(නිමන්ති රණසිංහ)
පාස්කු ප‍්‍රහාරය අයි එස් අයි එස් ත‍්‍රස්ත සංවිධානය සිදුකළ ප‍්‍රහාරයක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් එම ත‍්‍රස්ත සංවිධානය සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත්වූ බව කියන ව්‍යාපාරිකයකු ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රකාරව දින 30 ක කාලයක් රඳවා ප‍්‍රශ්න කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මඩකලපුව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචි අහමදු මොහම්මදු අර්සාද් නැමැති ව්‍යාපාරිකයෙකි.
කොළඹ කිංස්බරි හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන් සම්බන්ධ මහේස්ත‍්‍රාත් පරීක්ෂණයට අදාළව මෝෂන් පත‍්‍රයක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණී.
COMMENTS
මේ ප්‍රහාරයට සම්බන්ධ සියලු දේශපාලකයෝ සුව නින්දක තබලා කතෝලික ඡන්ද ටික ගන්න හාල් කෑලි අල්ලනවා. අපි තවත් රැවටෙමුද? නාගානන්ද මහත්තයා අනේ අපිට රටක් හදා දෙන්න ගෞරවාන්විතව ලෝකයට මුහුණ දෙන්න.
නාගානන්ද මහතාට කරලා පුරුදු දෙයක් බාරදෙන්න. කටයි, නඩුයි විතරයි අපි දැක්කේ... නඩුවක් දින්නා කියලා පත්තරේකවත් තිබුණාද?
කවුද මේ "නාගානන්ද" කියන්නේ? මොනවද දැනට මෙයා සමාජයට දැනෙන්න කරලා තියෙන්නේ? එහෙම නැත්නම් අර 2015 වගේ රට කන්න සළකා බලන්න පත්කරගන්න පොදු අපේක්ෂකයාද?
සිවිල් පුරවැසියෙක් විදියට දේශපාලකයින්ගේ දූෂණයට විරුද්ධව, විල්පත්තු විනාශයට එරෙහිව, කළ හැකි දේ එතුමා කළා.