IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආසියා ශාන්තිකර කලාපයේ අන්තර් රාජ්‍ය උපදේශක කමිටු සභාපති ධූරය ලංකාවට

(මනෝජ් හර්ෂික)

එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිසමේ අන්තර් රාජ්‍ය උපදේශක කමිටුවේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

එම කොමිසමේ කලාපීය අභ්‍යවකාශ භාවිත පිළිබඳ වැඩසටහනේ අන්තර් රාජ්‍ය උපදේශක කමිටුවේ සභාපති ධූරය එලෙස ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

එහි 23 වැනි සැසිවාරය තායිලන්තයේ බැංකොක් නුවරදී ඉකුත් දා පැවැත්විණි.

ආතර් සී ක්ලාක්  ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සැසිවරයාට සහභාගී විය.

එහිදි ශ්‍රී ලංකාව ඉහත කමිටුවේ සභාපති ධුරය සඳහා  ඒකඡන්දයෙන් තේරී පත්විය. පසුගිය 10 වසරක කාලය තුළදී ශ්‍රී ලංකාව සභාපති ධුරයට සිව් වරකදී පත්ව  තවත්  සිව් වසරකදී උප සභාපති ධුරයට ද තේරී පත්විය.

ආසියා ශාන්තිකර කලාපය තුළ ධරණීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ඒ සඳහා අභ්‍යාවකාශ තාක්ෂණ භාවිත ප්‍රශස්ත ලෙස දායක කරගැනීම මෙම උපදේශක කමිටුවේ අරමුණ වී තිබේ.

ඒ සඳහා වසර 12ක (2018-2030) සැලැස්මක් ද ක්‍රියාවට නංවා ඇත. කලාපීය අභ්‍යාවකාශ භාවිත පිළිබඳ වැඩසටහන් සමූහයක් එම වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වේ.

එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිසමට අයත් රටවල් 62කම ඉහත අභ්‍යාවකාශ තාක්ෂණ වැඩපිළිවෙළ මගින් ආවරණය වන අතර එම රටවල් අතරින් රුසියාව, චීනය, ඉන්දියාව, ජපානය, දකුණු  කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව,සිංගප්පූරුව, තුර්කිය ඇතුළු රටවල් 35ක් අන්තර් රාජ්‍ය උපදේශක සභාව නියෝජනය කරති.

මෙරට අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව කටයුතු කරන රාජ්‍ය ආයතනය ආතර් සී ක්ලාක් ආයතනය ඉහත අන්තර් රාජ්‍ය උපදේශක කමිටුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

පසුගිය දස වසරක කාලයේදී එම කමිටුවේ ක්‍රියාකාරීත්වය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

මෙම වැඩසටහන්වලින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් හිමිව තිබෙන අතර මෙරට ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් රැසකට  අභ්‍යාවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ විදේශිය පශ්චාත් උපාධිවලට හා වෙනත් විශේෂඥ වැඩසටහන්වලට සහභාගී වීමේ අවස්ථාව හිමිව ඇත.



අදහස් (0)

ආසියා ශාන්තිකර කලාපයේ අන්තර් රාජ්‍ය උපදේශක කමිටු සභාපති ධූරය ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site