IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගම්මන්පිලට රට යන්න අවසර

(මනෝප්‍රිය ගුණසේකර)
 
හදිසි අනතුරකට ලක්ව ඔස්ට්‍රේලියාවේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දස හැවරිදි පුත්‍රයාගේ සුවදුක් බැලීම සඳහා ඔහුට මාසයක කාලයකට ඔස්ට්‍රේලියාවට යෑමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඔහුට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට නියම කළේය.

 
ඔස්ටේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැ`දවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත ඔහුට මුදාහැරීමටද නියම කළේය.
 
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන බ්‍රැඩ් සැඩික් මහතා 2015 අගොස්තු මස 02වැනිදා පොලිස් විශේෂ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් කරන ලද පරීඬණයකින් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකාර උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබි‚.



අදහස් (19)

ගම්මන්පිලට රට යන්න අවසර

සෙනෙවි Wednesday, 13 June 2018 05:00 PM

මහත්මයා ඔබගෙ ළමුන්ට ලංකාව හොද මදිද?

:       206       1579

රසික Thursday, 14 June 2018 12:02 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණ !!!

:       0       0

SanathThursday, 14 June 2018 01:15 AM

මෙයාලා ජාති ආලයෙන් කුල්මත්වෙලා වගේ රඟ පෑවට පවුල් පිටින් ජීවත්වෙන්නේ පොහොසත් රටරටවල් වල.

:       0       0

ඩී. ජයදේවThursday, 14 June 2018 08:34 AM

ඕක මේ රටේ ඉන්න බහුතරයක් බත් කන ඡන්දදායකයින්ට තේරෙන්නේ නෑනේ

:       0       0

Persy Wednesday, 13 June 2018 06:20 PM

අනේ අපිවත් එක්කන් යන්නකෝ....මීට තොත්ත බබාලා.......

:       0       0

Nalaka Wednesday, 13 June 2018 08:45 PM

කට ඇරියොත් දේශප්ප්‍රේමේ. ඒකට මොකද ළමයි රට.

:       0       0

Gayan Wednesday, 13 June 2018 09:53 PM

විජාතික බලවේගවලට විරුද්ධව ගිරිය පුප්පන් කෑගහන දේශප්‍රේමියෝ ඔක්කෝම එක්කේ ඇමරිකන් කාරයෝ නැත්නම් ඕස්ට්‍රෙිලියන් කාරයන් මේක පුද්ම ලෝකයක්

:       0       0

සුපුන් Wednesday, 13 June 2018 11:28 PM

මෙන්න නියම දේශප්‍රේමියන්...

:       0       0

චතුර Thursday, 14 June 2018 12:00 AM

බ්‍රයන් ශඩික්ව මෙල්බර්න් වලදී දැක්කොත් අඳුරන්නේ නැහැ වගේ බිම බලාගෙන යන්න. මෙහේ ඇවිල්ලා බැරිය මාධ්‍ය සාකච්ඡාවක් තියලා පතුරු ගහන්න. සුබ ගමන් දේශප්‍රේමයාණෙනි... පුතාට ඉක්මන් සුව පතමි.

:       0       0

Donald Thursday, 14 June 2018 12:32 AM

හිටපු ජනපතිගේ මස්සිනා වගේ එන්නේ නැතිව ඉඳීවිද දන්නේ නැහැ.

:       0       0

udaya Thursday, 14 June 2018 01:46 AM

සෙනෙවි, පිවිතුරුම හෙළ උරුමය ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ය.

:       0       0

Keppetipola Thursday, 14 June 2018 02:26 AM

සෙනෙවි ඔයා දන්නේ නැද්ද? අපේ දේශපාලකයින්ට ලංකාව තියෙන්නේ මංකොල්ල කන්න. ඒ සල්ලිවලින් ඔවුන්ගේ සිය පවුල පිටරටවල ජීවත් වෙමින් සැප විදිනවා. නැත්නම් ඔස්ට්‍රලියාවේ පවුලකට ජීවත් වෙන්න පුලුවන්ද මන්ත්‍රීකමෙන් ලැබෙන පඩියෙන් ? තව මැති ඇමති වරුන්ගේ පවුල් ඕස්ට්‍රලියාවේ ගොඩක් ඉන්නවා කිසිම රස්සාවක් නොකර සුර සැප විදිමින්.

:       0       44

rocky Thursday, 14 June 2018 02:42 AM

යන්න අවසර දීල එන්න තහනම් කොලා නම් තමයි වැඩිය හොඳ!

:       1       211

asiri Thursday, 14 June 2018 03:49 AM

ඔන්න පේනවද? කතාව නම් මහා ලොකු සිංහලය වගේ. එත් බුරුත්තම පිටරට

:       14       48

ගල් ව⁣ලේ ගෙදර ගල් බණ්ඩා Thursday, 14 June 2018 05:50 AM

දේශප්‍රේමීන් තමන්ගේ ළමයින්ව පිට රට යවලා අධ්‍යාපනය දෙනවා . ඊට පස්සේ අපේ එවුන්ට වැදි බණ කියනවා.

:       4       121

Shan Thursday, 14 June 2018 06:12 AM

මේ මිනිස්සු ඔක්කොම සුදු රෙදි ඇඳගෙන මොන බොරුවක්ද මිනිස්සුන්ට කරන්නේ? සුදු රෙද්ද ඇතුළේ කපටි, හොර පුද්ගලයෝ. යන්න දීල එන්න එපා කිව්වනම් හරි. මේ මනුස්සය අපේ රට කනවා.

:       38       116

malik Thursday, 14 June 2018 07:22 AM

සිය රට දේ...... සිරිසැප දේ කිව්වලු

:       0       0

ඩී. ජයදේව Thursday, 14 June 2018 08:30 AM

හොඳම දේ දරුවන්ට කියලා කියන්නේ නිකන් නෙමෙයි නේ.

:       0       0

ASIRI Thursday, 14 June 2018 09:38 AM

ගම්මන්පිල මහතාගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ ඇත. ඔහු ලංකාවේ ජාති හිතෛෂී ලාංකිකයක් වේ. දරුවන් අප දුන් මුදල් වලින් පිටරට ඉගෙන ගනියි. අසාධාරණය හෙළා දකියි. හැමදාම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා රට රැකීම පිළිබඳව විස්තර ගෙනඑයි. අපි ඉතා අසාවෙන් ඒවාට සවන් දෙමු. මේ වගේ ගොන් පාට් දමන අමන දේශපාලකයන් වටා බඩගෝස්තරවාදී ඡන්දදායකයන් සිටින තාක්කල් මුළු මහත් ජනතාවටම අනාගතයක් ගැන සිතීමට පවා අපහසු වේ. ඒ අයගේ දරුවන් පිටරටවල සුවෙන් ඉගෙන ගනියි. අපේ දරුවන් විවිධාකාර අපහසුතා මැද ඉදිරි අනාගතයට මුහුණදෙයි. එය සත්‍ය යථාර්ථයයි. අවසානයට හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්... ලංකා මාතාවට සියලු දෙවිවරුන්ගේ පිහිටයි !!!

:       4       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 191 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 434 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 252 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 221 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 469 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 572 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site