IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාධ්‍යවේදී පෝද්දල පැහැරගැනීම ගැන ඩීඅයිජී තෙන්නකෝන්ගෙන් ප්‍රකාශ ගනී

(තරිඳු ජයවර්ධන)
 
පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි.
 
පෝද්දල ජයන්ත මහතා පැහැර ගන්නා අවධියේ දේශබන්දු තෙන්නකෝන් මහතා නුගේගොඩ කොට්ඨාස භාර  පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කර ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
 
මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය ඒම වකවානුවේ දී ඊට සම්බන්ධ නැති දෙදෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතැයි ද, පොලිසිය එලෙස කළේ ඇයිදැයි එම පොලිසිය අයත් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ තෙන්නකෝන් මහතාගෙන් ප්‍රශ්න කළේයැයි ද රහස් පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
 
2009 ජුනි මාසයේ දී ඇඹිල්දෙනිය ප්‍රදේශයේදී සුදු වෑන් රියකින් ඒ මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා තිබිණි. ඒ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් නොවූ බව කියමින් 2017 ජුනි 20 වැනි දා ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය පැවැත්වෙයි.



අදහස් (4)

මාධ්‍යවේදී පෝද්දල පැහැරගැනීම ගැන ඩීඅයිජී තෙන්නකෝන්ගෙන් ප්‍රකාශ ගනී

Jayantha Monday, 21 January 2019 01:59 AM

හැමදාම ප්‍රකාශ විතරයි. දැන් අවුරුදු 4ක් වෙනවා පරීක්ෂණ පටන් අරන්. කෝ කවුරුවත් අත්අඩංගුවට ගත්තේ නැහැනේ. මේක විතරක් නෙවේ. කේස් තියෙනවා වැහි වැහැලා වගේ. මෙන්න උදාහරණ කීපයක්: ලසන්තා එක්නැලිගොඩ, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, වසීම් තාජුදීන්, පාසල් සිසුන් 11, ජාලිය වික්‍රමසූරිය, උදයංග වීරතුංග, ලලිත් වීරතුංග (සිල් රෙදි), ඇවන්ගාර්ඩ් ගාමිණී සෙනෙරත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ....

:       29       204

Sapumal.Monday, 21 January 2019 07:07 AM

ජයන්ත මහතා, ඔබතුමාගේ කතාව සහතික ඇත්ත. මේවා කළවුන් තවමත් නිදැල්ලේ. ගමේ පියදාස පොඩි දෙයක් කලත් ඒ අහිංසකයාට දැඩි දඬුවම්. මොවුන් මේ වැරදි වලින් බේරෙන්න පසුගිය කාලේ මොන තරම් උප්පරවැට්ටි දැම්මාද ? මන්ත්‍රී කෙනෙකුට කෝටි පනහක් දීලා ගන්න හැදුවේ නිකන් නොවෙයි. මේවා යට යවන්නයි. ඉදිරි මැතිවරණයට පෙර මේවාට දඬුවම් දෙන්න බැරි උනොත් මේ රජයෙන්ද වැඩක් නැහැ. පසුගිය කාලේ නෑකමට ඇදලා අත්අඩංගුවට ගැනීම වැලක්වූ බව අපට මතකයි. කරුණාකර නෑකම් හිතවත්කම් පක්ෂ පාට නොබලා වැරදි වලට දඬුවම් දෙන්න.

:       0       123

නිමල් Monday, 21 January 2019 05:08 AM

"වැටත් නියරත් ගොයම් කයි නම් කාට පවසන මේ අමාරුව" කියාලා අපේ පැරැන්නෝ කිව්වේ කට කහනවට නොවෙයිනේ!

:       0       16

pohotuwa Monday, 21 January 2019 05:50 AM

මෙයා එවැනි වැඩ කරන්නේ නැහැ.

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 24 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 13 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 274 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 485 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 273 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 239 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site