IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහනුවර අලාභ හානි ගැන යුදහමුදාවෙන් පොරොන්දුවක්

චමිල් රූපසිංහ
 
මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානිවූ පූජනීය ස්ථාන හා නිවාස එළඹෙන වෙසක් පුන් පොහෝ දිනට පෙර ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන්ට බාරදෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

 
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන්  බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ සේනනායක මහතා   මේබව ප්‍රකාශ කළේය.
 
විනාශවී ඇති සියලු ගොඩනැගිලි යතා තත්ත්වයට පත් කිරීම සඳහා ජනපති කාර්යාලයෙන් ඊට අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබා දෙන බවත්,  ජනපති උපදෙස් මත ත්‍රිවිධ හමුදාවේ මෙහෙය වීමෙන් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, මෙවර වෙසක් පුන් පොහෝ දිනය එළඹෙන අප්‍රේල් මස 29 දිනට පෙර විනාශවී ඇති සියලු ගොඩනැගිලි යතා තත්ත්වයට පත් කිරීම ඔස්සේ හැමෝටම එකට එකතුවී පෙර සේ වෙසක් සමරන්නට හැකියාව ලැබෙතැයි තමන් විශ්වාස කරන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
 
මහනුවර ඇතිවූ කලහකාරි සිදුවීම පිටුපස පිට පළාත් වලින් පැමිණි පිරිසක් සිටින බවත්,  මේ වනවිට ඔවුන් හඳුනා ගෙන තිබෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මල්වතු  මහා නාහිමිපානන් වහන්සේ හමුවේ පැවසීය. මහනුවර ජීවත්වන සාමකාමි ජනතාව උසිගන්වමින් නොයෙක් කඩාකප්පල්කාරී ඇති කිරීම සඳහා මොවුන් නායකත්වය ලබා දෙමින් සිටින බවත් භික්ෂූන් වහන්සේලා කිහිපනමක්ද ඒ අතර සිටින බවද යුද හමුදාපතිවරයා කීය.
 
යුද්ධයෙන් හමුදාවේ 2800 ක් මිය ගොස් 50000 ක් තුවාල ලද බවත් ඒ තිස් වසරක යුද්ධයේ ප්‍රථපල බවත් තිස් වසරක් පැවැති ත්‍රස්තවාදය නිමවී වසර 09 ක් යනවිට ජනතාවට අතීතය අමතක වන්නේ ඇයිද යන්න පිළිබඳව සැවොම සිතිය යුතු බවත් සේනානායක මහතා පැවසීය.  නැවැත මේ රටේ යුද්ධයක් ඇති නොවන සේ කටයුතු කරන්නට බුද්ධිමත් ජනතාවට වගකීමක් තිබෙන බව කී හමුදාපතිවරයා භූමියේ කොටසක් හෝ ප්‍රදේශයක කොටසක් ඉල්ලන පිරිසකට එරෙහිව කරන සටනක් නොවන බවත් ඒ මහතා සදහන් කළේය.
 
 
වසර 30 ක් තිස්සේ යුද්ධයෙන් අප බැට කෑ බවත් නැවත ජාතිය පදනම් කරගත් ගැටුම් මේ රටට අවශ්‍යය නැති බවත් මල්වතු මහනාහිමියෝ  පැවසූහ. නිදහස ලැබී 70 වසරක් ගෙවී තිබෙන මේ අවස්ථාවේ මැති ඇමැතිවරුන් තමන්ගේ දායකත්වය රටේ යහපතට නිවැරදි ලෙස ලබාදී තිබෙන්නේද යන ගැටලු සහගත මහනාහිමියෝ ප්‍රකාශ කළහ.



අදහස් (7)

මහනුවර අලාභ හානි ගැන යුදහමුදාවෙන් පොරොන්දුවක්

ජයරත්න Thursday, 08 March 2018 01:12 PM

මෙවැනි නායකයන් තවම ඉහල තැන්වල ඉන්න එක විතරයි අපිට අස්වැසිල්ලකට තියෙන්නේ.

:       0       0

Sunil Thursday, 08 March 2018 01:54 PM

මෙන්න රටට අවශ්‍ය කරන නියම නායකත්වයක්!! යුද්ධ හමුදාපතිතුමනි, සියලු ජාතින් අතර සාමය සංහිඳියාව ඇති කිරීම සඳහා ඔබ තුමන් ගන්නාවූ මේ ප්‍රශංසනීය උත්සාහයට මේ රටේ සියලුම ජාතින්ට අයත් ජනතාව ඔබතුමාට සිය කෘතඥතාවය දක්වනු නොඅනුමානයි. ඊලග වෙසක් උත්සවය බෞද්ධයන්ගේ පමණක් නොව සකල ශ්‍රී ලාංකීකයින් ගේ සමගියේ සංහිදියාවේ උත්සවයක් වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.

:       0       0

Achini Thursday, 08 March 2018 02:05 PM

මොලේ නැති කම තමයි, අපරාදේ රටේ සල්ලි...

:       3       43

අසරනයා Friday, 09 March 2018 12:50 AM

මේ වැය වෙන මුදල වැරදිකරුවන්ගෙන් අය කර ගත යුතුයි.

:       0       0

deshapremi Friday, 09 March 2018 02:10 AM

නිතරම ගැටුම් ඇතිවන්න් ප්‍රදහන හේතුවක් වන්නේ විෂම තත්වයන්ය,රැකියා ,අදායම්, වරප්‍රසාද, වගේ කරුණු මේවට පසුබිම් වෙනවා.පසුගිය චන්ද ප්‍රතිපල බැලුවහම පේනවා විශේෂයෙන් රටේ ඇත ප්‍රදේශ වල සිංහල ජනතාවත් කිසියම් පීඩන තත්වයක් ඇතුව සිටින බව.රටේ සිංහල බෞද්ධ ජනය ආදී පීඩනයෙන් සිටිය කලේ ජාතික නායකයින් ඉදිරි පත්වෙලා කටයුතු කල.එක උදාහරණයක් වනුයේ මේයින් වසර 130 කට පමණ පෙර බෞද්ධ ජාතික පාසල් රැසක් පිහිටුවීමයි.එමගින් විශේෂ ජනකොටසක් හදල දිර්ගකාලින වැඩපිළිවෙලක් කල.දැනුදු මෙම පිඩිත ජනතාවට ජන නායකයින් වැඩ පිළිවෙලක් සකස් කල යුතුව තිබෙනවා.මෙයට මහාසංඝය ගේ අසිර්වාදය ලැබිය යුතුයි.පසුගිය දිනවල පළාත් සභා බලගන්විමේදී ගත උත්සාහය ද මහසන්ඝ්යගේ ලැබුණු සහයෝගය ඉතා උතුම් ය.විශේෂයෙන් පන්සල් ආශ්‍රිතව මෙම වැඩ සිදුකල හැකිය.වැඩි අදායම් ලබන පන්සල් වලින් 10% මෙවැනි වැඩ සටහන් වලට යෙදිය හැකිය.මේවා සමහර ආගමික කොටස් ක්‍රියාත්මක කරති.ලෙඩට මුල සොයා ප්‍රතිකර්ම නොයෙදුවොත් සිදුවන්නේ ඇති භානයක තත්වයකි.

:       1       184

lalithsjm Friday, 09 March 2018 02:50 AM

මිනිස්සු ජාති භේදයක් නැතිව පීඩාවට පත්වෙලා මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා. බහුතරය කර කියාගන්න දෙයක් නැතිව ක්‍රෝධයෙන් වෛරයෙන් ඉන්නේ.ඉතින් පොඩි දේටත් ඇවිස්සෙනව.

:       0       102

ගුණවර්ධන Friday, 09 March 2018 08:32 AM

සම්පූර්ණ ඇත්ත..

:       0       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 56 0

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 272 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 148 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 272 1

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 626 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 793 5

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site