(නිමන්ති රණසිංහ)
ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානි ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසමුදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා වූ පියදාස දිසානායක යන මහත්වරුන් සම්බන්ධ අල්ලස් නඩුව ස්ථිර ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කිරීමට අධිචෝදනා ගොනුකිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට නිර්දේශ ලබා දී තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් කර ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීම සදහා අවසරය ලබා දෙන ලෙසට අල්ලස් කොමිසම අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නිර්දේශය ලබා දී ඇත.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබාගත් බව කියන සිද්ධියට අදාළ වූ මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම අගවිනිසුරුවරයාගෙන් මෙම නිර්දේශ ඉල්ලා තිබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දෙන්න ඔය සල්ලි කන්දරාව තනියම ගෙදර ගෙනිච්ච කියල හිතන්නේ නෑ මම නම්. ඕක සල්ලිවලින්ම අරන් ගණන් කර ගන්නවත් බැරුව අර කාර් එකක ඉන්න වෙලාවේ අල්ලගත්ත කියලනේ පත්තරවල තිබුනේ. ඉතින් සල්ලි මිටියක් ගැන ගන්නවත් බැරි අය කොහොමද ඔච්චර දෙයක් කොරන්නේ?