(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මහේස්ත්‍රාත් හා දිසා අධිකරණය බාරයේ රඳවා තබා තිබු දේශීය හා විදේශීය මුදල් තොගයක් අතුරුදහන්ව ඇති බවට ඊයේ ( 6 දා ) රාත්‍රි පැමිණිල්ලක් ලැබි ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙසේ අතුරු දහන්ව ඇත්තේ අධිකරණය හමුවෙහි විභාග වන නඩුවක් සම්බන්ධයෙන් රඳවා තබා තිබූ රුපියල් දෙලක්ෂයක මුදලක් හා ඩොලර් 5000 ක මුදලක් බවත් කියයි.
හලාවත අධිකරණයේ රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරිණියක සේ සේවය කරණු ලබන මුණසිංහ කපුරු බණ්ඩාගේ ආශා ගංගා මුණසිංහ මහත්මිය ( 34 ) විසින් ඊයේ ( 6 දා ) රාත්‍රි පොලිසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම මුදල් තොගය තමා බාරයේ අධිකරණ නඩු භාණ්ඩ කාමරයක තිබූ එක් සේප්පුවක රඳවා තිබූ අතර මෙම ඒකකයේ තමා හා එක් කාර්යාල සහායකයෙකු පමණක් සේවය කරණු ලබන බවත්, අවශ්‍යතාවක් අනුව පරීක්ෂා කළ විට එම මුදල් තොගය සේප්පුවෙන් අතුරුදන්ව ඇති බවත්, එම සේප්පුවේ යතුර තමන් වෙත තිබු අතර මුදල් කෙසේ අතුරුදහන්ව ඇත්තේ දැයි තමන් නොදන්නා බවටත් පැමිණිළිකාරිය විසින් පොලිසියට දන්වා තිබුණි.
මෙම මුදල් අතුරුදන්වීම අභිරහසක් වන අතර මේ සම්බන්ධයෙන් කිසිවකු අත් අඩංගුවට ගෙන නැති අතර හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහිරවයා එන්න ඇති
අනික් තැන් ගැන මොන කතාද?
ඔව් ඉතින් බෝක්කු යට සීනි මඳවශයෙන් කවලම් කර සාදන ලද හකුරු හැංගුවාම ඔහොම වෙනවා. හැබැයි අපරාදේ කියන්න බැහැ හොඳ විශ්වාස තැනක්නේ හංගලා තියෙන්නේ...
හිටපු අධිකරණ ඇමැතිනී ඕස්ට්‍රේලියාවේ තියෙන මිලර්ස් එකේ ෂොපින් ගිහින්...
භූතයෙක් අරන් ගිහින් වෙන්න ඇති එහෙනම්... මේ දෙවෙනි සැරේට නේද මේ වගේ කතාවක් අපි අහන්නේ.. අයියෝ සංසාරේ!
මෙවැනි නිලදාරීන්ට වගකීම් දෙද්දී ඇපකර තැන්පත් කරන්න ඕන නේද. අතින් ගෙවන්න කියන්න. නැත්නම් මේක ට්‍රෙන්ඩ් එකක් වෙන්න පුළුවන් .
ඉස්සෙල්ලම අධිකරණයේ ඉන්න හොරු ටික ඉහළ සිට පහළටම සුද්ධ පවිත්‍ර කළයුතුයි.
ලංකාවේ පළමු පුරවැසියා පටන් ඉන්නේ හොර දූෂිතයන් නම් අනික් අය ගැන මොන කතාද?
ඉස්සෙල්ලම පටන් ගන්නේ අධිකරණ සේප්පුවෙන්. මොකද තවම ලෝක ආධාර ලැබුනේ නැහැනේ. නැකතට වැඩ පටන් ගන්න ඕන නිසා පින් කැටේ හරි කඩලා වැඩ පටන් ගන්නවා.
ඔය විදිහට මුදල් පිල්ලි ගැහෙනවා නම් බැංකු වල මුදල් ආරක්ෂා වන්නේ කොහොමද? විසඳුම ද්විත්ව පාලනයයි . නඩු භාණ්ඩ කාමරය තුල අගුල් දෙකක් සහිත සේප්පුවක් තබා යතුරු දෙක දෙදෙනකු භාරයේ පවත්වාගත යුතුයි.
රටක රජවිය යුත්තේ දේශපාලුවන්වත්, විනිසුරන්වත්, පොලිසිය හෝ වෙනත් නීති බලධාරියෙකුවත් නොවේ. රටක රජ වියයුත්තේ නීතියයි. ඒ නීතිය රැකීම කලින් කී සියල්ලන්ගේ සහ ජනතාවගේ වගකීමයි. මේ අපි දකින්නේ නීතියේ දෝෂයක් නොව නීති රකින්නන්ගේ දෝෂයයි. එය නිවැරදි කළයුත්තෙත් ඔවුන්මයි. ඒ වැඩේ නොකරන්නේත් ඔවුන්මයි.