IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෛද්‍ය සභාවේ කටයුතු ගැන හොයන්න පංච පුද්ගල කමිටුවක්

(ඩයනා උදයංගනී)


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත.


වෛද්‍ය සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම කමිටුව පත් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.


විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා, රාගම වෛද්‍ය පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විජේසිංහ, විශේෂඥ වෛද්‍ය මෛත්‍රී  චන්ද්‍රරත්න, විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන යන මහත්වරුන් සහ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.


මේ වන විට වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිව තිබෙන බවත්, එම බලපෑම් ඉවත් කරන නැවතත් ස්වාධීන ආයතනයක් බවට පත් කරන ලෙසත් තමන් වෙත පැමිණිලි කළ පාර්ශව ඉල්ලා ඇතැයි ද ඇමැතිවරිය කීවාය.


ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඇති වූ සිද්ධි, වෛද්‍ය සභාව තුළ පුරප්පාඩු වී ඇති නියෝජිතයින් පත් කිරීම සඳහා පැවැත්විය යුතු නිලවරණය දිගින් දිගටම කල්දැමීම, වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නොමැති වෛද්‍යවරුන් එහි ලියාපදිංචියට කටයුතු කිරීම, විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරිම සඳහා පවත්වනු ලබන ඊ.ආර්.පී.එම් විභාගය කල්දැමීම සහ වෛද්‍ය සභාව තුළ එහි විෂය පථයට හා පවතින නීතිවලට පරිබාහිර පැමිණිලි විභාග කිරීම ආදී වශයෙන් තමා වෙත වෛද්‍ය සභාවට එරෙහි පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ද ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කළ ස්වාධීන ආයතනයක් බවත් එහි ප්‍රධානතම වගකීම රෝගී අයිතිවාසිකම් සුරකිමින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීම, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම හා වෛද්‍යවරුන් නියාමනය කිරීම බවත් ඇය කීවාය.


වෛද්‍ය සභාව ගන්නා තීන්දු තීරණ වල අවසන් වගකීම පැවරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට බව කී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉහත පැමිණිලි සම්බන්ධයෙන් අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදිම සදහා මෙම විශේෂඥ කමිටුවක් පත් කළ බව ද කීවාය.


මීට අමතරව ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවෙන් ද වාර්තාවක් ඉල්ලා ඇතැයි කී ඇමැතිනි එම වාර්තාවන් ලැබුණු පසු අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළාය.

 



අදහස් (1)

වෛද්‍ය සභාවේ කටයුතු ගැන හොයන්න පංච පුද්ගල කමිටුවක්

dasun Thursday, 17 September 2020 05:32 AM

මේ කමිටුව වෛද්‍ය සභාවේ කටයුතු ගැනත් හොයනවද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 46 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 82 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 289 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 443 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 203 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 434 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site