IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ලංකාව දෙකට බෙදන්නැයි එංගලන්ත මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කරලා’

(මුදිතා දයානන්ද)

           
එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණයට කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයේ ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස බෙදිය යුතු බවට සඳහන් වන බවද එය මෙරට ස්වෛරීත්වයට එල්ල කළ බරපතල ප‍්‍රහාරයක් බවද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය.
           
ඔහු මේ බව සඳහන් කළේ පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය. තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
           
“එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මේ මාසේ 13 වෙනිදා. ඒ වෙනුවෙන් එරට පාලක පක්ෂය වන කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පසුගිය 25 වෙනිදා එළි දැක්වුවා. ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස මෙරට රාජ්‍යයන් දෙකක් බිහිකළ යුතු බවට එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 53 වන පිටුවේ සඳහන් වෙනවා.
           
‘ලෝකය පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ළගාකර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපගේ සහයෝගය දෙන අතර සයිප‍්‍රසය, ශ‍්‍රි ලංකාව සහ මැදිපරෙදිග වැනි වත්මන් හෝ පෙර අර්බුද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වාගනු ලැබේ ’ යනුවෙන් එහි දැක්වෙනවා.
           
මොවුන් මේ උත්සාහ කරන්නේ දෙමළ ඊළම හදන්නයි. ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුළ දෙමළ ඊළම හෝ වෙනත් නමකින් හෝ දෙමළ රාජ්‍යයක් තිබිලා නැහැ. ඒ නිසා එවැනි රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිමට ඔවුන්ට කිසිම සාධාරණ හේතුවක් නැහැ. එක්සත් රාජධානිය නම් හැදිලා තිබෙන්නේ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය කියන රාජ්‍යයන් තුළ බලහත්කාරයෙන් ඈඳාගෙනයි. ඒත් අපි කලින් තිබුණ අවිදිහට මේ රාජ්‍යය බෙදන්න  ඕන කියලා කවදාවත් පෙනී සිට නැහැ.
           
මේ මැතිවරණ ප‍්‍රකාශනය නිකුත් කර අදට දින අටක් ගෙවි යද්දිත් එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ මහකොමසාරිස් මේ ගැන කිසිවක් ප‍්‍රකාශ කර නැහැ. ඔහු එක්කෝ දන්නේ නැහැ. නැත්නම් බෙදුම්වාදින්ගේ උවමනාව වෙනුවෙන් නොදන්නවා වගේ ඉන්නවා. මේ මැතිවරණ ප‍්‍රකාශනය හෙළා දැකලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න බැරි නම් අවම වශයන් ඔහු මෙරට විදේශ ඇමතිව දැනුවත් කළ යුතුව තිබුණා.
           
මේ සම්බන්ධයෙන් වහාම ප‍්‍රතිචාර දක්වන්නැයි අප විදේශ ඇමතිතුමාගෙන් ලිඛිතවම ඉල්ලා සිටිනවා. එසේම එංගලන්තයේ ශ‍්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින්ට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිනවා” යැයිද ඒ මහතා කීය.
 
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (45)

‘ලංකාව දෙකට බෙදන්නැයි එංගලන්ත මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කරලා’

prakaash Tuesday, 03 December 2019 09:46 AM

එංගලන්තේ ආක්‍රමණිකයින්ට මේ රට විනාශ කරන්න ඉඩ දිය යුතු නැත. ඔය බටහිර රටවල් කරන්නේ අන් රටවල් විනාශ කිරීමයි. එයට අපේ විරෝධය.

:       433       1375

අභය Tuesday, 03 December 2019 09:49 AM

අපේ මැතිවරණ ප්‍රකාශනයේත් එංගලන්තය දෙකට බෙදිය යුතුයි කියා සදහන් කරමු.

:       10       884

Bamunuarachchi Tuesday, 03 December 2019 10:00 AM

සර් අපි එකට එකක් කරමු. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එංගලන්තේ නාකි ආච්චි පන්නන්න යෝජනාවක් ගේමු. එංගලන්තේ කෑලි 5කට බෙදන්න යෝජනා ගේමු. එතකොට ඒ අයට රිදෙයි.

:       371       546

samTuesday, 03 December 2019 11:50 PM

බමුණු, අපි මීට වඩා, මේ ගැන කළහැකි දෙයක් හිතුවොත් හෝ යෝජනා කරොත් හොඳයි නේද?

:       1       0

ranaWednesday, 04 December 2019 04:02 AM

කතාව දෝලාවෙන් ගමන බඩගාගෙන නේ ! අනනුන්ගේ කුණු හෝදන එක පසෙකින් තබා අපි අපේ රට හදන්න බලමු ඊට පසුව පුළුවන් වහසි බස් දොඩන්න .

:       0       57

rama Tuesday, 03 December 2019 10:01 AM

දැන් අපි එයාලගේ යටත් වැසියෝ නෙවේ කියල එයාලට අමතක වෙලා වගේ.

:       214       205

SenarathWednesday, 04 December 2019 03:40 AM

රාම ඔබගේ කීම 100% ඇත්ත. එත් අපේ සමහර දේශපාලුවෝ ඉන්නවනේ දෙකට නෙමෙයි බඩගාගෙන ගිහින් ඔවුන්ගේ සපත්තුත් ලෙවකන. ඒ නිසා මෙහෙම යෝජනාවක් සම්මතවිම භයානකයි. මතකනේ අපිට විරුද්ධව ගෙනා යුධ අපරාධ චෝදනාව ඉස්මුදුනින් පිළිගෙන ඒකට අතත් ඉස්සුවේ.

:       0       2

Perera Tuesday, 03 December 2019 10:10 AM

මෙතුමා ජනාධිපතිවරණයේදී ගෝඨාභයට පක්ෂව හොද කාර්යය භාරයක් කළා. එත් එක්කම කැබිනෙට් තනතුරත් එපා කිව්වා. දැනටත් මොහු රට රැක ගන්න ගොඩක් මහන්සි වෙනවා. මේවායින් පෙනෙන්නේ මෙතුමාගේ අවංකකමයි. මෙතුමාව මීලග මැතිවරණයේදී අනිවාර්යෙන් පාර්ලිමේන්තු යවලා හොද තනතුරක් ලබාදිය යුතුයි.

:       2075       1981

කපිලTuesday, 03 December 2019 12:52 PM

පවුල ඔය කියන අදිරාජ්‍යවාදී ඔස්ට්‍රේලියාවේ ඉතා සුරක්ෂිත ලෙස පදිංචි කරවලා තමයි මේ රටේ දේ්ශපාලනයෙන් හම්බ කරගෙන ඒ පවුල රකින්නෙ. එහෙ යන්න බෑ, පොලු තියලා මාට්ටු

:       0       0

Tharindu PereraTuesday, 03 December 2019 12:54 PM

මේ වගේ වහල්ලුත් එක්කනෙ අපි ජීවත් ‌වෙන්නේ. ඉතිං ‌කොහෙද රටට හරිහමං ‌දේශපාලකයන්ව ‌තෝරා ගන්නේ.

:       0       0

IndunilTuesday, 03 December 2019 01:38 PM

කට කට කට ........ ඕවා කියන්න එපා මනුස්සයෝ. අලි කුලප්පු වෙනවා ...... පේන්නේ නැද්ද පිස්සුවෙන් වගේ ඩිස්ලයික් කොරලා තියෙන හැටි.

:       0       0

Nandalal DE SILVA - FranceTuesday, 03 December 2019 05:19 PM

මෙයාට විදේශ රටවල් ගැන හොඳ දැනීමක් තිබෙන වග පේනවා. ලංකාව දෙකට බෙදන්නැයි එංගලන්ත මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කරලා කියා උදේට කියා දුන්නේ කවුද ? රැජිනගේ භාෂාවෙන් ලියපු දේවල් හොඳින් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඕවා උදේට තේරුම් කර දුන්නා නම් අපට ප්‍රශ්නයක් නැහැ. උදේට, ඔස්ට්‍රේලියාව සමග අධිකරණ ප්‍රශ්ණ තිබෙන නිසා එයා සමහරවිට යෝජනාවක් ගෙනේවි ඒ රට කෑලි කෑලි වලට කපා වෙන් කරන්න කියලා. එහෙම නොකිව්වොත් එයා ගම්මන්පිළ නොවේ කියා කියනවා. කැබිනට් තනතුරක් එපා කිව්වේ එහෙම එකක් එයාට නොලැබෙන වග සහසුදක් ලෙස දැකපු නිසයි. නැතුව එපා නිසාම නොවෙයි.

:       3       14

Malli Tuesday, 03 December 2019 10:38 AM

මේ බොරුවලට රැවටෙන්න එපා සහෝදරවරුනි. දැන් කොන්ද පණ ඇති නායකයෙක් ඉන්නවානේ. එයා බලාගනීවි මේක. හැමදාම ඔයවගේ කොළ උස්සගෙන වේදිකාවල මොරදෙනවා දැකලා තියෙනවානේ. ඒ එකක්වත් ප්‍රයෝජනවත් දෙයක් වුනාද ? පට්ට බොරු. මේ රට වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න බලන්න ඔහේ නැහැ. කරපු කෙන්ගෙඩියක් නැහැ. කරන්නත් බැහැ. ජනාධිපතිවරනෙදි ඡන්දෙ ඉල්ලන්න තිබුනානේ. එහෙනම් දිනලා ඔය ඔක්කොම විසදන්න තිබුනානේ. දන්නේ අනුන්ගේ වැරදි කියන්න විතරයි. අපි ගෝඨාභය මහතා පත්කළේ ඕවා නිවැරදි කරගන්න තමයි. ඔහේ කලබල නොවී එතුමාට වැඩේ කරගන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා හොදයි.

:       177       1234

සත්‍යපාල Tuesday, 03 December 2019 10:51 AM

බලන් ගියාම මෙයා නොදන්නා දෙයක් නැහැනේ. මෙයාව පත්කරන්න ඕනේ ජත්‍යන්තර උපදේශක විදියට ..

:       137       66

samTuesday, 03 December 2019 11:59 PM

සත්‍යපාල කට වැරදිලා හරි සත්‍ය ප්‍රකාශයක් කරලා. ඇත්තටම අපේ රට ගැන බටහිර සහ ඔවුන්ට ගැති රටවල් මෙන්ම අපේ රටේම ඉන්න කළු සුද්දන් එකතුවෙලා කරන දේ ගැන මීට වඩා අවධානයෙන් ඉන්න ඕනා. ගම්මන්පිලලා ඒ ටික කරනවා.

:       5       0

Rohitha Tuesday, 03 December 2019 10:57 AM

අනේ ගම්මන්පිල මහත්තයෝ ලංකාවේ ඉන්න අහිංසක මිනිසුන්ව ඔහොම ඉස්කෝලේ යවන්න එපා. මමත් ඉන්නේ එංගලන්තේ දොස්තර කෙනෙක හැටියට වැඩ කරන්නේ. දැන් අවරුදු 30 ක් විතර. ගිය සතියේ මම මගේ ඡන්දය දුන්නෙත් (තැපැල්) කොන්සවේටිව් පක්ෂයට. නමුත් ඔයා කියනකම් "එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණයට කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයේ ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස බෙදිය යුතු බවට සඳහන් වනවා" අපිවත් දන්නේ නෑ. ඔයා ඕක කොහෙන්ද හොයාගත්තේ. මේ එංගලන්තේ අයට මේ දවස්වල ලංකාවේ වෙන දේවල් වලට වඩා ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. කොහොමද පියන් මහත්යාගේ නඩුව දැන්? අනේ මගේ කට කිව්වලු මේවගේ දේශප්‍රේමීයන්ට.

:       1913       1813

NimeshTuesday, 03 December 2019 11:44 AM

නිකන් මෝඩයෙක් වගේ ලියන්න එපා රෝහිත. ඔය දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් ඒත් මෝඩයෙක්. මේ වගේ දේකට උත්තර දෙන්න කලින් ඔයා ඔය කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය හොයාගෙන කියවලා බලන්න. ඔයා ඒක ගැන දන්නේ නෑ කියන්නේ එහෙම දෙයක් නෑ කියන එක නෙමෙයිනේ.

:       0       0

SidathTuesday, 03 December 2019 11:45 AM

ඔයා හොර දොස්තර කෙනෙක් වෙන්න ඇති. එක්කෝ ඉංග්‍රීසි බැරුව ඇති.. හොඳට කියවන්න 53 පිටුව

:       0       0

MaheeTuesday, 03 December 2019 12:33 PM

මමත් ඔබ සමග එකඟයි, මම කොන්සවේටිව් මැතිවරණ ප්‍රකාශනය ඩවුන්ලෝඩ් කරලා කියවල බැලුවාව. මට නම් හොයා ගන්න බැරිවුණා ගම්මන්පිල කියන විදිහේ දෙයක්. මොන පිටුවේද කියලවත් කිව්වා නම් ටිකක් වැඩි සැලකිල්ලෙන් බලන්න තිබුනා. මේකත් අර ජයන්ත ජයසුරිය හිටපු නීතිපතිවරයා විසින් කතානායක කරු ජයසූරියට දීපු ලියවිල්ලේ තිබුනයි කියන විදිහේ බොරුවක් කියලයි මටත් හිතෙන්නේ.

:       17       0

MaheshUKTuesday, 03 December 2019 12:59 PM

රෝහිත අදහස් දාන්න ඉස්සෙල්ලා මේක ඇත්තක්ද කියල බලන්න තිබුනනේ.

:       0       12

Mahesh UKTuesday, 03 December 2019 01:10 PM

හිතවත් රොහිත එක්සත් රාජධානියේ වෙසෙන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඡන්ද අයිතිය ලබා ගත හැකිය. ඕනෑම පක්ෂයකට ඡන්දය දිය හැක්කේ කාගේ ඡන්දය ද යන්න ඔවුන්ගේ තීරණයයි. ඔබ වෛද්‍යවරයෙක්, හෙදියක් හෝ රැකබලා ගන්නෙක් හෝ පිරිසිදු කරන්නෙක් යැයි එයින් කියැවෙන්නේ නැත. සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් ඇත.

:       0       1

IroshTuesday, 03 December 2019 02:00 PM

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක ඡේදයක්වත් ඔබ කියවා නැත. එය 53 වන පිටුවේ පැහැදිලිව සඳහන් වන අතර මම උපුටා දක්වමින් “ලොව පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල පිරීම්වලට අපි දිගටම සහාය දෙන්නෙමු. සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග වැනි වර්තමාන හෝ පෙර ගැටුම් කලාපවල අපි අපගේ නඩත්තු කටයුතු කරගෙන යන්නෙමු. රාජ්‍ය දෙකක විසඳුමකට සහාය දීම. අවසන් උපුටා ගැනීම. මාර්ගය වන විට, ඔබ මට ඇසූ කොන්සර්වේටිව් පක්ෂයට ඡන්දය ප්‍රකාශ කර ඇත. ඊළඟ වතාවේ ඔබ තීරණ ගන්නා විට විස්තරාත්මකව අවධානය යොමු කරන ලෙස මම ඔබට යෝජනා කරමි. එය ඔබව ජීවිතයේ කොතැනක හෝ ගෙන යනු ඇත. "මම එංගලන්තයේ අවුරුදු 30 ක් ජීවත් වූ අතර මම වෛද්‍යවරයෙක්" යැයි කිසිවක් අදහස් නොකෙරේ.

:       0       0

jeewaTuesday, 03 December 2019 02:10 PM

ගම්මන්පිල කියන්නේ ඇත්ත හොයලා බලන්න. මට මතක විදිහට පිටුව 56.

:       0       0

විදුර ලංඩන්Tuesday, 03 December 2019 04:38 PM

ගම්මන්පිල නිවැරැදියි. ඒ වගන්තිය නිසාම මම මගේ තැපැල් ඡන්දය දුන්නේ නෑ

:       0       13

DuleepTuesday, 03 December 2019 07:53 PM

කරුණාකර Conservative Party Election Maifesto එකේ 53 පිටුව බලන්න. දොස්තර වුනත් එංගලන්තේ හිටියත් සාමාන්‍ය දැනුම අඩුයි වගේ.

:       0       16

Chandu GalagedaraTuesday, 03 December 2019 08:31 PM

කරුණාකර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 53 වන පිටුව බලන්න. පහත දැක්වෙන්නේ එම නිස්සාරණයයි. Promote our values From helping to end the slave trade to tackling modern slavery, the UK has long been a beacon of freedom and human rights – and will continue to be so. We are proud of our peace-building and humanitarian efforts around the world, particularly in war-torn or divided societies, and of our record in helping to reduce global poverty. We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution.

:       0       0

samWednesday, 04 December 2019 12:13 AM

ඔබට ලංකාව ලොකු නොවුනාට අපිට ලොකුයි. මමත් අවරුදු 30 ක් විතර ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඡන්දෙත් දානවා හැබැයි අපේ මව් රටට වෙන්නේ මොකද කියන කැක්කුමත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි රටට අවුරුද්දට 3 - 4 වරක්වත් එනවා වගේම සෑහෙන සල්ලියකුත් එවනවා. ඔබෙන් ලංකාවට සේවයක් වෙනවාද නැද්ද කියලා ඔබම හිතන්න. කොටියා එංගලන්තයේ සිටින කළු සුද්දන් සහ සුද්දන් ලවා අපේ රට විනාශ කරන එකට උදව් කරන්න එපා. උපන් රටට ණයක් නොවී මියයන දිනයක් හිතන්න.

:       26       33

ලුම්බිණිWednesday, 04 December 2019 01:24 AM

කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයේ 53 වෙනි පිටුව කියවා බලන්න.

:       0       27

Su Tuesday, 03 December 2019 11:18 AM

බොරිස් ජොන්සන්, මෙවර දිනන්නේ නෑ.

:       33       111

Ramendra Tuesday, 03 December 2019 11:44 AM

මෙයාට ප්‍රශ්නය තියෙන්නේ එංගලන්තේ ඉන්න මහකොමසාරිස් එක්ක වගේ පෙන්නේ

:       0       0

sisira Tuesday, 03 December 2019 12:00 PM

බයවෙන්න එපා බ්රෙක්සිට් එකෙන් පස්සේ එංගලන්තය කෑලි තුනකට කැඩෙනවා උතුරු අයර්ලන්තයයි, ස්කොට් ලන්තයයි. හැබැයි දුකට කාරණාව එංගලන්තයේ ඉන්න සමහර ශ්‍රී ලාංකිකයෝ හිතන්නේ එයාලත් සුද්දෝ කියලා. ලංකාවේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන රටට ආ වඩන අය

:       0       0

siri Tuesday, 03 December 2019 12:07 PM

බොරු. තවදුරටත් මේ වගේ අයට රැවටෙන්න එපා. බොරිස් ජොන්ස්ටන් දිනුවත් එයාට ලංකාව බෙදනවාට වැඩිය විශාල අර්බුධ රාශියකට මුහුණ දෙන්න වෙනවා. බ්‍රිතාන්‍ය කෑලි තුනකට බෙදෙන එක නවත්වන එක, යුරෝපා හවුලෙන් වෙන් වෙන එක, රජ පවුලේ ඇතිවෙලා තියෙන අවුල් විසඳන එක, රටේ ආර්ථිකය ගොඩ ගන්න එක වගේ දේවල් ලංකාව බෙදන එකට වැඩිය බරපතලයි ගම්මන්පිල මහත්තයෝ. හැමදාම කළා වගේ බලය ලැබුනාට පසුවත් නිකන් බේගල් දෙසා බාන්නේ නැතුව රටට වැඩක් වෙන දෙයක් ගැන කතා කලොත් හොඳයි.

:       0       0

තරංග Tuesday, 03 December 2019 02:03 PM

මේක මාත් දැක්කා..මේක නැවැත හරි ගැස්සුවා රාජ්‍ය 2 ක් කළ යුතු බවට මතයක් දරන්නේ ඊශ්‍රායලය සහ පලස්තීන සදහා පමණක් බවට. ඵබැවින් මෙම ප්‍රකාශය බොරුවකි.

:       0       0

M jagath rodrigo Tuesday, 03 December 2019 03:57 PM

කතා කලොත් මෝඩ කතාවක්. බොරු කියනවනම් අහු වෙන්නේ නැති වෙන්න කියන්න ඕන

:       0       0

lanka Tuesday, 03 December 2019 04:58 PM

ආයේ පටන් ගත්තා මහා ඡන්දය වෙනකම් මේක කියාවි

:       0       0

vidya Tuesday, 03 December 2019 05:42 PM

වව්ලගේ ගෙදර හියාම එල්ලිලා ඉන්නේ නැතුව කොට්ට මෙට්ට අස්සේ තියන දේවල් වලට හොට දාන්නේ නැතිව දෙන දෙයක් කාල ඉන්න. ඔය මෝඩ අදහස් මහා ඡන්දෙට තියා ගන්න එපානේ. ජනාධිපතිතුමනි, මෙන්න මේ සෙට් එක ගෙන්නලා පහල බාලාංශේ ගුරුවරයෙක් ගෙනල්ලා මේ වෙලාවේ කියන නොකියන දේවල් පිළිබදව පන්තියක් තියන්න. මංමාවත් පිරිසිදු කිරීම, නගර ලස්සන කිරීමට තරුණ තරුණියෝ ස්වේච්ඡාවෙන්, උනන්දුවෙන් කටයුතු කරන වෙලාවේ ලෝකය බලාගෙන ඉන්නවා අපේ රට දිහා , ඔබතුමා දිහා. ඔබතුමාගේ ඉදිරි ගමනට මේ අය වනයක් වෙන්න පුළුවන්. දැන්මම පැලේ කප්පාදු කළේ නැතිනම් මේ පඳුර මුළු වගාවම විනාශ කරයි .

:       0       0

Duleep Tuesday, 03 December 2019 07:50 PM

ඒ බව එහි 53 පිටුවේ මෙසේ සඳහන්වේ. Promote our values From helping to end the slave trade to tackling modern slavery, the UK has long been a beacon of freedom and human rights – and will continue to be so. We are proud of our peace-building and humanitarian efforts around the world, particularly in war-torn or divided societies, and of our record in helping to reduce global poverty. We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution

:       0       0

Chandu Galagedara Tuesday, 03 December 2019 08:34 PM

ගමන්පිල පෙන්වන දෙය සත්‍යයකි. කරුණාකර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 53 වන පිටුව බලන්න. පහත දැක්වෙන්නේ එම නිස්සාරණයයි. Promote our values From helping to end the slave trade to tackling modern slavery, the UK has long been a beacon of freedom and human rights – and will continue to be so. We are proud of our peace-building and humanitarian efforts around the world, particularly in war-torn or divided societies, and of our record in helping to reduce global poverty. We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution.

:       0       0

ranjith Tuesday, 03 December 2019 11:38 PM

එන මහා මැතිවරණය පළාත් සැබෑ අහෝසි කරන්න තුනෙන් දෙකේ ඉලක්කයකට යන්න පුළුවන් මේ රටේ මහජන මුදල් කාබාසිනියා කරන පළාත් සභා අහෝසි කිරීම රටට යහපතක්. ප්‍රාදේශීය සභා වලට පුළුල් බලතල දීමෙන් රටේ දියුණුව කර යාම ඉක්මන්.

:       0       0

Nimal Wednesday, 04 December 2019 12:59 AM

රෝහිත මහතා වෙත, ඔබතුමා ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයේ PDF එක බාගත කරලා බලන්නකෝ. ඒකේ ලස්සනට තියෙනවා "two- state nation" කියලා. අනේ.. ඔබතුමා ඡන්දේ දීලා තියෙන්නේ ලංකාව දෙකට බෙදන්න නේද?

:       0       0

Perera Wednesday, 04 December 2019 02:27 AM

රුහුණු මායා පිහිටි කියල ලංකාව පාලන තන්ත්‍ර තුනකට බෙදිලා වෙනම පාලකයෝත් හිටපු කාලෙකුත් තිබුන නේද???

:       9       0

අකලංක Wednesday, 04 December 2019 02:56 AM

එංගලන්තෙට රිදෙන්න දෙන ක්‍රම තියනවා එංගලන්ත මහ කොමසාරිස් කාර්යාලය වටලන්න ඕනේ. එතන මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්න ඕන. දේශ මාමක විමල් ඇතුළු තව අය ගෙන්නලා කොමසාරිස්ව අරගෙන අපේ ජනාදිපතිතුමා ලගට අරන් ගිහින් නිදහසට කරුණු විමසලා.. රටින් පිටවෙන්න නියෝග කරන්න ඕනේ..

:       9       13

SL Wednesday, 04 December 2019 03:23 AM

දැන් රනිල් ,සජිත් , සාගල , අකිල ඔය යූ.එන්.පී. එකේ ඉන්න ලොක්කෝ ටික , ජම්පර කතාව කියපු උන් ටික , මොනවද කියන්නේ බලමු .. අම්මෝ රතු අලි පැටිය. ඔන්න ඩයිනමෝව වැඩ කරනවානම් පෙන්වන්න වෙලාව. ස්විස් කතන්දරේ දී උඩ පැනගෙන ආණ්ඩුවට බැන්න ජේ.වී.පී., ,යූ.ඇන්.පී. අයියලා ගේ කටවල් දැන් වැහිලා .පුළුවන් නම් ස්විස්ටර්ලන්ත එම්බසියට කියමුකෝ බලන්න අර කෙල්ලව ප්‍රශ්න කරන්න දෙන්න කියල

:       2       2

Nadi Wednesday, 04 December 2019 04:04 AM

ඔව් ඔව් බොරු කියල මහා මැතිවරණය දිනන්න බලන්න.

:       1       29

naushi Wednesday, 04 December 2019 04:11 AM

අකලංක මහතා කිව්වා වාගේ විමලේ උපවාසය කරලා මහින්ද රාජපක්ෂ මහතා අතින් ලෙමන් පෆ් කාලා වතුර බිලා නාටකය අවසන් කරන්ඩ ඕනේ.

:       26       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 41 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 78 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 271 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 422 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 202 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 433 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site