IMG-LOGO

අකුණු - වර්ෂාව නිසා ගුවන් යානයක් මත්තලට හරවා යවයි

(කටුනායක ටී.කේ.ජී.කපිල )

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (20) සවස 4.00 ට පමණ ඇති වූ අධික වැසි, දැඩි අකුණු ගැසීම් සහිත කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .

මෙම ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 315 දරන ගුවන් යානයයි.

එම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ.- 330 - 243 එයා බස් වර්ගයේ එකක් වූ අතර , එහි මගීන් 249 ක් සහ කාර්යය මණ්ඩලය 18 දෙනෙකු සිටි බැව් මත්තල ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා පැවසීය.

මෙම ගුවන් යානය ගොඩ බස්වනු ලබන අවස්ථාවේ මත්තල ගුවන් තොටුපළ අවටද අකුණු ගැසීම් සහිතව වර්ෂාව පැවති බවද හෙතෙම පැවසීය.
                
මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය සමනය වනතුරු, ගුවන් තොටුපළ වටා ඉහළ අහසේ කැරකැවෙමින් රැදී සිටීමට තරම් ප්‍රමාණවත් ඉන්ධන මෙම ගුවන් යානය සතු නොවීම නිසා මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව ද එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව යානයට අවශ්‍ය ඉන්ධන ලබාදී සවස 5.40ට පමණ මත්තල ගුවන් තොටුපළෙන්, කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වී තිබේ.

මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ තුළ ගොඩ බස්වා තිබූ කාළය තුළ එහි සිටි මගීන් යානය තුළම  රදවා තබා ගෙන සිට තිබේ.



අදහස් (7)

අකුණු - වර්ෂාව නිසා ගුවන් යානයක් මත්තලට හරවා යවයි

chamath Saturday, 20 April 2019 01:35 PM

මත්තල එපා කියන්න හොඳ නැහැ කියන අය දැන් කෝ පින්දෙන්න මහින්ද මහත්තයට...

:       750       991

C.K.LankaputhraSaturday, 20 April 2019 03:01 PM

චමත් මහත්තයෝ, ගොඩබැස්සවීමේ යම් ගැටලුවක්ව ඇති වේලාවකට හෝ ඔහේ ඉඳහිට ගුවන් යානායක් ගොඩ බස්සන අන්තර් ජාතික ගුවන් තොටුපලවල් ගැන ඔබතුමා දන්නවා වුනාට එහෙම එවා ගැන අපි නං දන්නේ නැහැ.. මහත්තයෝ, කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ගුවන් තොටුපලක් හදනවා නං හදන්න ඕනෑ ලාභ ලබන රටට අවශ්‍යම සුදුසු තැනකයි.

:       2456       2457

BamunuarachchiSaturday, 20 April 2019 05:54 PM

ඔබ නොදන්නා දේවල් තව බොහොම ඇති.

:       1       19

අනුර පැස්කුවල් Saturday, 20 April 2019 04:01 PM

අවුරුද්දකට හත් අට වටාවක් කටුනායකට ගොඩ බාන ප්ලේන් හරවල යවන්න නම් බිලියන ගණනක් ණයට ගන්නේ නැතුව බොහොම ලේසියෙන් රත්මලාන ඒ සඳහා නවීකරණය කරන්න තිබුණා. එහෙම නම් රත්මලානෙන් කෙලින්ම මගීන් බස්සල බස් එකක් මගින් කටුනායකට යවන්නත් තිබුණා. රත්මලාන බැරිනම් කොග්ගල නවීකරණය කරන්නත් තිබුණා මහා කාලයක් මැද්දේ දෙලොවටම වැඩක් නැති අට්ටාලයක් අටවන්නේ නැතුව. හැදුව මිනිහයි ගොලයෝයි දෙගොල්ලන්ටම මොලේ අමාරුව වගෙයි.

:       0       64

Bamunuarachchi Saturday, 20 April 2019 05:53 PM

ඉන්දියාව මත්තල ඉල්ලන්නේ වී ගබඩා කොරන්නද? නැතිනම් පාඩුවට ඔහේ තියාගෙන ඉන්නද? කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ අලුත්වැඩියා කිරීම කරපු කාලයට ජාත්‍යන්තර ගුවන්යානා ගොඩ බෑවේ කොහාටද? ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තිබෙන ගුවන් තොටුපොළවල් 2 ලංකාවට වැඩිද?

:       1       66

Sisira Sunday, 21 April 2019 12:53 AM

ගුවන් මගීන්ගේ ආරක්ෂාව තමයි ඒක.... මිනිසන්ගේ ජීවිත වලට වඩා වටිනා දෙයක් නැහැ..... කවුරු හැදුවත් අතිරේක ගුවන් තොටුපළක් රටට සම්පතක්....

:       0       61

Raveendra Sunday, 21 April 2019 03:49 AM

අප කාටවත් සුදු හුණු ගානවා නොවේ නමුත් රටකට ගුවන් තොටුපළවල් එකකට වඩා තිබේනම් එය වැදගත් බව කිව යුතුය. කවුරු කරත් හොද දෙය අප අගය කල යුතුමයි . නිල්ද රතුද කොලද නොව වඩාත් වැදගත් වන්නේ රටේ දියුණුව වෙනුවෙන් කිනම් හෝ ක්‍රියා මාර්ගයක් ගන්නේනම් එය අප අගය කරන්නෙමු. අරය කරා මෙයා කරා නොව . ඔය කොයි කව්රුත් සියල්ල කරන්නේ ඔබේ අපේ මුදල් වලින් බව අප අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම මේ ගසා කන්නෙත් ඒ අපේම මුදල් බව අප අමතක නොකළ යුතුය.

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 63 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 272 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site