(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ.
එම ගිවිසුම අධ්‍යනය කර සතියකින් පමණ වාර්තාවක් ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
සතියේ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (20) උදේ 8.30 ට පමණ රැස්වූ අතර එහිදී එම ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
යෝජිත ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතුව ඇතැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත.
ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම යටතේ ඇමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නවීකරණය හා ඉඩම් පරිපාලන ගැටලු නිරාකරණය වෙනුවෙන් පිරිනැමෙන මෙම මුදල වාරික කිහිපයක් යටතේ වසර 5 ක් තුළ ලබාදීමට යෝජනා වී ඇත.
COMMENTS
බයවෙන්න දෙයක් නැහැ. එතකල් දුවන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් එහෙම ණයක් ගත්තනේ. ඒ ටික ඉවර උනාම පුලුවනිනේ?
ඒ සල්ලි ගත්තත් වියදම් කරන්න යන්නේ රටටවත් ආර්ථිකයටත් ඉක්මන් ප්‍රතිපලයක් නොලැබෙන වැඩකට නම් ඇති පලක් නැහැ.
ඡන්දේ පහු වෙනකම් අයියෝ. ඊට පස්සේ පස්සේ අපි ඔයාලට දෙන්නම්
ගිවිසුම හොඳට අධ්‍යනය කර අත්සන් කල යුතුව ඇත. පරිත්‍යාගයක් සඳහා ගිවිසුම් අවශ්‍ය නොවේ. මෙහි යම්කිසි රටට අහිතක් වෙන යමක් ඇති වග පෙනී යන නිසා ජනාධිපතිතුමා හරි.
ඉක්මනට ගන්න පුළුවන් නම් හරි.
ඇති යාන්තං ඒ ගැටෙන් ගැලවෙන්න තරම් නුවණක් මෛත්‍රිට පහල වුනා.
MCC හා SOFA තාවකාලිකව හෝ නැවත්වීම ගැන මෛත්‍රී ඔබට ස්තුතියි.
මේ මුදල ණයක් නොව පරිත්‍යාගයක් . මොහු මෙය අත්සන් කරන්න ජනවාරියට කල් මරන්නේ මෙය වික්‍රමසිංහ රජයට ලැබෙන නිසා රජය සමහ ඊර්ශාවත් ඇතිකරගෙන සාටකයන් බලයට ඒවි කියා හිතාගෙන ඔවුන්ට මේ මුදල උන්ගේ රජයක් යටතේ ලබා ගන්නට පාර කැපීමයි ? බොරුනම් බලන්න මොන සාටකයා ඉල්ලුවත් පරාජය නියතයි .
කිසි ප්‍රශ්නයක් නැත, ඔය සහයෝගී තාවය ගැන අපි හොඳට දන්නවා, එයාල ඔය වගේ සහයෝගීතාව දුන්නු රටවල් අදටත් ගහ මරාගන්නවා, ලෝකේ බහුතරයක් මේ අවස්ථාවේ යුද්ද පවතින රටවල් වල යුද්දයට හේතුව හොයාගෙන ගියාම අන්තිමේ කොනක ඉන්නේ ඇමරිකාව.
වසර 2000දි යුඑන්පි මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න යද්දී විමල් වීරවංශ කෑගහල එක නැවැත්තුව. 2005 මහින්ද ආවම ගෝඨා ඒ ක අත්සන් කළා. වීරවංශලා සද්ද නැතුව හිටිය. දැන් ආයෙත් ඒකම වෙන්නයි යන්නේ. බලන්න බැරිය ගෝඨා ආවම මේක අත්සන් කරන හැටි.
රටට කෙටි කාලීන යම් අපහසුතා ඇති වෙන්න ඉඩ තිබුණත් මේ තීරණය කාලෝචිත නිවැරදි තීරණයක්. මොකද පවතින වාතාවරණය අනුව ආර්ථිකට වඩා රාජ්‍ය ආරක්ෂාව වැදගත්. වත්මන් හමුදාපති පත් කිරීම තුළ එය වඩාත් තහවුරු වුණා.
ඇමෙරිකානුවන් ගොඩබැහැපු හැම රටකම .. " අද තියෙන්නේ යුද්ධ පමණයි "