IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ආපදා තත්ත්වය ගැන ජනපති දුක් වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කස්තුරි )

හදිසි ආපදා තත්ත්වය අසා තමන් බලවත් ශෝකයට පත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියාවේ සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියයි.

විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ද ලබාදුන් බව එහි වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතරම ජනපතිවරයා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් යන මහත්වරුන් දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස දන්වා තිබේ.
අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය මලින් ලබා ගැනීමටද උපදෙස් දී තිබේ.මුදා ගැනීමේ මෙහෙයුම්වලට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසද ජනපතිවරයා පවසා ඇත.



අදහස් (41)

ආපදා තත්ත්වය ගැන ජනපති දුක් වෙයි

Ranil Friday, 26 May 2017 11:59 AM

කුණුකන්ද වැටුණහම ඒක බලන්න යන්නේ නැතුව යාපනේ ගියා අවුරුදු සමරන්න. දැන් ඉක්මනට ලංකාවට එන්නේ නැතුව දුක්වෙනවා ඕස්ට්‍රේලියාවේ ඉඳලා. අනේ මේ වගේ නායකයෙක් වෙන කොහෙන් හොයන්නද ?

:       38       2041

ViduraFriday, 26 May 2017 12:44 PM

ජනාධිපතිතුමනි, ඔබතුමා කුණු කන්ද වැටෙනකොට කොහෙද හිටියේ?

:       23       171

kapilaFriday, 26 May 2017 03:18 PM

කවුරු කිව්වත් නැතත් හමුදාවෙන් තමයි සියලු ගලවා ගැනීම් කරන්නේ ....

:       0       59

sachiniSaturday, 27 May 2017 05:27 AM

අපේ ජනපතිතුමාටත් තමන් ඕස්ට්‍රේලියාවේ ගිය බව කියන්න ඕන නිසා මේ පණිවිඩය ලිව්වේ. ඒකත් එතුමාගේ කැමැත්තනේ...

:       0       4

handayaaSaturday, 27 May 2017 08:42 AM

දුකක් දැනෙද්දිත් ඉල ඇදෙන කතාවක්. ඔව් ඉතින් ඔබතුමාගේ කැමැත්තනේ... රනිල් මහත්තයත් ගියා. මාත් ඉතින් යන්න ඕනෙ...

:       0       0

චන්දා Friday, 26 May 2017 12:48 PM

පාලකයන් අධාර්මික වෙනකොට,... මෙහෙම නොවුණොත් තමයි පුදුම...

:       5       381

kasun Friday, 26 May 2017 12:50 PM

මේවා නම් මට අහලාම හොඳටම එපාවෙලයි තියෙන්නේ...

:       1       69

Dhanapala Friday, 26 May 2017 12:52 PM

වෙන රටවල නායකයෝ නම් මේ වගේ විපත්තියක් වුණහම බලන්න හරි එනවා..

:       2       181

Kumara Friday, 26 May 2017 01:04 PM

ලංකාවේ හිටියත්, නැතත් වෙනසක් නැහැ...

:       3       445

susantha Friday, 26 May 2017 03:01 PM

අඬලා, දුක් වෙලා වැඩක් නැහැ...

:       0       9

Lal Friday, 26 May 2017 03:28 PM

මේ ගැන විස්තරේ පත්තරේකින් දකින්න ඇති.

:       0       109

saman Friday, 26 May 2017 03:43 PM

කුණුකන්ද කඩා වැටිලා විපතට පත්වුණු අය බලන්න ලංකාවේ ඉඳලත් නොගියා නම් මේ සිද්ධිය දැනගෙන ඒවි කියල හිතනවද?

:       0       146

chaminda Friday, 26 May 2017 03:55 PM

කොහොමත් කියන දේවල් වලට දක්ෂයි වගේ... ඒ ඒ ස්ථානවල පන්සල්, පල්ලි නැත්නම් මේ අනාථ වුණ මිනිස්සු සදහටම අනාථයි. ඔබල දැකල තියනවද වෙන රටවල පුරවැසියෝ මේ විදියට ප්‍රශ්නයකට මූණ දුන්නහම මිනිස්සු පොදි බැඳගන ගිහින් උදව් කරනවා? අනිවාර්යෙන්ම ඒ රටේ ආණ්ඩුව මිනිස්සු පිළිබඳ සියළුම වගකීම් කරට අරගෙන සියළුම සහසුකම් සලසනවා. එ්ක ට අපේ රට, අර කන්ද නාය යයි.. මේ ගඟ පිටාර දායි කියලා දුවලා බේරෙන්න කිය කියා ඉන්නවා...

:       0       141

ධම්ම Friday, 26 May 2017 04:20 PM

ගිය වැඩටික කරගෙන නිවීසැනසිල්ලේ එන්න ජනපතිතුමනි. ඔබට රත්නත්තරේ පිහිටයි!

:       62       0

Shyaman Friday, 26 May 2017 05:33 PM

නායගිය තැන්වල, ගංවතුර ගැලූ තැන්වල ඔබතුමාත් හිටපු ඡායාරූපත් අලවන්නද, ඡන්දය දීපු අයගේ තනියටත් එක්කම....

:       0       44

Nishantha Friday, 26 May 2017 05:52 PM

ආපදාවක් වුණාම එතනට යන ජනහිතකාමී නායකයෝ අපේ රටේ හිටියි. නමුත් අපේ අයම තමයි ඒ නායකයෝ ඉවත් කලේ. දැන් ඉතින් තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්න කියන නායකයෝ තමයි ඉන්නේ....

:       0       19

Ismail Hussen Friday, 26 May 2017 06:27 PM

අනේ ජනපතිතුමනි, ඇත්තටම දුකද? අපිත් පව්...

:       0       5

Priyantha Friday, 26 May 2017 06:37 PM

හිටියත් ඉතින් මොනවා කරන්න කියලද? හැමදාමත් නෑනේ ඔන්න ඔහේ ගිහින් එන්න. මේ කට්ටිය මොනවා හරි කරයි.

:       0       18

චන්දා Friday, 26 May 2017 08:33 PM

මේ දවස්වල නම් ඕස්ට්‍රේලියා ඇවිත්... මෙහේ අපි ඉන්න පැත්තට ලයිට් පැය දෙකක් විතර නැතිව තිබුණා අවුරුදු ගණනාවකට පස්සෙත්...

:       0       1

PITIGALA MILANO Friday, 26 May 2017 08:44 PM

මැයි රැලි වලට කට්ටිය අදින බත් පාර්සල් න්‍යාය අනුගමනය කරලා හරි මේ අහිංසකයන්ගේ කුසට ඉක්මනින් මොනවා හරි දෙන්න.

:       0       4

පිටිගල මිලානෝ Friday, 26 May 2017 08:47 PM

ඔබතුමා වැන්නෙක් ජනාධිපති වීම අපටද දුකකි..

:       0       76

ramaniSaturday, 27 May 2017 09:20 AM

අනේ පිටිගල, අපිට දීපු යහපාලනය නේද මේ?... වැඩේ වන වෙනකොට ඔයාල සද්ද නැතුව මාරුවුණා නේද?

:       0       11

ponil Friday, 26 May 2017 09:00 PM

එහෙනම් දැන් අපි මොකක්ද කරන්න ඕනේ ...

:       0       1

siri Friday, 26 May 2017 09:12 PM

රටක පාලකයින් අධර්මිෂ්ට වෙනකොට ස්වාභාවික විපත් එනවා. එක වළක්වන්න බැහැ. එක්කෙනෙක් ගියපාර ගංවතුර වෙලාවේ කෙසෙල් ගෙඩිය බැගින් බෙදමින් පොටෝ වලට හිටිය මට මතකයි.

:       0       34

රාජුන් Friday, 26 May 2017 09:52 PM

ඔබතුමාගෙයි, ඇමතිවරුන්ගෙයි සමහර පිරිස් කැළෑ කපනකොට ගංගාවල් හාරමින් විනාශ කරනකොට ඇල වේලි, කුඹුරු ගොඩ කර කර ගොඩනැගිලි හදනකොට... මේවා මෙහෙම වෙයි කියලා නිකමටවත් හිතුනේ නැද්ද? නමුත් ජීවිත වලින් වන්දි ගෙවන්නේ, දුක් විඳින්නේ එදා වේල කන්න නැති, හරියට ඉන්න හිටින්න තැනක් නැති දුප්පත් අහිංසක අපි. අනාගතේදීවත් නිවැරදි නායකයෙක් ලැබෙයිද කියන එක හීනයක්...

:       0       46

peduru Saturday, 27 May 2017 12:02 AM

මෙහෙම ගියොත් ඉතින් නැති කඳුත් කඩන් වැටෙයි ....

:       0       5

saman Saturday, 27 May 2017 02:00 AM

මේ රටේ මිනිස්සු අන්ත අසරණ තත්වයකට පත් වුණහම හොයලා බලන්න අද මේ රටේ නායකයෙක් නෑ. අඩුම ගානේ පළාත්පාලන ආයතනයක් නෑ. පළාත් සභාවල කට්ටිය බලයට පොරකනවා. අසරණ මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිට තමා.... අනේ කලින් ආණ්ඩුව කාලේ මිනිස්සුන්ට මෙහෙම කරදරයක් වුනාම එතුමා කොතරම් ඉක්මනට මිනිසුන් අතරට ඇවිත් අවශ්‍ය කටයුතු සලසා දුන්නද?

:       1       221

Lapaya Saturday, 27 May 2017 02:48 AM

දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතු ච පිතෝ භවතු ලෝකෝච – රාජා භවතු ධම්මි කෝ..... කියලා ගාථාවකින් කිව්වට දැන් වතුරට ගහගෙන ගිහිල්ලද නැත්නම් රට ගිහිල්ලද?

:       0       27

සුරනිමල Saturday, 27 May 2017 03:15 AM

දැන් දුක්වෙන්නේ නැතිව දුකට පත් වුන මිනිසුන්ට පිහිටවීමයි අවශ්‍යතාවය....

:       0       4

savanth Saturday, 27 May 2017 04:07 AM

ඇත්තටම නියම නායකයෙක් නම් විපතේදී රට සවාරි යන්නේ නැහැ නේද?

:       0       17

thilina Saturday, 27 May 2017 05:19 AM

කිලිනොච්චි කඩ 50 ගිනි ගත්ත වෙලාවේ මාසයක් ඇතුලත ඒ කඩ හදල දීලා ලක්ෂ 50 ගානේ වන්දිත් ගෙව්වා..ශාලාවේ මිනිස්සු තාම හූල්ලනවා... සාමසර කන්දේ මිනිස්සු තාම කඳවුරුවල.. එකම රටේ මිනිස්සුන්ට දෙවිදිහකට සලකන්නේ ඇයි? ..

:       0       139

savanthMonday, 29 May 2017 03:05 AM

තමන්ට චන්දෙ දීල ඔය පුටුවට ගෙනාපු අයට කළගුණ සලකන්න ඕනනේ.

:       0       24

සුරනිමල Saturday, 27 May 2017 05:36 AM

අදහස් පල කිරීමෙන් පලක් නැති බව මට වැටහේ.... ඇත්තටම කුමකටද අනුන්ගේ අදහස්....?

:       0       1

amali Saturday, 27 May 2017 05:56 AM

අනේ ජනාධිපතිතුමනි, උතුරේ ගහක් කඩා වැටුණා කියල ආරංචි වුණානම් ඔබතුමාට ඕස්ට්‍රේලියාවේ ඉඳලා බෝට්ටුවේ එන්න බැරිද?

:       0       46

Kasun Saturday, 27 May 2017 05:59 AM

ඔයාලා හිතනවද රටේ මෙවැනි විනාසයකදී රටේ ජනතාවත් සමග සිටියි කියලා....පෙර ක්‍රියාවෙන්ම එය හොඳින් පැහැදිලි වේ...

:       0       12

Jeeva Saturday, 27 May 2017 06:13 AM

පිටරටවලත් නිතරම දුක් විඳින්නේ ඡන්දය දුන්න ජනතාවම තමයි. එහෙම කරලත් අපි ගැන නම් හිතන්නේ නැහැ මේ ගොල්ලෝ ...

:       0       2

Appuhami Saturday, 27 May 2017 07:46 AM

අපේ රටට කලින් හිටපු සහ දැන් සිටින නායකයා අතර වෙනස දැන් හොඳටම තේරෙනවා. මේ සිද්ධි කිහිපය හොඳටම ඇති. පව්... අසරණ මිනිස්සු...

:       0       37

Irosh Saturday, 27 May 2017 08:58 AM

ඔය දුක්වීම් ගැන හිතන්න බැහැ ... නැත්නම් ගංවතුරෙන් මිනිස්සු අසරණ වෙලා ඉන්න අතරේ කාර් පර්මිට් පාර්ලිමේන්තුවට ඒවිද?

:       0       23

Damith kasthuri Saturday, 27 May 2017 10:28 AM

අපිටත් ගොඩක් දුකයි ජනපතිතුමෝ... ඔබතුමාට ඡන්දෙ දීපු එක ගැන...

:       47       384

Appuhami Saturday, 27 May 2017 07:09 PM

යහපාලනය දැන් සනීපෙට දැනෙනවා. පව්!!! අපේ රටේ අසරණ ජනතාව...

:       0       24

Samantha Sunday, 28 May 2017 03:30 AM

රටේ ජනතාවට මොන දේ සිදුවුවත් නායකයෝ මාරුවෙන් මාරුවට විදේශ රටවල සංචාරය කරමින් හොඳින් වැජඹෙමින් ප්‍රසාදය දිනාගනිමින් සිටියා නම් හොඳයි කියලා විතරයි හිතන්නේ... ෆේස්බුක් හරි ට්විටර් පණිවිඩයක් නිකුත් කළාම හොඳටම ප්‍රමාණවත්නේ ජනතාවට සියළු ප්‍රශ්න අමතක කර සෑහීමට පත්වීමට... එහෙම නේද?

:       3       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 821 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1849 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2133 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1119 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 299 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2272 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site