IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තෙල්දෙණියට ගිනි තිබ්බ 10 ක් අත්අඩංගුවට

 තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
 
මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
 
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවරට පරීක්ෂණ ආරම්භ කළ බවත් එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගත් බවත් ගුණසේකර මහතා පවසයි. 
 
මෙම ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු විදාන පතිරණගේ අජිත් ජීවන් වීරසිංහ බවත් අනිත් ප්‍රධාන සැකකරු සුරේද සුරවිර බවත් අත්අඩංගුවට ගත්තවුන් අතර මේ දෙදෙනාද සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.
 
මෙම සැකකරුවන් දිගන හා පූජාපිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් අට දෙනකුම මහනුවර දිස්ත්‍රික්කයෙන් පිට පදිංචිකරුවන් බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙය සැලසුම් කළ ආකාරය ගැන අනාවරණය වෙමින් පවතින බවත්, එම තොරතුරු අනුව මීට සම්බන්ධ සෙසු සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සඳහන් කරයි.
 
අත්අඩංගුවට ගත් එක් ප්‍රධාන සැකකරුවකු ගිංතොට කළබලය අවස්ථාවේ එම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන ආකාරය ප්‍රදේශයේ තරුණයන්ට කියා දී ඇතැයි ද, ඔහු ගැන එදිනම පොලිසියට දැනුම්දී ඇතැයි ද දැනගන්නට තිබේ.



අදහස් (13)

තෙල්දෙණියට ගිනි තිබ්බ 10 ක් අත්අඩංගුවට

SUMITH Thursday, 08 March 2018 12:23 PM

අවුරුදු 5 කට වත් හිරේ ඇරියානම් හරි.. අනිත් අයට උණ හොඳ වෙන්නත් එක්ක...

:       1734       2009

Sanjeewa Thursday, 08 March 2018 12:30 PM

ජාතිවාදය අවුස්සන ඔක්කොම ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ...

:       198       1031

Thridu Thursday, 08 March 2018 12:56 PM

බොලේ නීතිය නවනවා කියන්නේ මේවටනේ... දැන් එතකොට සිංහල අය විතරයිද වැරදි. එතකොට නැගෙනහිර පැත්තේ ඉඳන් ගියා කියන මුස්ලිම් ජාතිකයින් ඕක බලන්නද ගිහින් තියෙන්නේ...

:       7285       7327

wanninayakeThursday, 08 March 2018 01:17 PM

ගියපු මුස්ලිම් කෙනෙක් ගැන තොරතුර දන්නවනම් ඒ ගැන පොලිසියට කියන්න... නැතිනම් නොදන්නා දේවල් නොකියා කටවහගෙන ඉන්න.. ජාතිවාදීන්ට දඩුවම් දෙනකොට ඔයාට ඇති රුදාව මොකක්ද?

:       0       0

RimzanThursday, 08 March 2018 01:48 PM

ඔබට කොහෙන්ද තොරතුරු ලැබුනේ

:       0       0

athuraThursday, 08 March 2018 01:51 PM

ඔබතුමා දැක්කද නැගෙනහිර පැත්තෙන් මුස්ලිම් ජාතිකයන් නුවරට එනවා?

:       0       0

JohnThursday, 08 March 2018 02:02 PM

තරිඳු ඔබගාව එවැනි ඔප්පු කළහැකි කඩාකප්පල්කාරී ක්‍රියා සහ කඩාකප්පල්කාරී ත්‍රස්තවාදී තොරතුරු තිබේ නම් නීතිගරුක පුරුවැසියෙක් ලෙස එවැනි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදීම ඔබේ යුතුකමක්. එහෙම නැතුව නීතිය තියා යෑම නොවේ කළයුත්තේ. එවැනි දේ ඔබ දැනගෙන සඟවාගෙන සිටිනවා නම් ඔබද කඩාකප්පල්කාරී ත්‍රස්තවාදයට අනුබල දෙන පුද්ගලයෙක් වෙනවා.

:       77       336

ajith Thursday, 08 March 2018 01:36 PM

තරාතිරම නොබලා උපරිම දඩුවම් දෙන්න, අපේ දරුවන්ට ලස්සන රටක් ඕනේ, ලෝකේ කොන් වෙච්ච රටක් නැතුව

:       0       0

John Thursday, 08 March 2018 02:11 PM

නැවත 83 මෙන් සිදුවීම් ඇති නොවීමට මෙම සිද්ධියට සම්බන්ධ වූ මෙම පිරිසේ ප්‍රජා අයිතිය අහෝසිකර, ඔවුන්ගේ දේපළ සියල්ල රාජසන්තකකර මරණ දඬුවම ලබාදෙන්න. (තේරුමක් නෑ මෙවැනි කඩාකප්පල්කාරී පුද්ගලයන් මහජන මුදලින් නඩත්තු කරකර සිරගෙවල් වල තබාගැනීම). ඒ වගේම සිදුවූ අලාභ හානිවලට රටේ මහජන මුදල්වලින් නොව මෙසේ මෙම කලකෝලාහලයට සහභාගී වූවන්ගේ දේපළවලින් ලැබෙන මුදල් භාවිතා කරන්න. ඒ වගේම මෙවැනි පුද්ගලයින්ට මෙසේ හැසිරීමට අනුබල දුන් යම් දේශපාලන නායකත්වයක් තිබේ නම් ඔවුන්ටද දඬුවම් දී අවසන් කර දැමිය යුතුය. එසේ නොවන්නාට මේවා යලි යලිත් ඇතිවීමට තිබෙන ඉඩ ඉතාම වැඩියි.

:       648       1017

ධනුෂ්ක Thursday, 08 March 2018 04:25 PM

එතකොට අබතැන්න, පූජා පිටිය පන්සල් විනාශ කල අයට...!!!

:       131       257

සතයපාල Thursday, 08 March 2018 04:25 PM

කලබල කල අය විතරක් නොවේ.. එසේ කලබල කරන්න ඉඩදීලා බලා සිටිය අය (විශේෂයෙන්ම පොලිසියේ) ගැනත් සොයා බැලිය යුතුයි. එවැනි රාජ්‍ය නිලධාරීන් සිටියි නම් ඔවුන් වහාම තනතුරුවලින් නෙරපා හැරිය යුතුයි. චූදිතයින්ට විශේෂිත අධිකරණයක් හරහා ඉක්මණින් නඩු විභාග කර වැරදිකරුවන්ට හදිසි නීතිය යටතේ උපරිම දඬුවම් නියම ලෙසට නීතිපති දෙපාර්තුමේන්තුව හරහා අධිකරණයට දැන්විය යුතුවන අතර මේ සියල්ලෙම අර්ථය විය යුත්තේ නැවත මේ රටේ මෙවැනි ජාතිවාදී කළකෝලාහල ඇතිවීම වැළැක්වීම හා එවැනි අධම ක්‍රියාවන්ගේ නිරත වන අයට උපරීම දඬුවම් හිමිවන බවට අවබෝධ කරවීමයි.

:       1       154

thusitha Thursday, 08 March 2018 04:32 PM

මුස්ලිම් මිනිස්සු අතට බෝම්බ ගියේ කොහොමද? ආයුධ අතට ගන්නවා කියපු ඇමතිලා වහාම අත්අඩංගුවට ගන්න. මෙවන් අන්තවාදී ඇමතිවරු වහාම සිරගත කල යුතුයි.

:       0       23

එරන්ද Thursday, 08 March 2018 04:35 PM

මේ ප්‍රශ්නය දෙස වගකිවයුත්තන් මැදිහත් මනසකින් කටයුතු නොකිරීම හා බොරු සංහිඳියාවකට මුවාවී සීතල කාමරවල සිට ගන්නාලද අනුවණ තීරණ නිසා අද මේ රටේ පුරවැසියන් කා කොටා ගන්නා තත්ත්වයට පත්ව ඇත. ආණ්ඩුව විසින් ගෙනයන කෘතිම සංහිඳියා ප්‍රෝඩාව නිසා මේ ගැටළු වඩාත් තීව්‍රවී ඇත. අන්තවාදීන් කවුරුන් වුවද එක නීතියක් ක්‍රියාත්මක කරනවා වෙනුවට ආණ්ඩුව මේ මොහොතේද දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමෙන් සිදුවන්නේ තවදුරටත් මහජනයා අතර වෛරය වැඩිකිරීමම නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 54 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 26 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 316 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 520 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 294 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 251 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site