IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකානු අධිකරණයෙන් චෝදනා එල්ලවූ පාස්කු ප්‍රහාරකයන් ගැන සාකච්ඡා

 

(තිළිණි ද සිල්වා)     

                                 
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් ඇමරිකා සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා අධිකරණයෙන් අපරාධ චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලාංකික සැකකරුවන් සහ ඇමෙරිකාවේ පවතින එල්ටීටීඊ හිතවාදී සංවිධාන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඇමෙරිකාවේ වොෂින්ටන්හී ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා එරට අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ඇත.
 
ඉහත චෝදනා පිළිබඳව පසු විපරම් කිරීමේ අරමුණෙන්  සඳහා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී  ඩෑන් ස්ටිගල් සහ එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡා කළ බවද වොෂින්ටන් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
 
මෙවැනි අපරාධ කරුවන්ට මෙන්ම එක්සත් ජනපද නීතිවලට පටහැනිව ත‍්‍රස්තවාදය හා මරාගෙන මැරීමේ  ත්‍රස්ත ක්‍රියා උත්කර්ෂයට නංවන ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන එල්ටීටීඊ හිතවාදී සංවිධාන වඩාත් සමීපව අධීක්‍ෂණය කරන්නැයි ද  තානාපති රවිනාථ ආර්යසිංහ මහතා  ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තු බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.
                                                 
2019 අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේ දී “අයි.එස්.අයි.එස් වෙත ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එරෙහිව ලොස් ඇන්ජලීස් හි දිසා අධිකරණය විසින් මීට මාසයකට පෙර චෝදනා ගොනු කෙරිණි. 



අදහස් (5)

ඇමෙරිකානු අධිකරණයෙන් චෝදනා එල්ලවූ පාස්කු ප්‍රහාරකයන් ගැන සාකච්ඡා

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 February 2021 07:54 AM

දැන් හෝ යමක් කිරීමට තානාපති වරයාට බුද්ධිය පහළවීම සතුටට කරුණකි. ඒත්, මෙතෙක් කල් තිබියදී, මේ වෙලාවේම මේ කරන උත්සාහය මානව හිමිකම් ප්‍රශ්නය හා බැඳීමක් ඇති සේ පෙනෙන්නට හැකියි නේද? ඒ වගේම සිවිල් පරිපාලන නිලධාරීන් සිටියදී, ඉහළ තනතුරු සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදාගැනීම, නීතිය පක්ෂග්‍රාහී අයුරින් යෙදවීම ගැනත්, නැවතත් සිතා බැලිය යුතුයි නේද? කෙසේ වෙතත්, මෙහිදී මේ රටේ ඇතැම් දේශපාලකයන් ජනතාව පීඩනයට පත්කොට අයුතු අයුරින් උපයාගෙන පිටරටවල තබා ඇති මුදල් සංචිත තහනම් කිරීම නැමැති යෝජනාව නම් අගනේය.

:       0       17

Ashan Monday, 22 February 2021 09:34 AM

සිද්ධිය වූ ලංකාවේ ඒ පිළිබඳ කිසිවක් නොකර අනිත් රටවලින් මොනවද කරේ කියලා අහන එක විහිලුවක්. අපේ කොමිශන් වාර්තාව වටේ කරකවනවා. ඇමරිකාව හිතනවා ඇති අපිට පිස්සු කියලා..

:       0       26

බද්රානි Monday, 22 February 2021 03:06 PM

ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසි සිංහල අයි.එස්. කාරයින් ගැන වෙන්න ඇති නේද? මේ කියන්නේ? විදේශිකයින්ට අතින් වියදම් කරගෙන අපේ රටේ බෝම්බ පත්තු කරන්න තරම් මොලේ අමාරුවක් නැහැ. ඒක බොරු පුවත් මවන ලෝකල් ඇමරිකන් කාරයෝ දැන ගත්තොත් හොඳයි. නැවත ඉපදුණාම, රටක්, ජාතියක්, ආගමක් ජාතකයක් වත් නැති සරණාගතයින් තමයි මතු ආත්මෙක...

:       3       6

Rata Perata Monday, 22 February 2021 06:49 PM

දැන්නම් අපිටත් විශ්වාස නැහැ. අපේ රට පාලනය කරන්නේ මොන රටෙන්ද කියලා..? පාස්කු ප්‍රහාරය කාලේ නම් ඇමෙරිකාවෙන් වගේ මේ පරීක්ෂණවලින් පේන්නේ...

:       0       3

chandanaWednesday, 24 February 2021 06:42 AM

බද්‍රානිගේ පටු අදහස පිළිකුලෙන් යුතුව ඉවත දමා ඔබගේ පරිකල්පනය අගය කරමි. විශ්වාස කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site