IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


එජාපය ආණ්ඩුවක් පිහිටවීමේ උත්සහයක

රංජන් කස්තුරි 
 
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක්  පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය.
 
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායක වරුන් අද (13) පස්වරු 6.30ට අරලිය ගහ මන්දිරයට කැඳවා ඇතැයිද එහිදී ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ එක්ව තීන්දු තීරණ ගන්නා බවද ඇමතිවරයා පැවසීය.
 
මේ අතර අද දහවල් සිට මේ දක්වා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයා සමඟ සාකච්ඡා වල නිරතව සිටිති.



අදහස් (16)

එජාපය ආණ්ඩුවක් පිහිටවීමේ උත්සහයක

mf Tuesday, 13 February 2018 12:26 PM

එජාප නායක වෙනසක් අවශ්‍යම මොහොතක්.

:       0       0

Canaku Tuesday, 13 February 2018 12:37 PM

සම්මුතිවාදී පාලනයක හොඳක් නොදකින අයට දැන් සනීපද?

:       0       0

Bamunuarachchi Tuesday, 13 February 2018 01:05 PM

අන්න කළොත් වැඩක්... අර අප්පොච්චි මලා කිව්ව ගොයියා කොහාට පනීවිද කියලා බලාගෙන ඉන්නේ...

:       0       0

Rohana Tuesday, 13 February 2018 02:33 PM

අනාගන්නයි යන්නේ. 2020 අති විශිෂ්ට ජයක් මහින්දට දෙන්නයි හදන්නේ. එජාපය.

:       0       0

d.upul Tuesday, 13 February 2018 03:54 PM

දැන් තියන හොඳම විසඳුම මෙයයි. වහාම මහජන මුදල් හොරා කෑව අයට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. වැරදිනම් අධිකරණය ඒ අයට දඬුවම් කරයි. නැතිනම් නිදහස් කරයි. ෆයිල් පෙන්න පෙන්නා මෙතෙක් කල විහිළුව දැන්වත් නවතන්න.

:       0       1

Ajith Nissanka Tuesday, 13 February 2018 07:45 PM

ඔහොම යමු!

:       0       0

Rohana Wednesday, 14 February 2018 02:17 AM

එජාපය ආණ්ඩුවක් පිහිටුවිම සිය දිවි නසාගැනීමක්. එජාපය නැත්තටම නැතිවෙන්නයි යන්නේ.

:       0       1

ATHULA BANDARA Wednesday, 14 February 2018 03:11 AM

පක්ෂ නායකයා විය යුතු සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක නවීන් දිස්සනයක මහතා පක්ෂයේ අනුසාසක විය යුතු රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය යනු කවදත් තනි පක්ෂයක් { කලවම් පක්ෂයක් නොවේ }

:       0       0

Rohana Wednesday, 14 February 2018 03:25 AM

එජාපය විනාශය කරා ගෙන ගියේ රනිල්. රනිල් වහාම අස්විය යුතුයි.

:       0       1

kaleel Wednesday, 14 February 2018 06:42 AM

ආණ්ඩුව කයිවාරු ගැහුවා. ජනතාව තීන්දුව දුන්නා.

:       0       0

ATHULA BANDARA Wednesday, 14 February 2018 08:21 AM

නව නායකත්වයක් යටතේ හොඳ ස්ථාවරත්වයක් ගොඩ නගා ගන්න පුළුවන් රජ කෙනෙක් 99 වතාවක් පරාජය වුණා කියනවනේ. මම අදහස් කරන්නේ පක්ෂය ගැන.

:       0       0

sirimal Wednesday, 14 February 2018 08:26 AM

මහින්ද රාජපක්ෂ අටවන උගුලේ රනිල් සහ සිරිසේන අත්වැල් බැඳගෙන කොටුවේවි කියා සිතන්න අපහසුයි. එජාප රජයක් තමා මහින්දගේ එකම ප්‍රාර්ථනය. සිරිසේන වටේ ඉන්න බකපණ්ඩිතයන් වගේ නොව මහින්දට උපදෙස් දෙන්නේ ලංකාවේ ඉන්න හොඳම කණ්ඩායමයි. එ්කයි ඔහු කිසි වංචාවකට දූෂණයකට " සාක්ෂි සහිතව" කොටුකර ගන්න අපහසු වෙලා තියෙන්නේ. එජාප රජයක් ඇතිවුනොත් එදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා මහින්දට එකතුවෙන එක අනිවාර්යයි. මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නේ ගන්න බැරි නිසා නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය මහින්දට ලැබුණොත් මාස 6කින් ආපසු රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ක්‍රමවේදය මහින්ද දැනටමත් සැලසුම් කර අවසන්. එවිට ජනාධිපති පුනපුනා කියන " දූෂිතයින්ට දඬුවම් දීම" ගැන මැරෙන තුරා කියකියා ඉන්න තමා වෙන්නේ.

:       0       1

BamnuarachchiThursday, 15 February 2018 03:39 AM

ඔබට ජානාධිපති උපදෙසකමක් නොලැබුණේ ඇයි?

:       0       0

චන්දා Wednesday, 14 February 2018 09:56 AM

එජාප ආණ්ඩුවක් පිහිටුවන්න කෝටි ගණන්වලට මැති ඇමැතිවරුන් වෙන්දේසි වෙමින් මේ හදන්නේ ඒජන්ත රනිල් මහතාගේ වුවමනාවක් වන රට බෙදීමේ ව්‍යවස්ථා අටමඟලේ අටවන්න අවැසි මග තනා ගන්නැයි රටට, ජාතියට හොඳක් කරන්න අභිලාෂයෙන් නම් නොවේ...

:       0       20

BamunuarachchiThursday, 15 February 2018 03:33 AM

හරියට හරි ඒ නිසානේ සම්බන්න්ධන්ලා පූර්ණ සහයෝගය මේගොල්ලන්ට දෙන්න හදන්නේ

:       0       0

Bamunuarachchi Thursday, 15 February 2018 03:31 AM

එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා 2005 සිටම උත්සාහ කරනවා කොහෙද 30 සැරයක්ම බැරි උනා. බුද්දිමත් මිනිස්සු යමක් වැරදුනාම නැතිනම් පැරදුනාම ඊට් හේතු සොයාබල පිල්යම් යොදා ගන්නවා. මේගොල්ලෝ එහෙම නැහැ එමනිසා දිගටම පරදිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 928 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 169 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1284 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 981 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1308 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්
2024 මැයි මස 07 3389 0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site