පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල සිරදඬුවම් නියම කිරිමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියෝග කළේය.
එක් අයකුට ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මිලියන 50 ක වන්දියක් ද විදුලි සංදේශන නියාමන කොමිසමට ගෙවන ලෙස ඔවුනට නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම ව්‍යාපාර. මිලියන 600 කට ගෙවන්න ඕනේ , දඩය ලක්ෂ 20 අවුරුදු 3. කරනවානම් මල්ලි මෙන්න ව්‍යාපාර... බලන්න ඕනේ පොඩි මිනිස්සු රුපියල් 5000 මිසින් උනොත් කරන දේ......
කකුළුවා නැළියේ දිය රත්වෙන තුරු දියකෙලි
රට යහමගට ගැනීමට ගිහාන් කුලතුංග වැනි නිර්බීත, අදූෂිත,අවංක විනිසුරන් බෙහෙවින් ලංකාවට අවශ්‍යව ඇත. විනිසුරුතුමනි, ඔබට අපගේ ගෞරවනීය ආචාරය පුදකරමු.
නියමයි
මේ අවබාවිත කල මුදල නම් සුළුපටු නොවේ.රු.600000000/- වෙනවා.බින්දුම කීයක්ද?
ගරු ජනාධිපතිතුමනි කරුණාකරල මොවුන්ට ජනාධිපති සමාව දෙන්න නම් එපා. ගරු නීතිපතිතුමනි වැඩිකරන ලෙස ඉල්ලා අභියාචනා කරන්න
වීරතුංග මහත්මය කෙරුවේ එයාට අවශ්‍ය දෙයක් නෙවෙයි.. එයා කෙරුවේ එයාගේ ලොක්ක කියපු දේ. මේ මනුස්සයා මම දන්නා තරමින් බොහොම හොද කෙනෙක්.. පවු වැඩේ
තව කීදවසද...? අරගොල්ල ආපු ගමන් මේගොල්ල එළියේ...! ජනාධිපති සමාව...!!
මිලියන 600 = අවරුදු 3 නම් බැඳුම්කර මගඩිය = අවුරුදු කීයද?
ඔන්න හොරු අල්ලන්න පටන් ගත්තෝ. මෙතන ඉඳන් ඔක්කොම ඇතුලට යවන්න පටන් ගත්තොත් 2020 ඡන්ඳෙ ඉවර වෙනකන් එලියට එන්න ලැබෙන්න නැහැ,
රජ්‍ය නිලධරුවනි !!! දේශපාලුවෝ කියන නීත්‍යනුකුල දේ පමණක් කරන්න. ඔබලාගේ හිත සුව පිණිස සියලුම අවනිති පිලිබඳ අදාල ලිපිගොනුවල සටහන් තබන්න ගන්න.
තෝරු මෝරු ඉන්දැද්දි හාල්මැස්සන්ට දඩුවම්
අවුරුදු 5000 වත් දාන්න ඕනේ .
අනිවාර්යයෙන්ම අභියාචනයක් එයි. මේ දෙදෙනා සිල් රෙදි ගෙදර ගෙනිහින් නැහැ. කිසිවක් හොරකම් කරල නැහැ. සිල් රෙදි බෙදලා. එකලු වැරැද්ද. මරු නේ.
සිල්රේදී බෙදුවේ අප්පච්චිට උපාසක උපාසිකා ඡන්දදායකයන්ගේ ඡන්දෙ ගන්න බලාගේනනේ ..... මිලියන 600 ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද ? මිලියනය ගානේ දුන්නත් ගේමක් නැතිව ගෙවල් 600ක් හදල දෙන්න තිබුන ගෙයක් දොරක් හදාගන්න වත්කමක් නැති දුප්පත් මිනිස්සුන්ට !
මොකද මෙයාල විතරක් කෝ මහා හොරුන්ට දඩුවම් නැහැ.
රාජ්‍ය සේවයේ පළපුරුදු නිලධාරීන් හැටියට ඔබලාගේ එක කාර්යයක් විය යුත්තේ ආත්මාරතකාමී දේශපාලකයන්ට කඩේ යන එක නොව අනුවන නම් ඔවුන්ටද යුතු අයුතුකම් සහ රාජ්‍ය රෙගුලාසි කියාදීමයි. රට කරවන්නේ දේශපාලකයන් වුනත් එම යාන්ත්‍රණයේ සවිමත් දැති රෝද රාජ්‍ය සේවා නිලධාරීන්ය. මෙය හැමෝටම හොඳ පාඩමක්.
මෙන්න රජයේ නිලධාරීන්ට හොඳ පාඩම්, දේශපාලඥයන් මොන නියෝග දුන්නත් තමන් පිළිපැදිය යුත්තේ පවත්නා නීති රීතිවලට අනුකූලවයි. වැරදිකරුවන් වෙන්නෙ පිළිපැදපු නිලධාරි මිසක නියෝග දීල ගෙදර ගිය දේශපාලුවො නොවෙයි. මහ බැංකු බැඳුම්කර මගඩියේ විත්තිකරුවන්ටත් මෙපරිදිම දඬුවම් නියම විය යුතුයි.
ඉතාම හොඳ තීන්දුවක් ! දේශපාලකොයන්ට වැරදි කරන්න පුළුවන් වන්නේ රාජ්ජ්‍ය නිලදාරීන්ගේ සහය ලැබෙන්නේ නම් පමණි . අනෙකුත් අයත් මෙය ආදර්ශයට ගනිත්වා ! හිස කෙලින් තබාගන වැඩකරන පරිසරයක් නිර්මාණය කිරීමට ඔහුන්ට ශක්තිය ලැබේවා!
සුපිරිම තීන්දුවක්. අනිත් හොරාකාපු එවුන්ටත් හොරාකන එවුන්ටත් මේ දේම ලැබෙන්න ඕනේ. නීතිය උපරිම ක්‍රියාත්මක උනොත් විතරයි රටක් දිවුණු වෙන්නේ.
අන්තිමට පවු ගෙවන්න උනේ ලංකාවේ ඉදපු දක්ෂම රාජ්‍ය නිලදාරියෙක් උන ලලිත් වීරතුංගට. මෙතුමා අවංක දක්ස්ෂ නිලදාරියෙක්.
මිලියන 600 වංචා ක්‍රම ගෙවන්න ඕනි මිලියන 104යි. එතකොට මිලියන 396 සුද්ද ලාභය... දේශපාලකයන්ට හැම දේටම යර්ස් බොස් කියනවට රාජ්‍ය නිලධාරීන්ට හොද පාඩමක්.
ramani මිය වෙත, ඔබගේ ගණන් සැදීම පිලිබදව සතුටු වෙන අතර අප සැමටම බැදුම්කර තක්කඩින්ගේ දඩුවම් ගැන නිගමනයකට ඒමට පුළුවන් වන බවපැහැදිලිය. කෙසේවෙතත් තම තමන්ගේ හිතට කිසිවකුට බොරුකළ නොහැක.
ඉස්පිරිතාලේ තව සුපිරි වර්ගයේ ඇඳන් දෙකක් ඉතුරුවෙලා තියෙනවද?
ඔන්න යහපලනයෙන් පලමු හොන්දම ක්‍රියාව , දැන් ඔය වාගෙ ඔක්කොම හොරුන්ට තරාතිරම නොබලා නඩු අසා තින්දු කිරීම අගය කරනවා
රජයේ නිලධාරීන්ගේ විනය නීති සංග්‍රහයේ තියෙනවා 'ඇමතිවරයා කිව්වත් ඊට විරුද්ධව ඇමතිට පෙරලා කරුණු ඉදිරිපත් කල බවට ඔප්පුකල නොහැකි නම් ඇමති කිව්ව නිසා කළාය යන්න නිදහසට කරුණක් නොවන බව. රජයේ නිලධාරීන් මේ ගැන හිතන්න. ඇමතිය කිව්වත් මිනිහට වරද පෙන්වල දීල ඒත් කරපන් කියනවා නම් ඔප්පු කල හැකි සටහනක් තියා ගන්න. වීරතුංග, පැල්පිට මහත්වරුන් මේ කරුමෙට අහුවුනේ ඇයි කියල දැන් තේරුම් අරන් ඇති.
මේ සිල් රෙදි බෙදා දීම් වෙන කාගේ හෝ බලකිරීමක් උඩ සිදු උනාද කියා සොයා බැලිය යුතුයි. සමහරවිට මොවුන් රජයේ සේවකයන් ලෙස තමන්ගේ රැකියාව, දරු පවුල රැක ගැනීමට, තමන්ට ඉහලින් ආ නියෝග පිළිපැද්දා විය හැකියි. එසේනම්, ඒ වරද ඇත්තේ මේ දේවල් වලට නියෝග දුන් අය අතයි. මෙය හරියට ජලය සැමවිටම පහත් තැනින් ගලා යනවා වැනියි.
හොඳ තීරණයක් විනිසුරුතුමාට මහජන ප්‍රණාමය.
මම හිතනවා මේක හොඳ ආදර්ශයක් හැම දෙනාටම.
දහම්, ජන මතය කියන්නේ ඔබගේ තනි මතය නොවෙයි! වරද වරදමයි.
රාජ්‍යසේවයේ උසස් තනතුර ලබාගන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕනද? ඒවගේම කැපවීමක් මහන්සියක් ගතයුතුද? බෞද්ධයින් හැටියට මේ සිදුවූ දෙය මොනතරම් නිහීනද? අඩුමතරමින් පවුල්පරම්පරාවලට අඹුදරුවන්ට සිදුවූ හානිය, ඉහත ආත්මවලදී කරනලද බරපතල අකුසලකර්මයක් මැදිකොට දිට්ඨාධම්මවෙදනීය කර්මය ඵලදුන් හැටි,
අවරුදු 3 ම ඉස්පිරිතාලෙට වෙලා ඉන්න පුළුවන් මෙය අහුවුනට බැඳුම්කර හොර නම් කොහොම හරි බේරේවි
කෝටි 60ක් වියදම් කරලා තියෙන්නේ මුළු රටේම බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදන්න මිසක්, ඇමති මණ්ඩලයේ නිවාස අලුත් වැඩියා කරන්නවත්, වාහන ගෙන්වන්නවත් නොවෙයි. පෙර රජවරුන් මීට වඩා දේවල් බෞද්ධයා සහ බුද්ධාගම වෙනුවෙන් කරලා තියනවා. හොද වෙලාවට මහින්ද වෙහෙර විහාර හැදෙව්වේ නැත්තේ.
නියමයි කරපන් කිව්වම කොයි එකටත් යේස් සර් කියන උඹල හැමෝටම මේවා හොඳ පාඩම්!
ගිහිල්ලා එන්න.
රජයේ උසස් නිලදරින්ට දෙසපලුවන්ගේ අණට කීකරු වුණාම වෙන අවාසනාවන්ත සිදුවීම ,,, මුදල් රෙගුලාසි සහ අයතනසග්හය නොදන්නා උදවිය නම් කමක් නැත ,,කනගාටුයි
මෙතන හිරේ යන්න ඕන කවුද?තමන්ගේ මහන්තත්තකම ලොකුකම රටේ සල්ලි වලින් චන්ද මගඩියෙන් මිනිස්සු මුලා කරන්න හදපු නායකයද මේ අයද?
රජයේ නිලධාරීන්ට මේවා හොඳ පාඩම්
දහම්,, සම්පත්, මැතිවරණයේදී මිනිස්සුන්ට කසිප්පු දුන්නමත් ඔබල කියාවි අනේ එයාල ගෙදර ගෙනිච්චේ නැහැ ජනතාවගේ පරිභෝජනයටනේ දුන්නේ කියල. අනේ මෙහෙමත් මොළ හෝදපු දෙන්නෙක්.
රජයේ නිලදරින්ට හොද පුර්වාදර්ශයක්. කොන්දක් තිබෙන විනිසුරුතුමෙක්