IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ හය ඉක්මවයි

අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (2) ලක්ෂ හය ඉක්මවා ගියේය.

අද (2) පස්වරු 6 වනවිට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 6,04,641ක් වන අතර විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 2,26,947කි. නව කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 3,59,860කි. ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 17,834කි.

වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ද ඉන්දියාව මේ වනවිට පියවර ගෙන ඇත. මේ තත්ත්වයත් සමඟ දෛනිකව ශීඝ්‍රයෙන් වැඩි වන ආසාදිතයන් සමඟ ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වයිරසය පැතිර යෑම පාලනය කිරීමේ දැඩි අරගලයක නිරත වී සිටිති.

ඉන්දියාවේ වෛද්‍ය පහසුකම් ධාරිතාව ඉතා සීමිත අතර දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ එරට සෞඛ්‍ය පද්ධතියට අමතර බරක් එල්ල වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පැනවූ සීමා ලිහිල් කිරීමේ දෙවැනි අදියර සඳුඳා ආරම්භ වූ අතර ඒ අනුව තවත් ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා වේ. කෙසේ නමුත් ඉන්දියාවේ ජනාකීර්ණම නගර ද තවමත් ලොක්ඩවුන් සීමා පනවා ඇත.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,80,298කි. තමිල්නාඩුවෙන් ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 94,049ක්, දිල්ලියෙන් 89,802ක් සහ ගුජරාට් ප්‍රාන්තයෙන් 33,232ක් වශයෙන් ඊයේ පස්වරු වනවිට වාර්තා වී තිබණි.

මේ අතර ඉන්දියාවෙන් අද පස්වරු අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 19,148කි.

 

එන්.ඩී.ටීවී.

055

 



අදහස් (2)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ හය ඉක්මවයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 July 2020 02:30 AM

ඉන්දියාවේ තිබෙන මේ අතිශයින් භයානක තත්වය ගැන අපත්, බොහෝ පරිස්සම් විය යුතුයි. මන්දයත්, ඉන්දියාව යනු අපට කිට්ටුවෙන්ම තිබෙන රටයි... නීත්‍යානුකූලව රට තුළට පැමිණෙන අය ගැන වගකීමක් තිබුණත් අනවසරයෙන් රට තුළට සීඝ්‍රයෙන් පැමිණෙන කේරළ ගංජා හා මත්ද්‍රව්‍ය ආදිය ගෙනෙන්නන් මාර්ගයෙන් මේ වෛරසය අනතුරුදායක අයුරින් රට තුළට ප්‍රවිශ්ඨ විය හැකියි නේද..? මේ මත්ද්‍රව්‍ය ගෙන එන්නන් හා මත්ද්‍රව්‍ය කොතරම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තද ඒවා ගෙනඒමේ අඩුවක් නම් නැත. ගෙනෙනා සියල්ල ආරක්ෂක අංශවලට හසු නොවූ අවස්ථා ඇත. එවන් අවස්ථාවන්වලදී වෛරසය රටතුළට පැමිණීමට හැකියාවක් තිබෙනවා නොවේද? එබැවින් මේ නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය ගෙනෙන අයට මීටවඩා දැඩි පියවර ගත යුතුයි නේද? මොවුන් මේ සෙල්ලම් කරන්නේ රටේ ජනතාවගේ ජීවිතත් සමග නොවේද? මෙසේ කරන අයගේ දේපලද රාජසන්තක කොට ඔවුන් හට නීතිමඟින් දැඩි දඬුවම් පැමිණවිය යුතුය. එය රටේ ආරක්ෂාව, මහජනතාවගේ ආරක්ෂාව පිණිසය..

:       0       26

Handunethti Friday, 03 July 2020 06:19 AM

ඉතාලිය දෙස බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නවතී?
2024 මැයි මස 11 33 0

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .


සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 35 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 103 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 62 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 240 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 197 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site