IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත එන්න අවසර දෙන්නයි අගරදගුරුතුමෝ ඉල්ලති

(ඩයනා උදයංගනී)

රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා පවතින නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත පැමිණී‍මේ අවස්ථාව කිතුණු බැතිමතුන්ට ලබාදෙන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලා සිටිති.

කොරෝනා වසංගතය පිළිබඳ දැනගත් වහාම දෙව්මැදුරු වසා දමා එය පාලනය කිරීම සඳහා ලබා දිය හැකි උපරිම සහයක් ලබා දුන් කිතුණු ජනතාවට, නැවත වතාවක් රට යථාවත් වෙමින් පවතින අවස්ථාවේ දෙව් මැදුරු වලට එකතු වීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

දෙව් මැදුරු වසා දැමූ දින පටන් යාච්ඤා කටයුතු කිරීමට නොහැකිව දේවස්ථාන වලට යාමට මහත් ආශාවෙන් සිටින කිතුණු බැතිමතුන් වෙනුවෙන් නිරෝධායන නීති යටතේ ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස තමන් රජයන් ඉල්ලා ඇතැයි ද අගරදගුරුතුමෝ වැඩිදුරටත් සඳහන් කළහ.

 



අදහස් (22)

නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත එන්න අවසර දෙන්නයි අගරදගුරුතුමෝ ඉල්ලති

rohith Sunday, 07 June 2020 09:27 AM

දැනට වීඅයිපී විතරයි දෙවියන් බලන්න කැමති.. දැනට ඇ.ඩො.මි. 1100 අරන් තියෙන්නේ.., තවටිකක් මේකෙන් ප්‍රයෝජනයක් අරන්ම ඕපන් කරන්නම් අපේ හාමුදුරුවනේ..

:       108       232

dilanSunday, 07 June 2020 11:25 AM

දෙන්නම් දෙවියෝ, දෙන්නම්, ඔන්න හැබැයි ඉල්ලන් කෑවට පස්සේ දෙවියන් වහන්සේට අපහාස කරන්නේ එහෙම නැහැ හොඳේ...

:       0       63

Mr Don Sunday, 07 June 2020 09:36 AM

අනිවාර්යයෙන් අනුමැතිය දෙන්න ඕනේ...

:       58       100

ප්‍රභාත් Sunday, 07 June 2020 09:43 AM

නිරෝධායන නීති ක්‍රියාත්මක කරන්නේ තරහකට නොවන වග ඔබතුමා දන්නේ නැද්ද? ඔබතුමා අනවශ්‍ය ප්‍රශ්නයක් තමයි ඇති කරන්න හදන්නේ...

:       92       226

සංකල්ප Sunday, 07 June 2020 10:25 AM

සන්සුන් වන්න. ඔබ ලිපිය කියවා නැති හැඩයි. නැවත කියවන්න . එහි මෙසේ සදහන් වේ. ..... "පවතින නිරෝධායන නීති යටතේ, දේවස්ථාන වෙත පැමිණී‍මේ අවස්ථාව කිතුණු බැතිමතුන්ට ලබාදෙන්නැ'යි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලා සිටිති..... උපුටා ගැනීම අවසන් .

:       2       0

ලැවොයිසියර් Sunday, 07 June 2020 10:46 AM

ඔය ගැන දෙවියන් වහන්සේගෙන් කෙළින්ම කන්නලව් කළා නම් වැඩේ පහසු වේවි කියලයි මමනම් අවංකවම හිතන්නේ.

:       18       225

isurandi Sunday, 07 June 2020 10:47 AM

තමන් අදහන දෙවියා සිටිය යුත්තේ තම තමන්ගේ හිත්වලයි. ඕකට පන්සල් පල්ලි කෝවිල් දේවලම ඕනේ කියලා නැහැ තමන් අදහන ආගම දර්මය අදහන්න රැකගන්න. විය යුත්තේ තම තමන්ගේ ආරක්ෂාව සලසාගෙන අනුන්ටත් වදයක් නොවී හිදිමයි මේ වකවානුව ගෙවෙනකම්වත්...

:       2       163

chinthaka Sunday, 07 June 2020 11:24 AM

මම ඔබතුමන්ලාගෙන් අහන්නේ "මිනිසා විසින් දෙවියන් වහන්සේව මවන ලද්දේද?" නැතහොත් "දෙවියන් වහන්සේ විසින් මිනිසාව මවන ලද්දේද?" ඕනේනම් පොඩි ඉඟියක් දෙන්නම්, මේ දවස්වල මේ පැතිරිලා තියන කොරෝනා වසංගතේ ගැන හිතපුවාම උත්තරේ හොයාගන්න ලේසියි..

:       163       335

ravi Sunday, 07 June 2020 12:43 PM

ගරු අගරදගුරුතුමනි , උදාවෙලා ඇති තත්වයට කිසිම නිරෝධායනයක් ඔරොත්තු නොදෙන බව හේතු සනාතවෙලා තියනවා.. ජර්මනියේ දේව මෙහෙයුමකින් පසු 40කට අසාධ්‍යයි.. 300 කටත් වැඩි පිරිසක් නිරෝධායනයට ... මේ වගේදෙයක් සිද්ද වුනොත් ..?

:       1       171

Kamal KoyralaSunday, 07 June 2020 03:11 PM

එහෙමනම් දැන් ඡන්දෙ තියන්නේ කොහොමද.?

:       0       0

ලක්සිරි Sunday, 07 June 2020 09:13 PM

ඇත්තම කියනවා නම් රවී, ඡන්දෙ දානවා හැර වෙන කිසිදෙයක් කරන්න තරම් සුදුසු රෝගයක් නොවේ මේ කොරෝනා කියන්නේ. ඡන්දෙ දාලා අපි මැරුණත් පාලකයින්ට සහ ඔවුන්ගේ දරුවන්ට ජීවත් වෙන්න රටක් අපි ඉතිරි කරලා තියන්න ඕනා. ඒක අපේ වගකීම හා යුතුකම.

:       0       1

ප්‍රීති Sunday, 07 June 2020 12:44 PM

මේ අදහස් පලකොට ඇති සමහරක් දෙනා දෙවියන් වහන්සේ පිළිබඳව බද්ධ වෛරයකින් පසුවීම සාධාරණයි. මන්ද, ඔවුන්ට මව්කුස තුළදීම අවබෝධ වෙනවා ඔවුන්ගේ උත්පත්තිය දේව ශාපයකින්ම සිදුවූවක් බව. ඉතින් ඒ ජන්ම වෛරය පිරිමහ ගන්න නිතර උත්සාහ දරනවා. එක අතකට, වැරැද්ද කළ දෙමව්පියන්ට වෛර නොකර දෙවියන් වහන්සේට වෛර කිරීමත් මේ ලෝකෙට කරන විශාල සේවයක්. එසේ නොමැති නම් කළලය මවගේ කුස තුල තිබෙද්දී මවගේ මනසේ පවතින ව්‍යාකුල සිතුවිලි තුළින් මනස පෝෂණය වන මේ අය එය ඒ ලෙසම සමාජයට මුදා හරින්න ගත්තා නම් ඇතිවන තත්වය කෙබඳු විය හැකිද? හොඳ වෙලාවට මේ අයගෙන් සමහරක් අයට උප්පැන්නේ සඳහන් නම හා වාසගම වෙනුවට වෙනත් නමක් භාවිතා කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන්නේ. නැත්නම් ලෝකෙම විනාශයි.

:       1009       560

PrabhaSunday, 07 June 2020 05:25 PM

නම ප්‍රීති, ඒ නිසා කියන දේවල් ගණන් ගන්න එපා..

:       0       0

රවින් Sunday, 07 June 2020 12:53 PM

ඔබ වහන්සේ අහලා තියනවාද මන්දන්නේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ පෙබරවාරි මාසයට වැඩිය මැයි මාසේ වෙනකොට වැඩිපුර කට්ටිය ආගමානුකූල වෙලා. ඉස්සර පිස්සු බල්ලන් වගේ දුවපු අම්මා තාත්තා දවස් ගණනකින් නොදැකපු ළමයින්ට දැන් දවස පුරාවටම ආදරය, දයාව, කරුණාව හම්බ වෙනවලු. ඒ ගොල්ලන් ගැන වැඩිපුර සොයා බලනවාලු... අසල්වැසියාට පෙරට වඩා දයාව කරුණාව දක්වනවාලු. ගෙදර ඉඳන් උදේ, හවස ඔරසන් කියනවාලු, ගාථා කියනවාලු.., දෙවියන් අයදිනවාලු, තෝත්තර කියනවාලු. කිසිම නෑයෙක්, හිතවතෙක් නැතිව බොඩි බෑගය තුල යවනවා දැකලා බුදුන් දෙවියන් දැකලා. තව කොරෝනා නිසා මැරුණු අය පාරවල් ගානේ දාලා ගිය ඒවා එහෙම අන්තර්ජාලය තුළින් දැකලා දෙවියන්, බුදුන් සිහිවෙලා... තව ටික දවසක් ඉවසා වදාරනු මැනවි. පන්සල්, පල්ලි දැන්ම විවෘතකළොත් එදා ඉඳලාම සියලු සිද්ධස්ථාන පිරී ඉතිරී යයි. හැමෝටම වැටහිලා දෙවියන්, බුදුන් සරණ යාම මිස අන්කිසිවක් නැති බව...

:       1       104

sena Sunday, 07 June 2020 01:04 PM

අපිටත් පන්සල් යන්නම ඕනේ...

:       42       145

විපරමා Sunday, 07 June 2020 01:08 PM

දෙවියන් වහන්සේ සෑම තැනම වැඩ සිටිනවා කියලනේ කියන්නේ. දේවස්ථානයට නොගියත් නිවසෙහි සිට යාඥා කරන්ඩ බැරිකමක් නැහැ. පල්ලිවලට ඉරිදා දිනවල ලැබෙන කාසිපනම් එහෙමත් ලැබෙන්නේ නැහැනේ...

:       5       434

Lal Sunday, 07 June 2020 03:29 PM

වගකිව යුත්තන් මෙතුමාගේ ඉල්ලීමට අවධානය යොමු කළ යුතුයි.

:       2       0

de silva berlin Sunday, 07 June 2020 03:48 PM

උතුමාණෙනි, උගත්, බුද්ධිමත් මනුෂ්‍යයෙක් වන ඔබතුමාගෙන් මම බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මේ හිටියා වගේ තව මාස දෙකක්වත් පල්ලි පන්සල් නොගිහින් ගෙදර ඉඳන්ම වතාවත් ටික කරගෙන ඉන්න ඉමු.. වැරදිලාවත් පල්ලියක් තුළ කොරෝනා බෝ වුනොත්, වෙන්නේ විශාල අවුලක්..., ලංකාවේ ආගම, ජාතිය, කුලය විකුණගෙන දේශපාලනය කරන විශාල පිරිසක් සෑම ජාතියකම ආගමකම ඉන්නවා. එහෙම වුණොත් ඔවුන් රට ගිනිතියාවි, පාස්කු ප්‍රහාරයෙන්, කොරෝන විපතෙන් පහර වැදිලා තිබෙන මේ පුංචි රටේ ආර්ථිකයට එ්ක දරාගන්න අමාරුවෙනවා උතුමාණෙනි.., මඳකට සිතා බලන්න...

:       0       3

බද්රානි Sunday, 07 June 2020 07:01 PM

නැට්ට බඩ යට ගහගෙන පොසොන් පෝයට වකුටු වෙලා නිදා ගත්ත බොහෝ දෙනෙක් නින්දෙන් ඇහැරිලා මෙතන තප්පුලනවා. කාදිනල්තුමා මේ ඉල්ලීම කලේ , කතෝලික ජනතාවට පමණක් නොවෙයි අනෙකුත් ආගමිකයින්ටත් නිරෝධායන නීතිය තුළ මේ අවස්ථාව ලබාදෙන ලෙසයි. පෞද්ගලිකව මම මේ ඉල්ලීමට කිසිසේත් එකඟ නොවුණත්, ආගමික නායකයෙක් ලෙස එතුමා කළ ඒ ඉල්ලීමට මා ගරු කරනවා. නැට්ට උස්සගෙන ඡන්දය දැමීමට සැරසී සිටින ආගමික නායකයින්ට හා ආගම ධර්මය හා දේශපාලනය වෙන්කොට හඳුනා නොගෙන හැමදේටම වලිගය උස්සන අයටත් මේ සුළු කාරණාව තේරුම් ගත හැකියයි සිතමි. මේ රටේ බහුතරය තේරුමක් නැතිව උඩු බුරන එක කරච්චලයක්. එහෙම නේද?

:       1       0

Perera Sunday, 07 June 2020 07:15 PM

නවසීලන්තේ නම් නිරෝධායන නීති යටතෙයි ආගමික වතාවත් ඒ ඒ ස්ථාන වලට ගොස් දැන් කරන්න පුළුවන්. පැමිණීම 100කට සීමිතයි, කලින් ඔන්ලයින් ක්‍රමයට පැමිණීම ලියාපදිංචි කර ගෙන 100 දක්වා අංකයක් ලබාගෙන මීටර් 2 ක්‍රමවේදයට දේවස්ථාන තුල ආසන අසුරා තිබෙනවා.

:       0       0

Prasad Monday, 08 June 2020 01:48 AM

සර් වැඩේ කරලා දේවී. සර්ට චන්ද ටිකනේ ඕනේ. අනික සර්ව බලයට ගන්න ඔබතුමත් සෑහෙන්න මහන්සි උනානේ.

:       5       339

vidya Tuesday, 09 June 2020 02:32 AM

එතුමන්ගේ ඉල්ලීම නිරෝධායන නීති රීති අනුව බැතිමතුන් 100ක් පමණ එකතුකර පරීක්ෂාකාරීව කළ හැකිවෙයි. කතෝලික ජනයා කබලෙන් ලිපට වැටිලා වගේ ඉන්නේ. එමනිසා බුදුදහමේ උගන්වන ආකාරයට මෛත්‍රිය, දයාව ඇතිවෙන පරිදි මෙම ඉල්ලීම ඉටුකළ යුතුය. උන්වහන්සේ ඉතාම වගකීමකින් කටයුතු කරන කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 32 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 70 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 249 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 410 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 198 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 429 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site