IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලා නීතීමය ලේඛන සිංගප්පූරුවට යවයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සදහා සිංගප්පූරු රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පුරුවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවා ඇතැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
 
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහපරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටී.
 
විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පුරූවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවා ඇති පිටු 21,000 ක් පමණ අඩංගු ගොනු වලින් සමන්විත අදාළ ලේඛන  නුදුරු දිනයක සිංගප්පූරූ විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දෙනු ඇතැයිද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.
 
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම ස`දහා සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකාණ්ඩුවට අවකාශ ලැබී ඇත.
 
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට පාඩු සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විදේශ ගතවු අතර ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් නොලැබිණි.
 
ඉන් වසර කිහියපකට පසු නීතිපතිවරයා විසින් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
 
එම නඩුව විභාගයට ගත් පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් විසින් අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලදී.
 
එලෙස වරෙන්තු නිකුත් කිරීමත් සමඟ අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින විත්තිකරුවකු සිය රටට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ අවශ්‍ය මුලික කරුණක් සම්පුර්ණ වීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය ලේඛණ ආදිය  නීතීපතිවරයා විසින් සකස් කරන ලදී.
 
ඒ ස`දහා පිටු 21,000 කින් යුත් ලේඛන අඩංගු ගොනු සකස් කළ නීතීපතිවරයා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා ආරක්‍ෂක අමාත්‍යංශයට බාර දෙන ලදී.
 
එලෙස බාරදුන් ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූරූ රජයට ඉදිරිපත් කොට මෙම නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවකු වන අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කොට එවන ලෙස උදර්පන නීතීය යටතේ සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කළ යුතුය.
 
ඒ අනුව එම පියවරයන් සම්පුර්ණ කිරීම සඳහා මේ වන විටත් ක‍්‍රමාණුකුළව පියවර ගෙන ඇතැයිද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.



අදහස් (3)

අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලා නීතීමය ලේඛන සිංගප්පූරුවට යවයි

thilak Thursday, 12 September 2019 10:07 AM

"පිටු 21,000 කින් යුත් ලේඛනයක්" අපරාදේ කඩදාසි...

:       0       56

Hafeel Thursday, 12 September 2019 12:22 PM

පිටු 21,000 ක්ම ඔවුන් කියවලා බලාවිද? මේකත් කල්මරන්න වැඩක් වගේ...

:       0       34

chandima Thursday, 12 September 2019 01:00 PM

ඉන්න තැනක්වත් හරිහැටි නොදන්න හොරෙකුට රටේ මහබැංකුව බාරදීපු රැලකට අායෙත් ඡන්දෙ දෙනවා නම් ඒ හරක්ම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 513 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site