(ඩයනා උදයංගනී)
සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) මාධ්‍ය හමුවක් පවත්වමිනි.
මේ වන විට ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් පෞද්ගලික පාසල් සහ පංති පැවැත්වීමද නවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බවද හෙතෙම පැවසීය.
මේ සිදුවීම් සම්බන්ධයෙන් මව්පියන් අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවද එහිදී අමාත්‍යවරයා කීවේය.
පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

( ළහිරු හර්ෂණ - ඡායාරූපය)
COMMENTS
ටියුෂන් එහෙමත් නවත්වන්න වෙයි. ඒවගෙ තැන්වලින් පෑතිරෙන්න පුලුවන් හැකියාව වැඩියි.
මීට හේතුවූ තත්වය පැහැදිලි නැත. ලංකාව පුරාම පාසල් වසනවා නම් ඡන්ද රැස්වීම්, හා මැතිවරණයත් තහනම් කළ යුතුයි නේද?
ඉස්කෝල වලට වඩා AL ටියුෂන් පන්ති තමයි භයානක... එක පන්තියේ 2000-3000 ඉන්න ඒවා උදේ හිටන් රෑ වෙනකන් එකක් පස්සේ එකක් පන්ති. ආචර්ය බන්දුල විද්වතා ඔක්කොටම වඩා හොඳට දන්නවනේ. ඩලස් මහතාට උපදෙසක් ගන්න තිබුණා..
ටියුෂන් පන්තිවල ඉගැන්වීමේ කටයුතු අන්තර්ජාලය හරහා කළ හැකියි. විශ්ව විද්‍යාලවල ප්‍රායෝගික නොවන විෂයන් අන්තර්ජාලය හරහා ලබා දිය හැකිය. මෙයින් නේවාසිකාගාර හිඟවීමේ ප්‍රශ්න අවම කර ගත හැකිය...
මෙය කවදා සිටද?
පෞද්ගලික පන්ති තහනම ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරින් යෙදවිය යුතුයි.
මේක හරියට රජයෙන් දැම්ම වගේනේ...
ප්‍රවෘත්තිය දාලා තියෙන්නේ හරියට රජයෙන් දැම්මා වගේ..
ඒ වගේම සියලු පුද්ගලික විදුහල්, උපකාරක පන්ති සහ මැතිවරණ නැවැත්විය යුතුයි.
පාසල් වලට වඩා වඩාත් අවදානම පවතින්නේ උපකාරක පන්ති සල්ලි උපයන අාත්මාර්තකාමී අදහස් ඇති අයයි. උපකාරක පන්ති නවත්වන්න... නැතිනම් රජය මැදිහත් වෙන්න විශේෂයෙන් පිටරටවල වෛද්‍ය උපාධිධාරීන්ට කොළඹ පවත්වන පන්ති වඩාත් අවදානම්.. මේවා ගැන හිතලා මේ පන්තිවලට ළමයින් රැස්කරන එක වහාම නතර කරනවා නම් හොඳයි.
දරුවන් මගින් පවුලේ අනෙක් අයට පහසුවෙන් රෝගය පැතිර යා හැකිය. මහලු අයට එය ඉතා භයානකයි.
වේලාසනම පාසල් වහපු එක හොඳයි. මේ කාලය ඇතුලේ දරුවන් ගෙදර තියාගන්න එක දෙමාපියන්ගේ යුතුකමක්...
උත්සව, රැස්වීම්, වෙඩින්, පවා නතර කළයුතුයි.
පුරවැසියන් ලෙස අපේ වගකීම වියයුත්තේ අනවශ්‍ය විවේචන වලින් තොරව මේ වසංගතය වළක්වා ගැනීමට උපරිම සහයෝගය දීමයි.
ඉතාම හොඳ තීරණයක්.