(නිමල කොඩිතුවක්කු)

උත්සව සමයේ ගතවූ දින 10ක කාලය තුළ රුපියල් කෝටි 13ක් ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව උපයා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවැසීය.

අප්‍රේල් නම වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ මෙම ආදායම උපයා ගත් බවද පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

මෙම කාල සීමාව තුළ ඇතැම් දිනවල දෛනිකව රුපියල් මිලියන 13 ඉක්මවූ ආදායමක් උපයා ගත් බවද ඔහු පැවසීය.

කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය මගින් සීමා වීම හේතුවෙන් පසුගිය දිනවල දුම්රිය ආදායම දෛනිකව රුපියල් මිලියන තුනත් හතරත් අතර තිබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.