IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමති සරත් ෆොන්සේකාටත් නීතිය ක්‍රියාත්මක වෙනවාද’යි මන්ත්‍රී විමසයි

(  නාලක සංජීව දහනායක)

ආරක්‍ෂක රැකවලූන් ලෙස පාතාල සාමාජිකයන් පස්දෙනෙක් යොදාගත් බවට චෝදනා එල්ලවන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අමාත්‍යධූරයෙන් ඉවත්කර ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්නේදැයි අග‍්‍රමාත්‍යවරයා වහාම ප‍්‍රකාශ කළ යුතු යැයි ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.

  මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිව්ස් වෙබ් අඩවිය සහ ලංකාදීප පුවත්පත ඊයේ (17) වැනිදා ප‍්‍රවෘත්ති පළකර තිබූ බවත්, අදාල ප‍්‍රවෘත්තිය ගලවා දමන ලෙස අමාත්‍යවරය විසින් නෙත් නිව්ස් වෙබ් අඩියේ මාධ්‍යෙවිදීන්ට තර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා අද (18) පැවසීය.

               මන්ත‍්‍රීවරයා මෙසේද කීය.   
           
මෙරට ක‍්‍රියාත්මන කේරළ ගංජා ව්‍යාපාරයට සම්බන්ධ ජාවාරම්කරුවන් පිරිසකට රජයේ අමාත්‍යවරයකුගේ සහය ලැබෙන බවට නෙත් නිව්ස් වෙබ් අඩවියේ පළවූ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇතිවුණා. හේවාවසම් අත්තනායකලාගේ අරුණ ශාන්ත නොහොත් පොලිස් නැමැති පාතාල සාමාජිකයා සරත් ෆොන්සේකා මහතාගේ උත්සව කිහිපයක සිටින ඡායාරූප ඒ වෙබ්අඩවියේ පළවුණා. ඒ සියල්ලම නෙත් නිව්ස් වෙබ් අඩවියෙන් ගළවා දමන ලෙස මෙම අමාත්‍යවරයා විසින් බලපෑම් කරන බවත් අපට තොරතුරු ලැබී තිබෙනවා. 
    
 එමෙන්ම රජයේ එක්තරා ඇමතිවරයෙක්ට පාතාල සාමාජිකයන් පස්දෙනෙක් ආරක්‍ෂකයන් ලෙස සිටින බව (17) ලංකාදීප පුවත්පතේ පළවී තිබුණා. 

මේ ගැන මම පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළා. ඇමතිවරයාගේ තරාතිරම නොබලා තීන්දු තීරණ ගන්නා අගමැතිවරයා පැවසුවා. කේරළ ගංජා තොගයක් සමඟ ගිහාන් සඳරුවන් නැමැති පුද්ගලයකු පෑලියගොඩ නීතිය බලගැන්වීමේ ඒකකයෙන් අත්අඩංගුවට ගත්තා. ඔහුව නිදහස් කරන්න බලපෑම් කළ ඇමතිවරයා පිලිබඳව ආණ්ඩුව හෙළිදරව් කළ යුතුයි. 

ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැුල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

(ඡායාරූපය - ඉෂාන් සංජීව)



අදහස් (6)

ඇමති සරත් ෆොන්සේකාටත් නීතිය ක්‍රියාත්මක වෙනවාද’යි මන්ත්‍රී විමසයි

senaka Wednesday, 18 July 2018 11:58 AM

බලාගෙන ගියාම අද රටේ මත්කුඩු ව්‍යාපාරය පසුපස සිටින්නේ අපි ඉතා පිරිසිදු යයි සිතා සිටින දේශපාලකයින්. මෙය ඉතා කණගාටුදායක තත්වයක්. මේ ළඟදී මෙතුමා කියා සිටියා නේද මත්කුඩු මර්ධනය සඳහා පොලිසිය තවමත් අනුගමනය කරන්නේ යල් පැන ගිය ක්‍රමයක් කියා. එසේ කියා සිටියේ තමන්ගේ වැරදි වසා ගැනීමට වත්ද?

:       3455       3500

senarath Wednesday, 18 July 2018 01:01 PM

මොහු 2010 දී ජනපති වුණානම් කොහොමද? මොහු ලසන්ත ඝාතනය ගැන කියන කතාවේ ඇත්ත දැන් අපට හිතාගන්න පුළුවන්. ආරක්ෂාවක් ඇත්තටම ඕනේ නම් හමුදාවේ ඕනේ තරම් දක්ෂ නිලධාරින් සහ සෙබළු සිටිනවා. මොහුට තියෙන්නෙත් විකෘති ආශාවන්... මොහුත් පුනරුත්ථාපන කඳවුරකට යවන්න ඕනේ...

:       1918       2006

pjFriday, 20 July 2018 12:33 AM

මොහු 2010 දී ජනපති වුණා නම් තාජුඩීන් තවම ජීවතුන් අතරය. ඉතිරිය ලියන්න මෙහි ඉඩකඩ මඳය.

:       0       301

Bandara Wednesday, 18 July 2018 02:23 PM

ඡන්දෙ දිනලා අපු මිනිහෙක් නෙමෙයිනේ. අගමැති විසින් රාජපක්ෂලාට බනින්න... මන්ත්‍රීපට්ටමකුයි, ඇමැති පට්ටමකුයි දීලා පාර්ලිමේන්තුවට ගත්තේ එ.ජා.ප සාමාජිකයෙක් වත් නොවන පුද්ගලයෙක්... කිසිම දේශපාලන දැනුමක් නැති, රටට වැදගම්මක් නැති, ඔහේ අාවාට ගියාට පළිගැනීමේ චේතනාවෙන් සැමදා දොඩවන අසික්කිත ගති පැවතුම් වලින් පිරි අඥාණ පුද්ගලයෙක් ගෙන් ඔයිට වැඩියේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. එ.ජා.ප යේ ඡන්ද 70,000 කට වැඩියේ ගත්ත මිනිස්සු අදත් ගෙදර ඡන්ද 5,000 ක් වත් ගන්න බැරි මිනිහ ඇමති... එ්කෙන්ම පේනවා රටට වෙලා තියන දේ.. දැන් සැපද...?

:       2120       2214

rasika Wednesday, 18 July 2018 02:30 PM

දැන් රජයේ ඇමැතිකෙනෙක් වුනාම ඔක්කොම වැරදි වහගන්න පුළුවන්... යුද්ධයේදී මොහු කරපු සේවය අගය කරනවා. මොහු වැන්නන් යුද්ධයේදී හොඳින් පාලනය කිරීම ගැන පසුගිය රජයට ස්තුතිය දෙන්න ඕනේ. දැන් මොහු වැරදි කරනවා නම් ඒවාට දඬුවම් දෙන්න ඕනේ. ඒ වගේම, මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හොයන්න ඕනේ. මෙයා ඉස්සෙල්ලත් ඒවා කළා වෙන්න පුළුවන්... මෙයාගේ වැරදි වහගන්න වෙන අයව අල්ලන්නේ... ඕනෑම කෙනෙක් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව වැරදි කළොත් දඬුවම් දෙන්න ඕනේ. අන්න එහෙම යහපාලනයක් තමයි අපි 2015න් බලාපොරොත්තු වුනේ. එහෙම නැතිව තෝරාගත් පිරිසකට විතරක් නීතිය ක්‍රියාත්මක කරන්න නෙමෙයි.

:       1614       1121

GettupaalaThursday, 19 July 2018 12:13 AM

කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 153 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 158 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 161 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 387 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 434 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 759 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site