
( තිළිණි ද සිල්වා)
ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි යුද කලාපයක් වන ටයිග්‍රේ ප්‍රදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 38 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මෙලෙස මුදා ගනු ලැබුවේ ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු වූ පිරිසකි.මෙම පිරිසෙන් බහුතර කාන්තාවෝ වෙති.
විදේශ අමාත්‍යාංශයේ උපදෙස් මත එරට අඩිස් අබාබා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ සිදු කළ සාකච්ඡාවකින් පසුව මෙම ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගැනීමට හැකි වූ බවද එම අමාත්‍යාංශය කීය.
මෙම ලාංකිකයන් පිරිස සමග ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ සිරවී සිටි තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් එම ප්‍රදේශයේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, මේවන විට සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබෙන බවද ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙම සියලුම ලාංකිකයින් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.
ඉතියෝපියාවේ බෙදුම්වාදී සංවිධානයක් වන ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය විසින් ඉකුත් දා ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කරනු ලැබූ අතර එම මෙහෙයුම් අනුව මෙම පිරිස බේරා ගැනීමට හැකිවී ඇත.
COMMENTS
බලාගෙන ගියාම ලංකාවේ මිනිස්සුත් නැති තැනක් නේ...
මම එක සැරයක් ඝානා වල අක්කා ඉඳලා කිමී 1000ක් විතර දුරින් තියෙන WB ව්‍යාපෘති එකකට CFO හැටියට පෝස්ට් කරලා හිටියා ටික කාලයක්. බෝල්ගැටන්ගා (බොල්ගා) පළාතේ... හරිම දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක්... එක දවසක් මම ළඟ පාරේ අයිනේ තියෙන පුංචි කඩේකට ගියා පොඩි පොඩි බඩු ටිකක් ගන්න. රාක්ක වල තියෙන දේවල් බලාගෙන යනකොට, එකපාරටම සිංහල අකුරු තියෙන පැකට් කීපයක් පෙනුනා. පුදුම කලබලෙකින්, මේ මොකක්ද කියලා බැලුවේ. ඒ මැලිබන් ලෙමන් පෆ් පැකට් ගොඩක්. එච්චර ඈතට ලංකාව කොහොමද ආවේ කියලා කියන්න බැරි සතුටක් ඇති වුණා.
විලි ලැජ්ජයි. දෙදහස් පන්සිය වසරක ඉතිහාසෙ කට ඇරියොත්... ජාතිය වෙනුවෙන් මැරෙන්නයි සූදානම... කොහොමද හැත්තෑ වසරක කෙරුවාව...? ඉස්සර බඩගිනි කාරයෙක් කනකොට අහන්නේ ඉතියෝපියාවේ ඉදලාද ආවේ කියලා... අද ඒ රටේ ඇඟලුම් කම්හල් වලට අපේ කාන්තාවො.