IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන දැන් කතා බෑ

(බිඟුන් මේනක ගමගේ)

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කතා කතාකළ හැකි දේශපාලන පරිසරය අහෝසි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමගම ජාතික ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාව ඉහළට එසැවීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලංකාදීපයට අද(7) පැවැසීය.

එම නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන මහ මැතිවරණයේ දී කතා කළ හැක්කේ ඔලුව අමාරුවක් ඇති අයෙකුට පමණක් යැයිද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අවධාරණය කර කීය.

එසේ වුවද දහනවවැනි සංශෝධනයෙන් රටට උරුම කර දුන් ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ආරක්ෂා කර ගත යුතු යැයි ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (43)

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන දැන් කතා බෑ

janaka Saturday, 07 December 2019 10:00 AM

ඔයාලා මොනවා කිව්වත් වැඩක් නැහැ. ජාතික ලැයිස්තුවෙන් නේද ආවේ...?

:       1079       2608

SankaSunday, 08 December 2019 06:51 AM

එයාලා මොනවා කිව්වත් වැඩක් නැත්තේ නැහැ. මොකද... ඔය නිල් සහ කොළ පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ගේ මහාපරිමාණ හොරකම් හොයලා සාක්කි ඇතුව මහජනතාවට කියන්නේ එයාල විතරමයි. ඉතින් එ්කම මදැයි දෙයියනේ. ඡන්ද දායකයින්ට නොතේරෙන එකයි මේකේ අරුමේ... රටේ කරුමේ.

:       37       469

ruchiSunday, 08 December 2019 11:53 AM

ඒ කියන්නේ 3%ක් මොලේතියන අය ඉන්නේ කියන එකද? එතකොට 97%ම මෝඩයෝ? අනේමන්දා.... ජෙප්පන්ගේ සිතුම් පැතුම්..

:       22       79

දුශ්මන්ත Saturday, 07 December 2019 10:37 AM

ජනාධිපතිගේ බලතල අඩුකර පාර්ලිමේන්තුවේ බලය වැඩිකිරීමෙන් අහිතකර ඵලවිපාක රාශියක් තිබෙනවා. වැඩි බහුතර බලයක් නොතිබුනොත් බෙදුම්වාදීන්ගේ අසාධාරණ ඉල්ලීම් ඉටුකිරීමට සිදුවෙනවා. මන්ත්‍රීවරු මුදලට විකිනී රජය අස්ථාවරවීම් නිතර සිදුවෙනවා. ජනපති සහ අගමැති අදහස් නොගැලපුණොත් රට එහෙම් පිටින්ම අස්ථාවර වෙනවා. අවසානයේ ජනතාවට ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවුල් ගොඩකි. නමුත් සමහර දේශපාලන පක්ෂවලට නම් බොරදියේ මාලු බෑ හැකිය.

:       2482       4363

RaveendraSaturday, 07 December 2019 08:43 PM

දුශ්මන්ත මයා, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු .රටක අනාගතය ගැන නොසිතා තම වාසිය වෙනුවෙන් බලයේ සිටීමට තමන් උපන් රට හැමවිටම මුදලට පාවාදීම අතින් අපේ රට ලෝකයේ මුල් තැන හිමිව ඇති බව නොරහසකි. අප කිසිවිට කෙනෙකුගේ ජිවිතයක් නැති කරනවාට කැමති නැත. නමුත් තමන් උපන් මව්බිම පාවාදෙන ඕනෑම දේෂද්‍රෝහියෙකුට මේ රටේ ජීවත්වීමට ඉඩ දිය යුතු නැත යන්න සදහන් කළ යුතුමය. එම ද්‍රෝහීන්ගේ පක්ෂ, පාට අදාළ නැත. නැවතත් මෙසේ සදහන් කරන්නෙමු ලෝක යුද්ධයේදී යුදෙව්වන් අමානුෂික ලෙස ඝාතනය කළ එම ඝාතකයන් හා ඊස්‍රායල් ඔලිම්පික් ක්‍රීඩකයන් ඝාතනය කළ ඒ ත්‍රස්තවාදීන් සොයා ගොස් මරා දැමීම හා සමාන ක්‍රියාවලියක් කළ යුතුමය. සාමකාමී සමාජයක් ඇති කිරීමට නම් එවන් නිවටයන් පක්ෂ පාටවලින් තොරව සමාජයෙන් තුරන් කළ යුතුය. එලෙසම රටේ පැවැත්ම වෙනුවෙන් පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නාවූ අණ පනත් වලට විරුද්ධවන්නේ කවුද ඔහු සමාජයෙන් තුරන් කළ යුතුය.

:       226       153

චිත්‍රානන්ද Sunday, 08 December 2019 11:59 PM

ජාතික ආරක්ෂාව, බටහිර කුමන්ත්‍රණ අප රටට පමණක් උරුම දේවල් නොවේ. ඒවා හුදු බලය රැකගැනීමේ සටන් පාඨය. ජාතික ආරක්ෂාවට හමුදා ශක්තිමත් කිරීම උත්තරයක් නොවේ. ජාතීන් අතර සමගිය ඇතිකිරීම ප්‍රධානතම වගකීමයි. අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමද ඊට සමගාමිව සිදුකලයුතුයි. ඔබ දකින විධායකය විවිධ ජන කොට්ඨාශ ජීවත් වන ඉන්දියාවේ පවා නොමැත.

:       3       64

ranaSunday, 08 December 2019 04:17 AM

වැරදිවට තේරුම් ගන්න එපා. අදහස 225 පාර්ලිමේන්තුව 25 පමණ අඩු කර පැනීම නතර කොට බලතල ජනතාව පෙලන්න නොවේ. විධායකය සහ ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තු බලයට යටකොට සාදන ව්‍යවස්ථාවකටයි. දැන් ඇති ඒකාධිපති පාලනයක්. කල්පනාකාරලා බලන්න. බුද්ධිමත්, ප්‍රතිපත්තිගරුක, නායකත්වය දැරිය හැකි පෞරුශත්වයක් ඇති ඈයෝ තුලින් අපට යා හැකි ගමනකි.

:       121       58

mp Saturday, 07 December 2019 10:39 AM

කට නැතිනම් 3%ත් නැහැ.

:       317       743

ශ්‍රීSaturday, 07 December 2019 01:15 PM

වඩා වටින්නේ රන්ද යකඩද ?

:       47       181

ගජමෑන්Saturday, 07 December 2019 03:58 PM

රන් නැතුව ජීවත් වියහැක. යකඩ නැති වුනොත් එඩේර යුගයට යාමට සිදුවේ

:       27       271

SamanSaturday, 07 December 2019 09:10 PM

ඇඟේ දුවන ලේ ටික හැදෙන්නත් යකඩ ඕනා. නැතිවුනොත් පාණ්ඩුව වැඩිවෙලා මැරෙන්න පුළුවන්. රත්තරන් නැතිවුනාට ලේ නැතිවෙන්නේ නැත. ජාතික ආරක්ෂාව නැතිවුනොත් රටක පැවැත්ම නැතිවෙන්න පුළුවන. ඒ නිසා රත්තරවලට වඩා වටින යකඩ මලකඩ කන්න නොදී රැකගත යුතුමය.

:       5       5

ධනුෂ්කSunday, 08 December 2019 12:54 AM

රත්තරන් හෝ යකඩ කවදාවත් නැති වන්නේ නැත. හැබැයි යකඩ වලට කවදාවත් රත්තරන් වල වටිනාකම ලැබෙන්නේ නැත.

:       5       112

k SankaSunday, 08 December 2019 10:23 AM

ලොව බුදු දහම අදහන්නේ 7% පමණි. නමුත්, ඒකෙන් කියැවෙන්නේ නෑ බුදු දහම මිත්‍යාදෘෂ්ඨිකයි කියලා.

:       0       55

sarathMonday, 09 December 2019 07:01 AM

හෙට අනිද්දා වෙනකොට යකඩත් කන්න පටන් ගත්තහම බලාගන්න පුළුවන්.

:       0       1

රවින් Saturday, 07 December 2019 10:51 AM

හිටන් කළ තවත් වැඩක් තමයි ඕක... මට නැතිනම් අනික් අයටත් නැහැ, යන යකා කොරහත් බිඳගෙන යනවායි කියන වැකියට හා බල්ලොත් එක්ක නිදියගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවායි කියන කියමන්වලට දුන්නු හොඳම අර්ථකථනය, කිය කියා හිටියේ මන් යනකොට හොඳ වැඩක් කරලා යනවයි කියලා. ප්‍රධාන පක්ෂ දෙකක් නන්නත්තාරයි. රට නන්නත්තාරයි ගොඩ ගන්න හරිම අමාරුයි. හැබැයි මෑන්ස් ගොඩ. ගෙදර විතරක් මදැයි.

:       440       738

gaganaSunday, 08 December 2019 03:59 AM

ඔබ හරි. ඔහු කූට ජනපතියෙක්.

:       20       51

fasmy Saturday, 07 December 2019 10:57 AM

ඡන්ද කාලේ දැකපු නැති ජෙප්පෝ දැන් මේවා දකිනවා..

:       1018       359

Rathnajiwa Saturday, 07 December 2019 11:18 AM

පොලිස්පති අයින් කරගන්න බැරි ස්වාධීන කොමිෂන් සභා..

:       5       231

විනිවිද Washington Saturday, 07 December 2019 11:26 AM

එම නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කතා කිරීමට අවශ්‍ය නොමැත. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් එක්ව ඔවුන්ගේ ඡන්දයෙන් දහනවවැනි සංශෝධනයෙන් රටට උරුම කර දුන් ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ආරක්ෂා කරගත යුතු මෙන්ම ජනාධිපතිවරයාගේ බලතල 90% නැතිකොට තිබේ. ඔහුගේ පළමු කතාවෙන්ම වර්තමාන ජනාධිපතිවරයා විසින්ම ඔහු විධායක ජනාධිපතිවරයා යනුවෙන් හදුන්වා ගනු ලැබුවේ ඒ වන විට ඔහු 19 වන සංශෝධනය නිවැරදිව කියවා හෝ සම්පුර්ණයෙන්ම කියවා නොතිබෙන්නට ඇත. වෙන කවුරුත් නොව ඔහු පුනපුනා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන කොමිෂන් සභා නිසා ඔහුට රට පාලනය කල නොහැකි බවකි. දහනවවැනි සංශෝධනය යනු ජනාධිපතිවරයාගේ තිබු අසීමිත බලතල පාර්ලිමේන්තුවට ලබා ගැනීමකි. දහනවවැනි සංශෝධනය වෙනුවෙන් කතා කිරීමට සහ එහි වටිනාකම සහ වැදගත්කම පමණක් නොව එයින් මහජනතාවට ලැබී ඇති බලය පිළිබඳවත් මහජනතාවට එය බලපාන්නේ කෙසේද කියා මහජනතාව දැනුවත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමකි

:       451       264

කුමාර Saturday, 07 December 2019 12:08 PM

එහෙනම් මොකටද විධායක ජනාධිපති වෙන්න තරඟ කලේ...?

:       439       604

KoddaSaturday, 07 December 2019 01:06 PM

ඉස්සෙල්ලා ප්‍රවෘත්තිය කියවලා පස්සේ අදහස් දක්වන්න

:       255       157

සේනක Saturday, 07 December 2019 01:44 PM

අයියලා ටික හැමදාම කරන රැකියාව ආයිත් අලුතෙන් ආරම්භ කරලා වගේ හැමදාම ඉතින් කියව කියවා ඉන්න තියෙන්නේ. කරන මගුලකුත් නෑ.. හරි ප්‍රතිපත්තිකුත් නෑ. හැමදාම ඉතිං විවේචනය කරකර ඉන්න තියෙන්නේ...

:       66       247

appo Saturday, 07 December 2019 12:28 PM

මෙයාගේ මහා ජෙප්ප පසුගිය මැතිවරණ වේදිකාවලදී විජේවීර තුමා ගැන හෝ මේ ගොල්ලන්ගේ ශුද්ධ වචනය වන සමාජවාදය ගැන සදහනක් නොකරපු කෙනෙක්...

:       166       337

Champa Saturday, 07 December 2019 01:13 PM

මෙන්න බලා ගන්න දිව දෙකේ කතා. 2015 UNP, TNA සහ මුස්ලිම් පක්ෂ එක්ක එකතු වෙලා මහින්දව පරද්දන්න තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වේ. ඊට පස්සේ එහෙම කියපු ජේවීපී එක විධායක ජනාධිපති ධූරයටත් ඡන්දෙ ඉල්ලුවා. දැන් කියනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එක වලංගු නැහැලු.

:       161       158

ධනුෂ්කSunday, 08 December 2019 01:07 AM

ඔබ දේශපාලන ඉතිහාසය ටිකක් මතක් කරගෙන වාද කරන්න. විධායක ජනාධිපති ධූරය අයින් කරන්න කියන්නේ 80 දශකයේ ඉඳලා. මහින්දත් ආවේ ඒක අයින් කරනවා කියලා තමා. බලය තිබිලත් අයින් කරාද ? අනික් අයගේ ඇස් වල පොල් කෙඳි හොයන්න කලින්. 20වෙනි සංශෝධය ගෙනෙවේ මහින්ද ඉද්දි නෙමෙයි. දැන් ඒ ගැන කතා කරලා වලංගු නෑ කියන්නේ එම ධූරයේ ඉන්න කෙනා නිසා. ඔහු එහෙම පොරොන්දුවක් දීලා ජනවරමක් ගත්තේ නෑනේ.

:       1       112

chamath Saturday, 07 December 2019 01:15 PM

ඔබතුමාලට කොහොමත් අයිතියක් නැහැ විධායකය ගැන කතා කරන්න. හොඳට බලන්න ඔයාලගේ ඡන්ද ප්‍රතිපලය

:       210       92

gamage Saturday, 07 December 2019 01:37 PM

ඊළඟ ඡන්දෙන් ඔහෙලා ගෙදර තමයි.

:       230       270

Mahesh Saturday, 07 December 2019 02:07 PM

මේ අය තමයි හැම ආණ්ඩුවක්ම කෑවේ විකාර කරලා..

:       168       183

suranjithSaturday, 07 December 2019 03:23 PM

ඔයාගේ ආණ්ඩුව රට එකපාරක් කෑවා. මේ සැරේත් එ්කම තමයි.

:       36       158

upul Saturday, 07 December 2019 02:09 PM

ඔබ හිසමත තබාගෙන ඉන්න ඇමෙරිකාවේත් විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා...

:       11       133

wasantha Saturday, 07 December 2019 03:07 PM

දැන් විධායක ජනපතිතුමා හොඳයි.

:       106       71

සමරෙ Saturday, 07 December 2019 05:26 PM

නරකද ඔය අපේ කොල්ලොත් එක්ක එකතු වෙලා පුරන් කුඹුරක් හරි, අඩු තරමින් තාප්පයක් හරි පාට කරන්න අත් උදව් දුන්නොත්...? මොකද දැන් ඔහෙලගේ බයිලා අහන අපිට තිත්ත වෙලා.

:       5       1

Bandara Saturday, 07 December 2019 05:46 PM

අම්මෝ ඇත්තද? සුදු වෑන් කියලා ටොම් පච ඇදබාලා දැන් තව එකක් පටන් ගන්න වගේ.

:       105       2

ashan Saturday, 07 December 2019 08:08 PM

ඉහත අදහස් දැක්කම අපේ රටේ මිනිස්සු කොච්චර මෝඩයෝද කියලා තේරෙනවා. මුලු ලෝකෙම නිදහස වෙනුවෙන් සටන් කරද්දි අපේ මිනිස්සු ඒකාධිපතියෙකු ඕන කියලා කෑගහනවා. කවදා මේ වහල් මානසිකත්වයෙන් මිදෙයිද දන්නෑ.

:       3       95

ලුම්බිණි Sunday, 08 December 2019 12:00 AM

විධායක ජනාධිපතිකම නැති කිරීම ඔය ගොල්ලන්ගේ ප්‍රතිපත්තියේ තිබුන එකක් නේද? දැන් මොකද වෙන කතාවක්. ප්‍රතිපත්තියක ඉන්නවා නම් එකේම ඉන්න. දැන් බලන කොට හැමෝම එකයි.

:       24       10

මාලිනි හේවාමල්ලිකා Sunday, 08 December 2019 02:24 AM

මේ ගොල්ල නේද විධායක ජනාධිපති අහෝසි කරන 20 වෙනි සංශෝධනය සභාගත කලේ? දැන් කොහොමද අදාළ නැහැ කියන්නේ? සෝභිත හාමුදුරුවන්ටවත් සාධාරණයක් කරන්න. කොන්ද කෙලින් තියාගෙන ඉන්නකෝ එක මතයක. පාස්කු ප්‍රහාරයම ඇති විධායක ජනාධිපතිකම අහෝසි කරන්න.

:       3       4

Jayanath Sunday, 08 December 2019 03:39 AM

මේ කියව කියව වටේ යන ගොන්නු ටික අල්ලලා හිරේට හරි දැම්මනම් රටේ වැඩක් කළහැකි කරදරයක් නැතිව.

:       62       0

උපුල Sunday, 08 December 2019 03:58 AM

විධායක ජනපති ක්‍රමය වැරදි කෙනෙකුට කලින් තිබිලා කරපු වින්නැහිය මදැයි. වටේ ඉන්න විවිධාකාර අන්ඩයන්ගේ කූට රූකඩ මෙහෙයවීම් නිසා කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්න බැරි හිටපු ජනාධිපති මිනීමරුවෝ නිදහස් කර කර මහලොකුවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන පම්පෝරි ගැහුවා. ඔය බලය තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ලී කුවාන් යූ, මහතීර් මොහොමඩ් සහ ගොඨාභය රාජපක්ෂ වැනි කොඳු නාරටි තියෙන, දැක්මක් තියෙන, අභීත නායකයන්ට පමණයි.

:       169       55

උපුල Sunday, 08 December 2019 04:53 AM

ඔහොම යං ඉතින්. මොනා කරන්නද ?

:       1       0

janahitha Sunday, 08 December 2019 04:02 AM

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කතා කතාකළ හැකි දේශපාලන පරිසරය අහෝසි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සම්පුර්ණ ඇත්ත සහෝ. රනිල් මහත්තය නැහැ නේ අගමැතිකමේ. දැන් ඕන නැහැ කඩේ යන හැටි රතු අලි පැටව්.

:       126       6

Bamunuarachchi Sunday, 08 December 2019 01:07 PM

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන දැන් කතා බෑ. ඒ ගැන වචනයක් කතා කරන්න එපා. විධායක ජනාධිපති ධුරය මෙරටට තාමත් අවශ්‍ය එකක්...

:       36       0

sarath Monday, 09 December 2019 07:05 AM

3%ක් බත් කන අයගෙන් එකෙක් මම... ඒ ගැන ආඩම්බරයි. දැන් තණකොළ වවන්න පටන් අරගෙන කියන්නේ ඇත්තද?

:       0       0

sampath Monday, 09 December 2019 08:38 AM

විධායකය අයින් කරනවා නම් 13 ඉවත් කරන්න ඕනේ.. නැත්නම් විධායකයක් අවශ්‍යයි. කෙසේවෙතත් ස්වාධීන කොමිසන් සභා යම් සාධනීය තත්වයක්... කෙසේවෙතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඍජුවම ජීවත් වීමේ අයිතිය පිළිගන්න ඕනේ... ඒ නැතිව මොකවත් වැඩක් නෑ... සියලු සංශෝධන දේශපාලන අවශ්‍යතාවයට කරපුවා මිස ජනතාව දිහා බලලා කරපුවා නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 146 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 158 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 159 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 382 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 429 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 754 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site