IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉතාලියද පසු කරයි

කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඉන්දියාව, ඉතාලිය ද පසුකර ගොස් ලෝකයේ 06 වන ස්ථානයට පත්ව තිබේ.
 
මේ වනවිට ඉන්දියාවෙන් තහවුරු වී ඇති සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 236,657ක් වන අතර ඉතාලියේ ඒය 234,531කි.පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය.

ඉන්දියාවේ මේවනවිට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 6,649කි.

දින කිහිපයක් තිස්සේ ඉන්දියාවෙන් දෛනිකව රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි පීඩනයකට ලක්ව ඇතැයි වාර්තා වේ.
 
මුම්බායි හි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙමින් පවතින බවත් දිල්ලි නගරයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

සීඝ්‍රලෙස ආසාදිතයින් වැඩි වුවද සඳුදා(08) සිට සීමා ලිහිල් කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ් අනුව කඩ සාප්පු, පූජනීය ස්ථාන, අවන්හල් සහ කාර්යාල නැවත විවෘත කිරීමට නියමිතය.

බෝවන රෝග පිළිබඳ මහාචාර්යවරයෙකු හා පර්යේෂකයෙකු වන ගෞතම් මෙනන් පවසා ඇත්තේ අගුලු ඇරීම හැර වෙනත් විකල්පයක් ඉන්දියාවට නොමැති බවයි. දැවැන්ත ජනගහනයක් සහිත ඉන්දියාවේ මෙතරම් කාලයක් අගුල් දමා තිබීම දුෂ්කර බවත් ඒය ආර්ථික හා සමාජයීය කඩා වැටීමකට හේතුවිය හැකි බවත් ඔහු පවසයි.
 
(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (2)

ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉතාලියද පසු කරයි

රවින් Saturday, 06 June 2020 12:13 PM

එක්සත් ජාතීන්ගේ ජනගහන කොට්ඨාශයේ 2020 ඇස්තමේන්තු අනුව ඉන්දියාවේ ජනගහනය බිලියන 1.38 ඉතාලියේ මිලියන 60.4 ඉන්දියාවේ ආසාදිතයින් 236000 කි... ඉතාලියේ 234000කි. තව විදියකින් වොත් මිලියන 60ක වැඩිපුර ජනගහනයක් ඉන්නා අපේ අසල් වැසියාගේ ආසාදිත සංඛ්‍යාව හා ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව නොගැලපෙන ලෙස ගලපා ඇති බව නේද? ප්‍රතිශතයක් ලෙස (ජනගහන ඇස්තමේන්තු අනුව) ඉන්දියාවේ ජනගහනයෙන් 0.0171% ප්‍රමාණයකුත් ඉතාලියේ 0.3878% ක්ද ආසාදනය වී ඇත. මෙහිදී අපිට වඩාත් වැදගත් වන්නේ අසල්වැසියාගේ ආසාදිත තත්වයන්ය. මොකෝ අල්ලපු ගෙදර අයවලුන්නේ...

:       0       11

Rata Perata Sunday, 07 June 2020 08:10 AM

අපේ රටේ ආසාධිත සහ මෙම වසංගතයෙන් මැරුණු ඇත්ත ගණන් මීට වැඩිය වෙනස් බව මගේ විශ්වාසයයි. අපේ රටේ පාලකයෝ හැමදාම කලේ ඡන්දෙ ගන්න සංදර්ශන විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site