IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ජාත්‍යන්තරයට වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්වෙලා’

(නිමල කොඩිතුවක්කු)      

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට  පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹ දී අද (12) පැවසූහ.

ජනතාව පීඩාවට පත්ව සිටියදී ඔවුන්ගේ ප‍්‍රශ්න ගැටලූ විසඳනවා වෙනුවට දේශපාලඥයන් ඔවුන්ගේ දුක් අදෝනා නගමින් එකිනෙකාට චෝදනා කරමින් රටට විහිලූ සපයමින් සිටින බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රට පුපුරවන පාර්ලිමේන්තු බෝම්බය නිශ්ක‍්‍රීය කරනු, ජනපති, අගමැති, කථානායක සහ ආණ්ඩුවෙන් රට බේරා ගනිමු යන මැයෙන් තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ දී යුතුකම සංවාද කවය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසුහ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංස හිමියෝ මෙසේ ද කීහ.

‘‘මේ ලෝකේ කිසිදු රටක ජනතාවකට  සිදු නොවූ දේවල් සිදුවූ ජනතාවක් ඉන්න රටක් බවට අපේ රට අද පත්ව තිබෙනවා. ඒ නිසා  මේ ආණ්ඩුවෙන් අපේ රටත් ජනතාවත්  බේරගමු කියන ස්ථාවරයේ අද අපි ඉන්නවා.

අද අපේ රටේ ආණ්ඩුවක් තිබුණත් කිසිම ගැටලූවකට වගකියන ආණ්ඩුවක් මේ රටේ අද නැහැ. කිසිම ප‍්‍රශ්නයකට පිළිතුරක් දෙන  රජයක් නෙමෙයි මේ පවතින්නේ. අද අපිට අසාගෙන ඉන්න තියෙන්නේ  මේ ආණ්ඩු කරන පුද්ගලයන්ගේ ප‍්‍රශ්න සහ රණ්ඩුයි.

අද ජනාධිපතිට අගමැති චෝදනා කරනව. අගමැතිට ජනාධිපති චෝදනා කරනවා. එවැනි නාටකයක් මේ රටේ ජනතාව හැටියට අපිට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. අද මේ පාලකයන්ගේ එකම වගකීම වෙලා තියෙන්නේ තම තමන්ගේ බලය රැක ගැනීමයි.  ඒ වෙනුවෙන් ඔවුන් ජනතාව රවටමින් උදේ,  දිවා නැතිව කැපවෙනවා.

අද ජනතාවට තමන්ගේ දුක් ගැනවිල්ලක් කියන්න පුලූවන් දේශපාලඥයෙක් මේ රජය තුළ නැහැ. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය නිසා මේ රට අද තවත් ප‍්‍රපාතයකට වැටිලා තියෙනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට අද වනතෙක් මේ ආණ්ඩුවෙන් කිසිදු විසඳුමක් නැහැ. ජේ. ආර් ජයවර්ධන මහතා ඒ කාලේ ප‍්‍රකාශ කළා වගේම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපුරා ගත යුතුයි කියන පණිවිඩය මේ ආණ්ඩුවත් අපිට ලබා දීලා තියෙනවා.

නිතරම රටේ අර්බුදයක් නිර්මාණය කරලා මේ රජය ජාත්‍යන්තර  ගිවිසුම්වලට එළැඹෙමින් සිටිනවා. මේ ගැටුම් අස්සේ  වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට භාර දුන්නා. මේ ආණ්ඩුව අද වැඩ කරන්නේ පිට් පොකට් කාරයෝ වගේ. මේ රට අද ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට පත්වෙලා.

මේ ආණ්ඩුවේ ක‍්‍රියාකලාපයන්ට රැවටෙන්න අපි සූදානම් නැහැ. මේ ආණ්ඩුවේ කටයුතු දෙස අපි වෙනදටත් වඩා විමසිල්ලෙන් බලා සිටිනවා. දැන් මේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ගැටලූව විසඳීමටත් මේ ආණ්ඩුව ඉදිරිපත් වෙන බවක් පේන්න නැහැ.

අනාගත දරු පරපුරට රටක් ඉතුරු කරන්න කියලා අපි මේ පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ බෝඩිංකාරයේ වගේ කටයුතු කරන්නේ නැතිව රටේ භාරකාරයන් යැයි සිතමින් වගකීම් සහගතව කටයුතු කරන ලෙසට අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.

මහ මැතිවරණයක් උදෙසා වු ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු අනූප පැස්කුවල් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.

 



අදහස් (13)

‘ජාත්‍යන්තරයට වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්වෙලා’

vernon Wednesday, 12 June 2019 09:44 AM

හැබැයි චීන කොලනියක් වෙන එක ගැන කතා නෑ.

:       155       174

Tharaka Wednesday, 12 June 2019 10:13 AM

අනේ හාමුදුරුවනේ දන්නේ නැති ආර්ථික විද්‍යාව හා වෙනත් විෂයන් ගැන කතා නොකර ඉන්න බැරිද? පින් සිද්දවෙයි.

:       426       302

ජයන්ත මිලානෝ Wednesday, 12 June 2019 10:32 AM

රටට ආදරයක් ඇති සෑම කෙනෙක්ම අවදිව කටයුතු කරන්න අවශ්‍ය කාලයකයි මේ අප ඉන්නේ. මේ නිල්, රතු, කොල පක්ෂ කාරයන් රටේ ජනතාව දාම් බෝඩ් එකෙ ඉත්තන් කරගත් කාලය ඉතින් ඇති. මෙහෙම ගියොත් අපේ දරුවන්ට රටක් ඉතුරුවෙන්නේ නැහැ. අවුරුදු 5කට බලය අරන් පරදේසක්කාරයින්ට රට විකුණනවා... හරියට අම්මාගෙ අප්පාගේ දේපල වගේ.

:       8       292

RanaWednesday, 12 June 2019 11:40 AM

මෙහෙමත් කුහක ගෝත්‍රවාදියෝ.

:       54       104

kamaniWednesday, 12 June 2019 11:46 AM

ඇයි අනේ ඔයා එහෙනම් පරදේසෙක ඉඳලා අදහස් දක්වන්නේ..?

:       0       8

Priayanjana Wednesday, 12 June 2019 10:46 AM

පසුගිය රජය මේ රට ණය අගාදයකට ඇද දැමුවා. දැන් මතක නැහැ. එම නිසා මේවා දියුණු කරීමට අවශ්‍ය ධනය හා තාක්ෂණය ලබා ගැනීමට රටට හැකියාවක් නැහැ. එම නිසා මෙම ක්‍රමයට හෝ මේවා දියුණු කිරීම් හොදයි. මේවා නවලෝක ආර්ථිකයේ බහුලව විවිධ රටවල දක්නට ලැබෙනවා. මේ මගින් ප්‍රාග්ධනය, තාක්ෂනය හා වෙළදපල ලැබෙනවා.

:       123       54

සරත් උඩුගම Wednesday, 12 June 2019 11:16 AM

හාමුදුරුවනේ.. අර ඇලෝසියස්ගෙන් ගත්ත ලක්ෂ 10 අහවරයිද?

:       209       145

nandana Wednesday, 12 June 2019 11:45 AM

පසුගියදා ඇතිවූ බෝම්බ ප්‍රහාරයට, ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා යම් වගකීමක් භාර ගත යුතුබව ඇත්ත. බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම හෝ මරණයට පත් කිරීමෙන් අද තත්වය යම් දුරකට පාලනය වී ඇත. ලංකාව ප්‍රාග්ධනය අඩු, දුප්පත් රටක් බැවින් අපේ තරුණ, තරුණියන් හට රැකියා අවස්ථා ජනනය කිරීම රජයට තනිවම කළ නොහැක. ඒ සඳහා විදේශ ආයෝජන රට තුළට ගෙන ඒම වැදගත් බැවින්, සිදුවන සියලු දේ "වෙන්දේසියක්" සේ සැලකීම යෝග්‍ය නොවේ.

:       46       118

ජයන්ත Wednesday, 12 June 2019 12:09 PM

1983දී ඔබවහන්සේ රටට කළ සේවයේ ප්‍රතිඵල අවුරුදු 30ක් තිස්සේ අත්වින්ද බවත් අමතක නැහැ.

:       166       107

Thusitha Wednesday, 12 June 2019 02:13 PM

වර්නන් තාරක කියන දෙන්නගේ කමෙන්ට් දැක්කම ශුවර් 62ලක්ෂේ මීහරකුන් කියලා තේරෙනවා. මේ තියෙන දේවල් විකුන විකුණා හෝරාකන්නේ ඔබලට, අපිට, අපේ දරුවන්ට දෙන්න නෙවෙයි. ඔවුන්ටයි, ඔවුන්ගේ හත්මුතු පරම්පරාවටයි සැප ගන්නයි මේ කතාකරන්නේ... එව්වට විරුද්ධව තේරුම් ගනිල්ලා..

:       339       216

channaWednesday, 12 June 2019 03:17 PM

මේක මෝඩ අදහසක්...

:       19       43

SamanThursday, 13 June 2019 05:26 AM

ෂැන්ග්‍රිලා ?

:       0       0

Chanak los angeles Wednesday, 12 June 2019 03:06 PM

එදා චීනා සල්ලි පොදියක් දීලා තිබුනේ පන්සලත් චීන වෙන්දේසියට ගියාද කියා සැකයක් එනවා..

:       210       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 75 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 32 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 347 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 533 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 305 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 258 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site