IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නාපානේ නාහිමියන් වෙනුවෙන් නිශ්ශබ්දතාව පළකිරීම කතානායකවරයා ප්‍රතික්ෂේප කරයි

(බන්දුල ඉලේපෙරුම)

අයවැය විවාදය අද (21) දිනට ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ අපවත්වී වදාළ නාපානේ පෙමසිරි රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලෙසයි. නමුත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සඳහා වෙනම යෝජනාවක් සම්මත කළ යුතු බවයි.

විපක්ෂ නායක -
“මේක වාද විවාද කරන්න දෙයක් නෙමෙයි. 2015 අස්ගිරි මහනාහිමියන් අපවත්වූ අවස්ථාවෙත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වුවා. ඒකට විරුද්ධ වෙන්න එපා. මේක දේශපාලනීකරණය කරන්න එපා කථානායකතුමනි”.

කථානායක -
“ඊට වඩා ගෞරවණීයයි. පිළිවෙලයි. යෝජනාවක් සම්මත කරලා දෙගොල්ලෝම ‍එකට මේක කළානම්.”
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ එය කළ යුතු වුවත් මේ මොහොතේ නොකර එය යෝජනාවක් ඉදිරිපත් කර සවස පක්ෂ නායක රැස්වීමේදී සම්මත කරගෙන සිදුකිරීම යෝග්‍ය බවයි. නමුත් විපක්ෂ මන්ත්‍රීවරු ඊට එකඟත්වය පළ නොකළ අතර කථානායකවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර සභාවේ කටයුතු ආරම්භ කළේය.



අදහස් (20)

නාපානේ නාහිමියන් වෙනුවෙන් නිශ්ශබ්දතාව පළකිරීම කතානායකවරයා ප්‍රතික්ෂේප කරයි

දිමුත් Saturday, 21 November 2020 05:19 AM

බහුතර ජනතාවගේ කැමැත්තනේ ඉතින්.

:       4       64

තුසිත Saturday, 21 November 2020 06:20 AM

සර්ලට පණ නැති අයගෙන් වැඩක් නෑ..මැරිල ගොඩ අරන් විකුණගෙන කන්න පුලුවන් කමක් හරි තිබ්බා නම් ඕකට කැමති වෙයි. ඉන්න කන් රාජපක්ෂලාට කත් ඇදපු හාමුදුරුවන්ටත් අත්වුණු ඉරණම මේක නම් අනිත් අය ගැන කවර කතාද? රට රකින අපේ විරුවා... තාලෙට කියන්න.. වෙනස සැපයි.

:       8       72

කමල් Saturday, 21 November 2020 06:38 AM

මහානායක කියලා දෙයක් බුදුදහමේ නෑ. දෙව්දත් සංඝයාගේ නායක වෙන්න ඇසීම අරභයා බුදුන් වහන්සේ තමන් වහන්සේ මිස අඩු තරමින් සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලාටවත් නායකකම දෙන්නේ නැතැයි පවසා තියෙනවා. අද මහානායක නමින් ඉන්නේ දෙව්දත් පරම්පරාවේ අය කියලා දැකීමයි සුදුසු. මේ වගේ ප්‍රෝඩාකාරී වැඩ නිසා බුදුදහමට අගතියක් මිස අභිවෘද්ධියක් නම් සිද්ධ වෙන්නේ නෑ.

:       48       33

JayamannaSaturday, 21 November 2020 10:35 AM

සමහරක් අමන මිනිස්සුන්ට කිසිම හැඟීමක්, වැටහීමක් නැහැ. ඔහුට උගත්කම තිබුණට නිහීන මිනිසුන්.. එච්චරයි මට කමල්ගේ කමෙන්ට් එක ගැන කියන්න තියෙන්නේ...

:       11       35

කමල්Sunday, 22 November 2020 03:00 AM

මම දාපු කමෙන්ට් එකට විරුද්ධව අදහස් දාපු සහ දාන අය ධර්මයෙන් විනයෙන් කියන්න තියෙන දෙයක් කියනවා නම් හොඳයි. තම තමන්ගේ තියෙන අන්ධබාල ආකල්ප ලිව්වාට ඒවා ධර්මය විනය වෙන්නේ නෑ.

:       0       0

NuwanSaturday, 21 November 2020 01:43 PM

පිස්සන් කොටුවට ඉන්ටර්නෙට් හම්බවෙලා... ඒ මදිවට අකුරු ලියන්න පුළුවන් අයත් ඉන්නවා.

:       2       24

kamal appoSunday, 22 November 2020 04:00 AM

පදවිය දරනවා කියන්නේ ගිහිගෙයට වන බැදීමක් කියලා තේරුම් ගන්න බැරි ගිහි පැවිදි දෙපක්ෂයක් ඉන්න රටක්... බුදුන් කිසිම භික්ෂුවකට අනුනායක පදවි ප්‍රදානය කළේ නැත්තේ ඇයි කියලා තේරුම් ගන්න බැරි බෞද්ධයෝ...

:       0       1

Buddika Saturday, 21 November 2020 08:11 AM

වැඩ කරන්නේ මල්වටිටිය ඔලුවේ තියාගෙන. දේශපාලනය කරන්නෙත් පරම්පරාවම අපේ හාමුදුරුවනේ කියාගෙන. මෙන්න මේ අයගේ බෞද්ධකම.. වැරැද්ද මේ අයට ඡන්දෙ දුන්නු 69 ලක්ෂය තමයි.

:       6       47

BamunuarachchiSunday, 22 November 2020 12:45 AM

කතා නායකයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඒ සම්බන්ධව යෝජනාවක් ගෙනෙන්න කීවා මිස නාපානේ නාහිමියන් වෙනුවෙන් නිශ්ශබ්දතාව පළකිරීම ප්‍රතික්ෂේප කළේ නැහැ. අපි ඒ සිද්ධිය ටී.වී. නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රචාරයකදී දැක්කා. යෝජනාව ගෙනා හාදයා ඔබ වැන්නන් ඉදිරියේ කැපී පෙනෙන්න ෂෝ එකක් දැම්මා පමණයි. ගොන් කතා කියන්න එපා. යෝජනාව ගෙනා සජිත් එහෙම හිතුවාට පාර්ලිමේන්තුව කියන්නේ පාසල් පන්තියක තිබෙන රැස්වීමක් නොවෙයි.

:       0       0

Prabha Saturday, 21 November 2020 11:59 AM

ඔතන තියෙන ප්‍රශ්නෙ යෝජනාව ආවේ විපක්ෂයෙන්... කථානායක බයයි..., විපක්ෂයට ලකුණු වැටෙනවට...

:       2       38

K PereraSaturday, 21 November 2020 03:33 PM

මේ කතානායකවරයා කොහොමත් ආණ්ඩුව පැත්තට බරවෙලානේ ඉඳගන්නෙ.

:       0       17

BamunuarachchiSunday, 22 November 2020 12:32 AM

හලෝ කොයි කථා නායකයාද විපක්ෂයට බර වුණේ?

:       0       0

BamunuarachchiSunday, 22 November 2020 12:37 AM

හලෝ ඔබත් විපක්ෂයට බරවනේ කතා කරන්නේ. කෙලින් පුද්ගලයෙක් හැටියට ඒ සිද්ධිය ටී වී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රචාරයකදී දැක්ක නම්... මොකක්ද වුනේ කියා බලාගන්න තිබුණා... ටෙලිෆෝන් හාදයා කලේ ඔහුගේ නොදන්නාකමට ඔබ වැන්නන් ඉදිරියේ කැපී පෙනෙන්න ෂෝ එකක් දැම්මා පමණයි...

:       0       0

BamunuarachchiSunday, 22 November 2020 12:33 AM

මෙතැන කතා නායකයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඒ සම්බන්ධව යෝජනාවක් ගෙනෙන්න කීවා මිස නාපානේ නාහිමියන් වෙනුවෙන් නිශ්ශබ්දතාව පළකිරීම ප්‍රතික්ෂේප කලේ නැහැ. අපි ඒ සිද්ධිය ටී.වී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රචාරයකදී දැක්කා. යෝජනාව ගෙනා හාදයා ඔබ වැන්නන් ඉදිරියේ කැපී පෙනෙන්න ෂෝ එකක් දැම්මා පමණයි.

:       0       0

chandana Saturday, 21 November 2020 04:37 PM

මෙතන තියෙන්නෙ ගෞරව කිරීම ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. කරන දේ නිවැරදි ක්‍රමයට කරන්න කියන එකයි. ශබ්දය අනුව ඡන්දය ගැනපු කථානායකලා දැන් නැහැ. ආණ්ඩුව වැරදි බව දැනදැනත්, මහජන මතය ආණ්ඩුවට විරුද්ධ බව දැනදැනත් රිංගලා ගිහින් අත්සන් ලේඛණ දීපු අය දැන් නැහැ. එහෙම අය හිටියා 2015ත් 2019ත් අතර අමුතුපාලන ආණ්ඩුව කාලෙ. 2020 පත්වුනු දැන් ආණ්ඩුවට පැහැදිලි ජනමතයක් තියෙනවා. ඒ ගොල්ලො ඒක විධිමත්ව ක්‍රියාත්මක කරනවා.

:       39       4

ransSunday, 22 November 2020 05:00 AM

ඔන්න ලමයෝ අමුඩය ගැලවිලා එල්ලෙනවා ! ලැජ්ජා නැද්ද? වහගන්න !

:       0       4

Rata PerataSunday, 22 November 2020 08:14 AM

තවමත් බයියෙක්... දෙන්නෙක් ඉන්නවා දැකීම හොදයි. මොකද සමහර මිනිස්සුන්ට උප්පත්ති දුර්වලතා තියෙනවා.

:       1       8

BamunuarachchiWednesday, 25 November 2020 03:12 PM

ඉස්සර අපි ඔහෙලට කිව්වේ බත් ගොට්ටෝ කියලා මතකද?

:       0       0

ranjith Sunday, 22 November 2020 02:06 AM

එම අවස්ථාවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වලා නායක ස්වාමීන් වහන්සේට ගෞරව කළා නම් ඉවරයිනේ... ඒකට නොයෙක් තර්ක විතර්ක කරන්නම ලොකු වෙලාවක් ගතකළා නේද? ඒ කාලේ නාස්ති කරන වෙලාවේ විනාඩියක නිශ්ශබ්දතාවය පවත්වා ගෞරව කළා නම් හරිනේ. මේ ඔක්කොම මහජන මුදලින් යැපෙන අය නේද? කවුරුත් තමන්ගේ දේපළ පරිත්‍යාග කරගෙන රට හදන්න ආව කෙනෙක් මෑත ඉතිහාසයේ නැහැ නේද?

:       0       1

banda Sunday, 22 November 2020 01:35 PM

මේ බයිලා ගහන වෙලාවේ පාර්ලිමේන්තුවේ කවුරුත් විනාඩියක් හාමුදුරුවන්ට ගරු කළා නම් වැඩේ අවසන් නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 70 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 120 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 347 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 507 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 217 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 459 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site