IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඊ.පී.එෆ් මාසික මුදල් බැර වූ සැණින් කෙටි පණිවිඩයක්

(ඩයනා උදයංගනී)
 
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගිණුම් වෙත මාසික දායක මුදල් බැර වූ සැණින් එම සාමාජිකයින් විසින් නම් කරන ලද ජංගම දුරකතන අංකයකට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමේ සේවාවක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශකළ වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා පැවසීය.    
 
එම අරමුදලේ සාමාජිකත්වය දරණ මිලියන 2.6 ක සාමාජිකයින්ගේ ගිණුම්වලට දායක මුදල් ලැබුණු බව මාසිකව ඔවුන්ටම සනාථ කර ගැනීමට අවස්ථාව සළසාදීම ස`දහා මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කීවේය.
 
නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය ලැබී ඇත.
 
දැනට පවතින ක‍්‍රමවේදය අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම දායක මුදල් ගිණුම්ගත වී ඇත්ද යන්න දැනගැනීම සඳහා මාස 06-12 අතර කාලයක් ගතවන බැවින් දායක මුදල් ගිණුම්ගත වීම සම්බන්ධ ගැටලූ රාශියකට ඔවුන් නිරන්තරයෙන් මුහුණ පාන බවට හඳුනාගෙන ඇතැයි කී සම කැබිනට් ප‍්‍රකාශකවරයා එම ගැටලූ මගහැරවීම සදහා මෙම පියවර ගෙන ඇතැයි ද කීවේය.
 

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් සිය ගිණුමට බැර වී ඇති බවට මාසිකව සනාථ කර ගැනීමට මේ ඔස්සේ හැකිවන බව ද ඇමතිවරයා කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

 



අදහස් (8)

ඊ.පී.එෆ් මාසික මුදල් බැර වූ සැණින් කෙටි පණිවිඩයක්

eresh S kumara Thursday, 13 February 2020 11:43 AM

ගිණුමේ ශේෂයත් මේ සමගම දැනගන්නට සැලැස්වූවොත් බොහෝ වටී...

:       0       40

fasmy Thursday, 13 February 2020 12:15 PM

සෑම මාසයකම ශේෂ පත්‍රය දාන්න...

:       0       27

ටිකිරි Thursday, 13 February 2020 12:29 PM

මසකට වරක් SMS මිලියන 26ක් යවන එක මොන තරම් ප්‍රායෝගික දෙයක්ද කියලා කව්රු හරි ගණන් හදලා බැලුවානම් තමයි හොඳ... මේ වගේ අවස්ථාවලදී තෝරාගැනීම් කීපයක් තියෙන්න ඕනේ. මම කියන දේ මේ වගේ කෙටියෙන් කියන්න අමාරුයි. වගකිව යුත්තෙක් කියවනවා නම් සලකා බලන්න..

:       73       5

bandaThursday, 13 February 2020 02:03 PM

ඒකට තමයි... පරිගණක ඉංජිනේරුවන් ඉන්නේ... SMS සර්විස් එකක් අරන් ඒ හරහා මේක කරන්නේ. ඕනෑ නම් මේ නම් කරන ලද නම්බර් එක ID එකක් විදියට භාවිතා කරන්න පුළුවන් NIC එක වගේම.

:       0       15

DilanThursday, 13 February 2020 05:10 PM

අවුරුද්දට සුභ පතලා හැම දුරකථනයකටම කෙටි පණිවිඩයක් යවන්න පුළුවන් නම් ඕක මොකක්ද?

:       0       0

RaveendraThursday, 13 February 2020 05:57 PM

ඔබගේ අදහස් වලින් ගම්‍ය වන්නේ මෙය කළ නොහැකි බවද එසේත් නැත්නම් ඒ අයට යවන එස්.එම්.එස් ප්‍රමාණය පිළිබද ගැටලුවක්ද යන්න අපැහැදිලිය. කෙසේ වෙතත් පරිගණක උපයෝගී කරගනිමින් මෙයට පිළිතුරු සපයන්නේනම් මිලියන 26 යනු එතරම් විශාල ප්‍රමාණයක් නොවන බව අපගේ හැගීමයි.එලෙසම එස්.එම්.එස් සදහා යන වියදම ගැන හිතනවා නම් මෙය සේවාවක් බැවින් ඒ සදහා නම්‍යශීලි පිළිවෙතක් රජය අදාළ ආයතන සමග කළ යුතු බව සදහන් කිරීමට කැමැත්තෙමු. වෙනත් රටවලද හැදුනුම්පත් අංකය සමගින් ඒ ඒ පුද්ගලයාගේ සියලු විස්තර ගිණුම් විස්තර සමගද ආයතන ලබාගන්නේ පරිගණක ආශ්‍රිත වැඩසටහන් මගින් බැවින් එයට මිනිසුන්ගේ ප්‍රමාණය බාධාවක් නොවෙනු ඇත.

:       0       0

BabaFriday, 14 February 2020 02:24 AM

ඔයාගේ ටිකිරි මොලේ. මේවා පරිගණක තාක්ෂණය මගින් කරන්න පුළුවන් සරල දෙයක්.

:       0       14

Rohana Saturday, 15 February 2020 05:00 AM

වෙබ් පිටුවක් මගින් තම නම සහ රහස්‍ය අංකයක් තුලින් දායක මුදල මෙන්ම ශේෂය දැන ගැනීමට ක්‍රමයක් සැලසීම මීට වඩා වියදම් අඩු සහ හොඳ ක්‍රමයක් නොවෙයිද? දැන් බොහෝ අයට ස්මාර්ට් ෆෝන් තිබෙන නිසා වෙබ් පිටුව පහසුවෙන් ලබා ගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 32 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 68 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 247 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 408 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 197 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 429 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site