(නිශාන්ත කුමාර)
මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කීපයක අද (22) අලුයම 3.30 ත් 4.00 ත් අතර භූ කම්පන තුනක් සිදුවූ බව ඇකිරිය ගම්වාසීහු පිරිසක් පැවැසූහ.
අද අලුයම 3.30, 3.38 ට හා අලුයම 3.56 ට මෙම භූ කම්පන සිදුවූ බවත් මහ හඬක් නංවමින් හා පොළව දෙදරුම්කමින් තත්පර තුන හතරක පමණ කෙටි කලක් මෙම භූ කම්පන පැවති බවත් ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරෙකු වන ප්‍රියන්ත දිසානායක මහතා පැවැසීය.
භූ කම්පනයත් සමගම ඇතැම් නිවාසවල වහල සෙලවී ගිය බවත් ඇතැම් ප්‍රදේශවලට විශාල හඩක් දැනුනු බවත් ඇකිරිය ප්‍රදේශයේ හේන් යායවල ගොවීහු පිරිසක්ද කියා සිටියහ.
කෙසේ වෙතත් මෙම භු කම්පනවලින් කිසිදු ජීවිත හෝ දේපල හාණියක් සිදුව නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිකන්දක්වත් සක්‍රීය වෙනවද?
අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති වල විපාක විඳින්න වෙන කාලය වැඩි ඈතක නැහැ වගේ...!!!
අහිංසක මිනිස්සුන්ට හානියක් වෙන්න නම් එපා. වෙන භූමිකම්පාවක් දියවන්නාව පැත්තේ වෙන්න.
පොළව පැලෙන බේගල් ඇදබාන පාලකයෝ ඉන්න රටක මෙහෙම නොවී කොහොමද? අසරණ, දුප්පත් මිනිස්සුන්ට හානියක් නොවීම ගැන මගේ බලවත් සතුට...
මම ඉන්නේ ජපානේ... මෙහෙ නිතරම භූමි කම්පා.. නමුත් මහ හඬවල් එන්නේ නැහැ. ගෙදර තියෙන බඩු මුට්ටු හෙළවෙන සද්දෙයි, බිත්ති සහ වහලෙ හෙල්ලෙන සද්දේ ටිකක් විතරයි එන්නේ සාමාන්‍යයෙන්... අර උඩින් චන්දිම කියලා තියෙන වගේ දෙයක්වත්ද?