IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බන්ධනාගාරයේ රැඳවියකුට පතාල කල්ලි පිරිසක් පහර දීලා


 (ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
 
ගාල්ල බන්ධනාගාරයේ අමුත්තන් බැලීමේ කාමරය අසලදී පාතාල කල්ලියක ගෝලයින් පිරිසක් සිරදඬුවම් විදිනු ලබන රැඳවියකුට පහරදී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.   


මෙම රැඳවියා බන්ධනාගාර නිලධාරින් විසින් කඩිනමින් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන විත් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු බන්ධනාගාර රෝහලට යළි රැගෙන ගොස් තිබේ.


සිරදඬුවම් විදිනු ලබන රැඳවියාගේ මුහුණට පහරදී ඇති අතර මෙම ගැටුම බන්ධනාගාර නිලධාරින් විසින් ක්ෂණිකව මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත. 


කොස්ගොඩ සුජි නැමැති පාතාල කල්ලියේ ගොලයින් පස්දෙනෙකු මෙම රැඳවියාට පහරදී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම රැඳවියා උපක්‍රමශිලිව අමුත්තන් බැලිමේ කාමරය අසලට  ගෙන්වා ගෙන  පහරදී ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.


කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ ඝාතනයට  සැකපිට අත්අඩංගුවට ගෙන ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු හා මෙම රැඳවියා අතර මීට දිනකට පමණ ඉහතදී ආරවුලක් ඇති වී තිබේ.


එයට පළිගැනීමක් වශයෙන් සිරදඬුවම් විදිනු ලබන රැඳවියාට පහරදී ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ පිළිබඳ ගාල්ල බන්ධනාගාර අධිකාර ජගත් චන්දන වීරසිංහ මහතාගෙන් අප කළ විමසුමක දී මෙසේ කිවේය.‍


සිරදඬුවම් විදිනු ලබන රැඳවියකුට පහර දිමක් වෙලා තියෙනවා. ඔහුගේ මුහුණට තමයි පහරදිම වෙලා තියෙන්නේ මොහු කරාපිටිය රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමෙන් පසු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තියෙනවා.

මෙම ගැටුම බන්ධනාගාර නිලධාරින් විසින් ක්ෂණිකව මැඩපැවැත්වීමට කටයුතු කළා.  බන්ධනාගාර නිතිරිති වලට අනුව  මෙකී පහරදිමට සම්බන්ධ අය බන්ධ විනිශ්චය මණ්ඩලය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට  කටයුතු කරනවා යැයි ද බන්ධනාගාර අධිකාරිවරයා සඳහන් කළේය.



අදහස් (1)

බන්ධනාගාරයේ රැඳවියකුට පතාල කල්ලි පිරිසක් පහර දීලා

රවින් Thursday, 14 June 2018 08:51 AM

පාතාලේ ගිහිල්ල තියන දුර.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 12 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 9 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 259 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 475 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 270 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 236 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site