IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රෝගීන් අනතුරේ තබා කරාපිටියේ වෛද්‍යවරු කඹ අදිති

සිරංගිකා ලොකුකරවිට
 
ගාල්ල බෙලිගහ හන්දියේදී බල්ලකුගේ සපාකෑමට ලක්වූ දැරියන් දෙදෙනකු හා බල්ලන් සපා කෑ තවත් දෙදෙනකු  අද (12) කරාපිටිය රෝහලට ඇතුත් කර තිබූ අතර එහිදි හදිසි ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පවසා ඇත්තේ ජලභීතිකා එන්නත විදීම තම රාජකාරිය නොවන බවයි. 
 
රෝහල් අධ්‍යක්ෂකවරයාටද මෙම ගැටලුව සමතයකට පත් කරීමට නොහැකි වී ඇති අතර ඔහු පවසන්නේ මේ හේතුවෙන් දරුවන්ට යම් කරදරයක් සිදු වුවහොත් මෙයට සම්බන්ධ විශේෂඥ ශල්‍යවෙද්‍යවරුන් එහි වගකීම බාරගතයුතු බවයි.
 
අභ්‍යන්තර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු පවසන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් මෙම කාර්යය ඉටුකල යුතු බවයි. හදිසි ප්‍රතිකාර ඒකකයේ ශල්‍යාගාර පහසුකම් හා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හතර දෙනකු සිටින බවත් ලංකාවේ අනික් බොහෝ ප්‍රධාන රෝහල් වල මෙම කාර්යය ඉටුකරන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් බවත් ඔවුහු පවසති. 
 
එසේම මෙවැනි රෝගියෙකුට එන්නත් කිරීමෙන් පසු අවශ්‍ය වුවහොත් ශල්‍යාගාරයට ඇතුලත් කිරීමට සිදුවන බවද එවිට අභ්‍යන්තර ශල්‍යාගාර වල දෛනික සැත්කම් ප්‍රමාද කිරීමට සිදුවන බවද මෙම වෛද්‍යවරු පවසති. 
 
වෛද්‍යවරුන්ගේ  මෙම මත ගැටුම හේතුවෙන් රෝගීන් සිවුදෙනාට ප්‍රතිකාර ලබාදීමට අපහසු  වී ඇති බව රෝහල් පරිපාලන අධිකාරිය පවසයි.‍  
 
දැරියන් සපා කෑ බල්ලා මියගොස් ඇති බැවින් වෛද්‍යවරු පවසන්නේ හැකි ඉක්මනින් මෙම එන්නත ලබාදිය යුතු බවයි. කෙසේ වුවද අද රාත්‍රී වනතුරුත් මෙම ගැටලුව විසඳී නොතිබිණි.



අදහස් (20)

රෝගීන් අනතුරේ තබා කරාපිටියේ වෛද්‍යවරු කඹ අදිති

ලසන්ත Friday, 12 January 2018 03:42 PM

එන්නත දෙන්න කොළඹින් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යවන්න. මාසෙ පඩිය (කුලිය) කොළඹට ඇවිල්ලා ගන්න කියලා, තැන් දෙක තුනකින් බෙදලා දෙන විදියට වැඩ සලස්සන්න.

:       0       409

mali Friday, 12 January 2018 04:10 PM

අපේ ලංකාවේ දොස්තරලා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. 99% දොස්තරලා සල්ලි මත රාජකාරි කරන අතර මානුෂිය හැගීමක් ඇත්තෙම නැත. හොදම උදාහරණයක් මට මෑතකදී තියෙනවා. අපි රජයේ හොස්පිටල් එකකට ගියත් එතන ඉන්න ලොකු දොස්තර බලන්න නම් ඒ දොස්තර පිටින් චැනල් කරලා ඇදේ අංකය කියන්න ඕන. නැත්නම් බලන්නේ නැහැ. අනේ අපේ රටට ගිය කලක්.

:       2049       3151

SanjaySaturday, 13 January 2018 03:53 AM

බෞද්ධ නොවන රටවල් ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඕවා වෙන්නේ නැත.

:       45       127

MigidaSaturday, 13 January 2018 09:08 AM

මාලි , ඔබගේ අදහසට අකමැති අය එක්කෝ පිටරැටියෝ... එසේ නොවේනම් දොස්තරලාගේ හෙන්චයියෝ.

:       255       273

mahinda gamage Friday, 12 January 2018 04:30 PM

ඔය වෛද්‍යවරු සයිටම් එකෙන් බිහිවූ අයද රජයේ වෛද්‍ය විද්‍යාලය කින් බිහිවූ අය මෙලෙස රෝගීන්ට නොසලකයි.

:       548       1404

mangala Friday, 12 January 2018 05:15 PM

මේක තමා ලංකාවේ තියන ගැටලුව, හරියට මේක මෙතන විය යුතුයි කියල දෙයක් නැහැ. එක එක්කෙනාට ඕන විදිහට තමයි වැඩ, ඒක නිසා පාලකයිනි සයිටම් වගේ 10 දාන්න කලින් හරියට මාර්ගෝපදේශයක් හදන්න මම හිතන්නේ ඒක ගොඩක් ජනතාවට වැදගත් වෙයි.

:       0       4

Samitha Friday, 12 January 2018 06:15 PM

ඇත්ත, එන්නත් විදිම ශල්‍ය වෛද්‍යවරුන්ගේ රාජකාරිය නොවේ, එය මුලික ප්‍රතිකාර ඒකකයේ වැඩක්, මෙම එන්නත් සදහා විශාල වෙලාවක් ගතවේ, එයින් ශල්‍යකර්ම ප්‍රමාදය සිදුවේ..

:       1       3

Bimal Friday, 12 January 2018 07:31 PM

දියුණු රටවල නම් දොස්තරලා වසරක් පාසා තමන්ගේ බලපත්‍ර අලුත් කරගත යුතුයි. අපේ රටේ එවැනි ක්‍රමයක් ඇති කර විතරක් මදි හරියට ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි. හිටි ගමන් වර්ජනය කරන , රාජකාරි වෙලාවේ චැනල් සේවාවේ ඉන්න , රෝගීන් නොසලකා හරින දොස්තර කොට්ටාශය හැදෙන්නේ එතකොටයි.

:       0       1

Regino Friday, 12 January 2018 08:05 PM

නොමිලේ ඉගෙනුමේ තෙල තමයි ඔය.

:       0       1

kasun Saturday, 13 January 2018 01:12 AM

කතාවනම් නිදහස් සෞඛයයි, සයිටම් වහන්නයි.

:       0       35

පිටිගල මිලානෝ Saturday, 13 January 2018 01:21 AM

මෙහෙමත් නරක මිනිස්සු කොටසක්! ඉතාලියේ දොස්තරවරු මොන තරම් හොඳද. ඔහොම ගියොත් ලංකාවේ දොස්තරලාව කඩේකට හොටලේකටවත් ඇතුල් කරගන්නේ නැති වෙයි.

:       0       0

lakshman Saturday, 13 January 2018 03:17 AM

පිටරැටියකුත් මියගිය දඩාවතේ යන බල්ලන් ඇල්ලීම නවතා දැමු එවකට ඇමතිතුමාගේ තීරණයක්...

:       0       0

saliya prabhath Saturday, 13 January 2018 04:12 AM

සයිටම් එපා කියන අය මේ ගැන මොනවද කියන්නේ? මේකත් කුහකකම තමයි. වෛද්‍යවරු කියා ගන්න බිස්නස් කාරයින්ගේ සෛටෙම් එකෙක් මෙහෙම කලානම් කොහොම හිටියිද? සෛටෙම් එපා කියලා මේ අය ගහන බොරු කොහොමද? තවත් ප්‍රයිවට් වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ඕනේ මෙන්න මේ නිසා රජය මේ අයට යට නොවී කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගත යුතු වන්නේ ඒ නිසාය.

:       0       120

abaran Saturday, 13 January 2018 04:31 AM

පිටරටක ගිහින් දොස්තරකම් කරනවා නම් සුද්දගේ අසූචිත් සුද්ද කරයි හිනාවෙලා.... ලංකාවේදී තමයි මහන්තත්වයක් ඔළුවට ගහලා තියෙන්නේ...

:       212       268

Shan Saturday, 13 January 2018 08:06 AM

අපේ රටට පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි.

:       363       539

Migida Saturday, 13 January 2018 09:04 AM

මොවුන් මිනිසුන්ද? පාරේ යන යාචකයා පවා අනුන්ට උදව් කරනවා මිනිසත් බවේ නාමයෙන්. සුනඛයෝවත් නොකරන නින්දිත වැඩ තමයි දැන් කෙරෙන්නේ...

:       0       409

nimal jayawardena Saturday, 13 January 2018 10:17 AM

කව්ද නියම අය කියලා දැන්නම් තේරෙනවා.

:       0       48

කුමාර් (ගල්ෆ්) Saturday, 13 January 2018 06:24 PM

අපි නිකන් කියවලා වැඩක් නෑ, මේ නොමිනිස් දොස්තරලාගේ කන් බිහිරි වෙලා

:       0       14

රාජුන් Sunday, 14 January 2018 04:15 AM

මෙනවා ඉගෙනගත්තත් මනුස්සකම ඉගෙන ගෙන නැත්නම් එයින් වැඩක් තියෙනවද? නමුත් සමහර අය කියනවා මනුස්සකම උගන්නන්න බෑ ,උප්පත්තියෙන්ම එන දෙයක් කියල.

:       0       1

aka Sunday, 14 January 2018 04:17 AM

මේක ගැන වැඩි දුර විස්තර නැතිව කියන්න බෑ. නමුත් ජල භීතිකාවට ගහන එක එන්නතක් ඒක ඇලජික් වෙන්න පුලුවන් අයට ගහන්නේ ශල්‍යාගාරයක් ඇතුලෙ. ඇලජික් වෙනවද නැද්ද හොයන්න විදිහක් නෑ. සැක කරලා කරන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ වෛද්‍ය හිඟයට වඩා ශල්‍යාගාර වල හිඟය නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක් බවයි මට හිතෙන්නේ. දැනටමත් සයිටම් එකේ ඉන්න ලමයින්ගෙන් 30% දොස්තරලගෙ ලමයි. ඒ ගාණ ගෙවන්න පුලුවන් සෑහෙන තරම් පෞද්ගලික සේවයේ නියැලෙන දොස්තරලටම තමා, තව පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මත් ඒවයේ පරිපාලනය කරන්නේ හා උගන්වන්නේ දොස්තරලම නිසා ඒවයෙනුත් දොස්තරලගෙ ලමයින්ට ප්‍රමුඛතාව ලැබේවි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 60 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 101 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 313 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 470 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 209 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 442 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site