IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බැදුම්කරයට සම්බන්ධ 10 දෙනාට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ඉල්ලයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කළැයි මහා බැංකුවේ හිටපු අධිපතිවරයා සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතීපතිවරයා, අග‍්‍ර විනිශ්චකාරවරයාගෙන් අද (07) ඉල්ලීමක් කර ඇත.

රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවූ මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම, බැදුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවරීමට අවසර දෙන්නැයි නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලා ඇත.

අධිකරණ සංවිධාන පනතේ 124 අ (4) අ වගන්තිය යටතේ නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කර ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී සිදුවු මෙම අපරාධයට අදාළව පොදු දේපළ පනත යටතේ මෙන්ම ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ අධි චෝදනා 23ක් විත්තිකරුවන්ට එරෙහිව නැඟීමට නීතීපතිවරයා තීරණය කර ඇත.



අදහස් (4)

බැදුම්කරයට සම්බන්ධ 10 දෙනාට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ඉල්ලයි

සනත් ඉතාලිය Friday, 07 June 2019 03:33 PM

පාඩුව කෝටි 68ක්... කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් වත් ගියා වගේනේ...

:       0       121

RaveendraSaturday, 08 June 2019 03:01 PM

සහතික ඇත්ත... බිය නොවන්න. දැන් සියල්ල අමතකවී ඇත. මේ මහා හොරකමට සම්බන්ධ තක්කඩින් එක එක සභාවල ඉඳගෙන අනිත් මිනිසුන්ගෙන් ප්‍රශ්න අසන විහිළු මඩුද මේ සමග කරලියට පැමිණ ඇත. අවසානයේ අර්ජුනව හදුන්වා දුන් සූත්තරය... රවී ග්‍රහයා ඇතුළු එකී මෙකී නොකී පල් හොරු ඔක්කොම නිදහස්කොට හරින ලදී... යන තීරණ අපට අනාගතයේදී මෙම පුවත්පත්වලම දැකිය හැකිවනු ඇත.

:       0       0

nimal Saturday, 08 June 2019 09:57 AM

කොහොමත් ඡන්දේ ලංවෙද්දි සංදර්ශනයක් කරාවි. අපි රැවටෙන්න හොද නැහැ. ආයෙත් වලේ වැටෙන්න එපා

:       0       36

Ajantha Sunday, 09 June 2019 04:03 AM

බැඳුම්කරය? මම දන්නේ නැහැනේ... මොකක්ද ඒ? මට මතකත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 47 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 19 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 306 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 513 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 287 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 249 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site