
(සිතුම් චතුරංග)
කන්කසන්තුරය සිට කොළඹ දක්වා ධාවනයවූ සීග්‍රගාමී දුම්රියේ වවුනියාව, කනගරායන්කුලම 288 කිලෝමීටර කණුව අසලදී වන අලියකු හැපීමෙන් අද (9) උදෑසන දුම්රිය පීලිපැනීමකට ලක්ව ඇතැයි වවුනියාව දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇනහිට ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
අද (9) උදෑසන 05.30 පමණ මෙම අනතුර සිදුව ඇති අතර වන අලියා ගැටීමෙන් දුම්රිය එන්ජිමට ද සුළු අලාභ හානි සිදුව තිබේ.
දුම්රිය පීලි පැමනීමෙන් කිසිවෙකුට හානි සිදු වී නැති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
අනතුර හේතුවෙන් දුම්රියේ ගැටුණු අලියා දුම්රියේ සිරවී ඇති බවත් අලියාගේ සිරුර ඉවත් කිරීම වවුනියාව වනජීවි නිලධාරීන් විසින් කටයුතු කළේය.
මියගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය වනජීවි පශුවෛද්‍ය බි.ගිරිදරන් මහතා විසින් පැවැත්වීමට නියමිතය.



COMMENTS
අපරාදේ තවත් අහිංසක අලියෙක්....
තාම බැරි වුණානේ වෝර්නින් සිස්ටම් එකක් දාගන්න. කතාව විතරයි. ඉන්දියාවේ මේ ගැන රිසර්ච් කරලා ක්‍රම කීපයක්ම හොයගෙන කරගෙන යනවා.