IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ඩිජිටල් සම්බන්ධතා දියුණු කරන්න නියෝග

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ඩිජිටල් සේවා සම්බන්ධතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන එන ලෙස, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා දුරකතන සේවා සපයන සමාගම්වලට අද(02) උපදෙස් දී තිබේ. භූගෝලීය බාධක නොතකා දිවයින පුරා ඩිජිටල් සේවා වෙනුවෙන් ප්‍රවේශවීම සහතික කිරීම සඳහාත්, 100% ක් (4G)  බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය ශ්‍රී ලංකාව පුරා ස්ථිර කිරීම සඳහාත් වහාම පියවර ගන්නා ලෙසද ඒ මහතා දැනුම් දී තිබේ.
 
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරම්භ කළ “ගමට සන්නිවේදනය” නම් වන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ ශ්‍රවනාගාරයේ දී අද පැවති රැස්වීමේදී ඒ මහතා මේ බව පවසා තිබේ.
 
සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කරන ලද බිම් මට්ටමේ සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අඩු පහසුකම් සහිත බවට හඳුනාගෙන ඇති ප්‍රදේශ සඳහා මෙහිදී වැඩි අවධානයක් යොමුකෙරේ.
 
මෙහි නියාමක ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කරන බවද සේනානායක මහතා පැවසීය. විදුලි සංදේශ බදු අරමුදල් වලින් ඒ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද ආයෝජනය කරයි.



අදහස් (0)

අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ඩිජිටල් සම්බන්ධතා දියුණු කරන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site