(සිතුම් චතුරංග)
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ වන්නි හා යාපනය මැතිවරණ දිස්ත්‍රික්වල මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් රැසකට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබේ.
වන්නි දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කළ පසුව තමිල් මක්කල් තේසීය කූටනී දෙමළ ජනතා ජාතික සන්ධාන පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතාට ද පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ. ශිවශක්ති මහතා නියෝජනය කළ පක්ෂය ඡන්ද 8,789 වන්නි දිස්ත්‍රික්කයෙන් ලබාගෙන තිබිණි.
එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියටද පාර්ලිමේන්තු වරම් අහිමිව තිබේ. එක්සත් ජාතික පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වන්නේ 6522කි.
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු මන්ත්‍රී සිවප්‍රකාශම් සිවමෝහන් මහතාට මෙවර පාර්ලිමේන්තු නියෝජනය කිරීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇති අතර මෙවර ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 10,581 කි.
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරියක වූ ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා මහත්මියට ද පාර්ලිමේන්තු වරම් අහිමිවිය. වන්නි දිස්ත්‍රික්කයෙන් ඇය ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 11,710 කි.
යාපනය මැතිවරණය දිස්ත්‍රික්කය නියෝජනය කළ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නියෝජනය කළ හා එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිවිය. ඔහුට ලබාගත හැකිවූයේ මනාප ඡන්ද සංඛ්‍යාව 20358 වූ අතර මනාප ලැයිස්තුවේ හයවැනි ස්ථානය හිමිව තිබුණි.
යාපනය දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ අපේකෂකයකු වූ හිටපු මන්ත්‍රී ඊ.සරවනබවන් මහතාටද පාර්ලිමේන්තු නියෝජනය අහිමිව ගියේය. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 20,392 කි.
වන්නි හා යාපනය මැතිවරණ දිස්ත්‍රික් නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් හයදෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අහිමිව තිබේ.
මෙලෙස මන්ත්‍රී ධූර අහිමි වුවන් පහත දැක්වේ.
01.ශිවශක්ති ආනන්දන්
02.ශාන්ති ශ්‍රී ස්කන්දරාසා
03. විජයකලා මහේෂ්වරන්
04.සිවප්‍රකාශම් සිවමෝහන්
05.මාවෙයි සේනාධිරාජා
06.ඊ.සරවනබවන්
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරේ හිටපු ප්‍රබලයෝ 6 ක් හැලෙති
kriss Friday, 07 August 2020 08:57 AM
මෙයාලා, මෙපමණ කාලයක්, පාර්ලිමේන්තුව නියෝජනය කළා කියා දෙමළ ජනයාට සිදුවූ යහපතක් නොමැත. ඔවුන් හැමදාම අඳුරේය.
Nihal Friday, 07 August 2020 01:48 PM
දමිළ ජනතාවට මොළය පෑදී තිබේ
රුවනි Friday, 07 August 2020 05:41 PM
අයියෝ.... පාර්ලිමේන්තුවේ හිටියා කියලා දන්නේ අදනේ...
kumara Saturday, 08 August 2020 08:05 AM
ජාතිවාදී අදහස් දරන දේශපාලකයෝ ඔවුන්ගේ ජනතාවම රිජෙක්ට් කරලා..