය..
ඉතාලිය දෙස බලන්න.