IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කෑගල්ල පොලිසියට කොරෝනා බෝකළ සැරයන්ගේ වැඩ තහනම්

(ප්‍රදීප් කුමාර ධර්මරත්න)

කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයේ පොලිස් නිලධාරින්ට කොවිඩ්-19 වයිරසය බෝවීමට ක්‍රියා කළ බව කියන පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කෑගල්ල සහකාර පොලිස් අධිකාරි එච්.ඒ. කමල් පෙරේරා මහතා පියවර ගෙන තිබේ.

වැඩ තහනමට ලක්කර ඇත්තේ  කෑගල්ල පොලිස්  ස්ථානයට අනුයුක්ත ප්‍රවර්තන අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේය.

රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන පොලිස් සැරයන්වරයාට ඔහුගේ වැඩ තහනම් ලිපිය කෑගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මාවනැල්ල පොලිසිය මගින් ලැබීමට සලස්වා තිබේ.

පොලිස්පතිවරයා 2020.10.31 දින ආර්.ටී.එම්. අංක 1130 අනුව ක්‍රියා නොකිරීම, අනෙක් නිලධාරින්ට කොවිඩ්- 19 වයිරසය බෝවීම වළක්වා ගැනීමට තිබියදී එසේ නොකර වරදක් කර ඇති බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2020.11.20 දින නිකුත් කරන ලද අංක 2202/24 දරන ගැසට් පත්‍රයෙන් තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව 12 වැනි දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කළ බව සඳහන් කරමින් සහකාර පොලිස් අධිකාරි කමල් පෙරේරා මහතා විසින් පොලිස් සැරයන්වරයාට වැඩ තහනම් කල ලිපිය යවා තිබේ.

වැඩ තහනම් කළ පොලිස් සැරයන්වරයාගේ පුතු පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වී සිටින අතර එම ආයතනය මගින් ඔහුට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තිබේ. පොලිස් සැරයන්වරයා දෙසැම්බර් 30 සිට ජනවාරි 02 දක්වා ප්‍රවර්තන අංශයේ රාජකාරි සඳහා වාර්තා කර ඇති අතර සිය පුතු පී.සී.ආර් පරීක්ෂණයකට පෙනී සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරිවරයාට දැනුම්දීමට කටයුතු නොකළ බවට සැරයන්වරයාට චෝදනා එල්ල වී ඇත.

පොලිස් සැරයන්වරයා ඉකුත් 02දා කළ පී.සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර දැනට ඔහු, පුතු සහ ඔහුගේ මාමා රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබති. ඔහුගේ බිරිඳ උදුගොඩ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබයි.

කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයේ උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු කෑගල්ල පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින්, සිවිල් නිලධාරින්ද ඇතුළුව 15 කුට පමණ කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී ඇත.



අදහස් (9)

කෑගල්ල පොලිසියට කොරෝනා බෝකළ සැරයන්ගේ වැඩ තහනම්

Raveendra Wednesday, 13 January 2021 11:55 AM

එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආසාදනය වුනේ මොන පොකුරෙන්ද කියලා හමුදාපතිතුමා උත්තරයක් දෙන්නේ නැද්ද? ඒ වගේම වගකීමක් නැතුව හැසිරීම නිසා මන්ත්‍රීවරුන්ගෙන් කාර්ය මණ්ඩලවලට සහ ඔවුන් හමුවීමට ආ මහජනතාවට ආසාදනය වීම හෝ නිරෝධායන වීමට සිදුවීම නිසා එම වගකීමක් නැති මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කරනවද?

:       0       69

RaveendraWednesday, 13 January 2021 01:48 PM

Raveendra මයා වෙත, ඔබගේ වැදගත් පැනයන් පිළිබඳව අප අගය කරන්නෙමු. අප තරයේ විශ්වාස කරනවා ඔබගේ මෙම පැනයන් පිළිබඳව අදාල නිලධාරීන් නිසි ලෙස පිළිතුරු ලබාදෙයි යන්න...

:       0       21

Nirmal Silva Wednesday, 13 January 2021 12:05 PM

එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න අයගේත් වැඩ තහනම්ද?

:       0       29

මහසෙන් Wednesday, 13 January 2021 12:15 PM

කැකිල්ලේ තීන්දු.. මහ එවුන්ට හැදුණු හැටි හොයාගත්තද දන්නෑ?

:       0       42

Prabha Wednesday, 13 January 2021 12:23 PM

පහත් තැනින්නේ ජලය ගලනවා කියන්නේ...!

:       0       35

Rata Perata Wednesday, 13 January 2021 01:14 PM

මේක තමයි නන්දසේනගේ ‘‘සෞභාග්‍යෙය් දැක්ම‘‘

:       6       26

Praba Wednesday, 13 January 2021 02:18 PM

පොලිස් සොක්කන්ට මොන මානව හිමිකම්ද? හීන දකිනවද?

:       1       14

SUNIL MILANO Wednesday, 13 January 2021 02:19 PM

නමට අගෞරව කරන කෙනෙක් මේ ... ජාතකයේ වැරැද්දක් තියෙනවා.

:       1       5

Anuruddha Wednesday, 13 January 2021 04:34 PM

අනුවණ පොලිස් නිලධාරියෙකුගේ මෝඩ තීරණයක්..

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 126 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 150 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 155 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 372 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 422 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 740 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site