IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


​බොරු දේශප්‍රේමීන් ගැන එජාපය කතාකරයි

​ගෙවුණු සතියේ සිකුරාදා අගමැතිවරයා කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ජේ.සී. අලවතුවලගේ දෙවැනි දියණියගේ විවාහයට එක්වූයේ කොළඹ හිල්ටන් හෝටලයේදීය.   


ජනපති ද ඊට එක් වූ අතර ජනපති හා අගමැති විවාහයේ සාක්ෂිකරුවෝ ලෙස අත්සන් කළහ.


   හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළුව රජයේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 60 ක පමණ පිරිසක් හා ජනාධිපතිවරයාගේ බිරිඳත් දියණියන් වූ චතුරිකා හා ධරණීත්, පුතු දහම් හා බෑණනුවන් වූ තිළිණ ද මෙම මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණියහ. පවුලේ සියලුම දෙනා සමග ජනාධිපතිවරයා පැය 4 කට අධික කාලයක් රැඳී සිටියේය.  


දේශපාලකයන් පිරිස සඳහා විශේෂ මේස තුනක් පිළියෙල කර තිබූ අතර ඒකාබද්ධ විපක්ෂයෙන් මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ. රජයේ මන්ත්‍රීවරු බොහොමයක් දෙනා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස සමඟ ද කතා බහ කරමින් විහිළු තහළු කරමින් සිටියහ.  


මෙම අවස්ථාවේදී ජේ.සී. අලවතුවල මහතා ‘මී අඹ වනයේ’ ගීතය ගායනා කළේය. 


ජේ.සී. මන්ත්‍රීතුමාගේ තාත්තයි, මමයි 77 දී එකටයි පාර්ලිමේන්තු ආවේ. මා බියගමින් එනකොට එස්.ඩබ්. අලවතුවල ඇමැතිතුමා ආවේ දොඩම්ගස්ලන්දෙනුයි.   


‘‘ජේ.සී. මන්ත්‍රීතුමා විවාහ වුණෙත් යටියන්තොට ඇන්.ඇම්. පෙරේරා පරද්දවපු වින්සන්ට් පෙරේරා ඇමැතිතුමාගේ දුව සමඟයි. ඇයගේ අයියා සුජිත් පෙරේරාත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.’’ අගමැතිතුමා අතීතය සිහිපත් කළේය.   


විවාහයට මෙන්ම බ්‍රහස්පතින්දා හිල්ටන්හිදී පැවැති දෙවැනි ගමනට ද මැති ඇමැතිවරු හා ව්‍යාපාරිකයෝ රැසක් එක්වූහ.   


අගමැතිවරයා පසුදා ඉන්දියානු සමුළුවට ද එක්විය.   


‘‘අපේ වරායවල් පිටරට එක්ක එකතුවෙලා දියුණු කළාට හමුදා කඳවුරුවලට ඉඩ දෙන්නෙ නැහැ’’ අගමැතිවරයා එහිදී පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නේය.   


සමුළුවට පැමිණි ඉන්දීය විදේශ ඇමැතිනිය අගමැති රනිල් මුණ ගැසුණේ අරලියගහ මැදුරේදීය. එහිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික, දේශපාලන, වෙළෙඳ හා ධීවර කටයුතුවලට අදාළ තීරණාත්මක සාකච්ඡාව පවත්වා තිබේ.   


බදාදා දකුණු ආසියානු සමුළුව හිල්ටන් හිදී පැවැතියේද අගමැතිගේ ප්‍රධානත්වයෙනි.   


‘‘සාක් රටවල් ඇතුළු ලොව සියලු ආයෝජනවලට ලංකාව විවෘතයි. ලංකාව තුළ නිදහස් පරිසරය හා බුද්ධිමත් ශ්‍රමය මෙන්ම යටිතල පහසුකම් තිබෙනවා. නිදහස් හා කාර්යක්ෂම නැව් ගමනට අවශ්‍ය පරිසරය සකස් කරනවා.   


සිංගප්පූරු සමුළුවට එක් නොවූ චීනය අපේ ආරාධනාව පිළිගෙන ලංකාවේ සමුළුවට එක්වීම ලෝකයට ලොකු පණිවිඩයක් දීමක් නිසා ලංකාවේ ආර්ථිකය දකුණු ආසියාවේ ආර්ථික හබ් එක වීම අනිවාර්යයි’’ අගමැතිවරයා එහි දී කීවේය.   


බ්‍රහස්පතින්දා කොළඹ නැව් තටාංගනයේ දී ශ්‍රී ලංකාව නිපදවන නෞකාවක කටයුතු ඇරඹීම අගමැතිවරයා අතින් සිදුවිය. ඇමැති මලික් සමරවික්‍රම ද ඊට එක්විය.   


එහි යාමට පෙර අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ රාජකාරී ලිපිගොනු කිහිපයක් පරීක්ෂාවට හා මැති ඇමැතිවරුන් හමුවීමටය.   
‘‘ජගත් ජයසූරිය බ්‍රසීල තානාපතිකමෙන් ඉවත් වූ ගමන් කවුද සංවිධානයක් බොරු නඩුවක් දාන්න යනවා කියා ආරංචියක් ආවාම ඒකාබද්ධ අයයි, ජනමාධ්‍යයි මේක ජාතික ප්‍රශ්නයක් කර ගෙන’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.   


‘‘අප සැබෑ රණවිරුවන් රකිනවා. විදුලි පුටුවත් අප විනාශ කළා’’ අගමැති කීය.   


‘‘​ෆොන්සේකා මේකට උත්තර දීම ජාතික ප්‍රශ්නයක් වෙලා. ආණ්ඩුව රණවිරුවන් රකිනවා වගේම ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ ​ෙමාකක්ද කියා විචාරශීලීව දකින අය අඩුයි’’ රවී කරුණානායකගේ අදහස එය විය.   


‘‘නැති ගින්දර පත්තු කර සමහරුන් තව තානාපතිකමක් ගන්න හදන බව අප රටට හෙළි කළ යුතුයි’’ රන්ජන් රාමනායක කීවේය.   
‘‘ෆොන්සේකාට බොරු චෝදනා දාලා බිම දමා ඇදගෙන යනවිට අහක බලා ගත්ත ඒකාබද්ධයේ බොරු දේශප්‍රේමීන් නැති ප්‍රශ්නයකට ජගත් ජයසූරිය වෙනුවෙන් දැඟලීමත් පුදුමයි. කොටින්ට ගලක්වත් නොගහපු අය ෆොන්සේකාගේ පඹයො පිච්චීමත් පුදුමයි’’ වජිර අබේවර්ධන කීවේය.   


‘‘අගමැතිතුමා ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති කළේ නැතිනම් 12ක් ආණ්‍ඩුවෙන් ඉවත් වෙනවා කියා අරුන්දික ප්‍රනාන්දු කියනවා. ජනපතිවරණයේ දී හා මහ මැතිවරණයේදී ජනවරම ලැබුණේ කාටද කියා නොතේරෙන බබ්බුයි මෙහෙම දඟලන්නේ’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   


‘‘ඔය අරුන්දික මලික් ළඟ වැඳ වැටිලා අපට පණිවිඩ එවමින් එජාපයට එන්න දඟලල බැරි තැනයි මේ ගේම් ගහන්නේ කියලයි ඒකාබද්දේ අයම මට කිව්වේ’’ අගමැති කීවේය.   


‘‘බැඳුම්කර සිද්ධියට රෝසිගේ පුතාගෙ නම ගෑවිල කියා පත්තරවල තිබුණා? පී. හැරිසන් ඇසුවේ අගමැතිගෙනි.   


‘‘මා රෝසිට කතා කළා. එයා හිටියේ රට. දින 100 තිබුණු ඩියුගේ කෝප් කමිටුවේ මිසක් හඳුන්නෙත්තිගේ කෝප් එකෙහි රෝසි හිටියේ නැහැ. එයා නම් කිසිම තොරතුරක් කාටවත් දුන්නෙ නැහැ කිව්වා’’ අගමැති කීය.  

 
‘‘දින 100 කෝප් එකෙහි හිටපු සමහරුන් විස්තර එළියට දුන්නත් රෝසි ඒක කරලත් නැහැ. රෝසිගේ පුතාගෙන් විස්තර ගත්තා කියා තුන්වැනි පාර්ශ්වයකුයි, කොමිසමට කියා තිබෙන්නේ’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   


‘‘දියුණු රටවල පාර්ලිමේන්තු සභාවේ විතරක් නෙවෙයි, කමිටුවලත් මාධ්‍ය ඉන්නවා. අනික පාර්ලිමේන්තු සභාවේ දේවල් වගේම කමිටුවල දේවලුත් රහස් නොවෙයි.   


ලංකාවේත් පාර්ලිමේන්තු කමිටුවලට මාධ්‍යවලට යන්න ඉඩදීම ගැන කතානායකතුමා කතා කරගෙන යනවා’’ දයා ගමගේ කී දේ අගමැතිවරයා ද අනුමත කළේය.   


‘‘බැඳුම්කර කොමිසමේ දී පාර්ලිමේන්තුව හඳුන්වන්නේ ‘‘ඇළ මැද්දේ ගෙදර’’ කියලලු. පත්තරවලත් එහෙමයි පළවෙන්නේ’’ දයා ගමගේ කීවේය.   


‘‘මන්ත්‍රීවරුන් කීපදෙනෙකු මටත් ඒ ගැන පැමිණිලි කළා. ඒක ඒ අයගේ කෝඩ් එකක් වෙන්නැති’’ අගමැති කීය.   


‘‘පාර්ලිමේන්තුව වගේම එහි කමිටුත් උත්තරීතරයි. නීතිපති දෙපාර්තමේන්තුවේ හුඟ දෙනෙකු ඉතා හොඳ අයයි. ඒත් සමහරුන්ගේ ඔළුව ටිකක් ඉදිමිලා කියා මටත් මන්ත්‍රීවරුන් කිව්වා. පාර්ලිමේන්තුව හෑල්ලු කරන්න දෙන්න එපා’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   


‘‘අනික පාර්ලිමේන්තුව තිබෙන්නෙ ඇළක් මැද නෙවෙයි දියවන්නා ඔය මැදයි’’ දයා ගමගේ කී විට කාගේත් මුවගට සිනා නැගුණි.   
‘‘පළාත් පාලන ඡන්දයට රටම සූදානම් කරන්න. ඡන්ද ඉල්ලලා රට වටේ පංසල්වල ගිය අය පනතට ඡන්දය දුන්නෙත් නැහැ’’ දැන් සංශෝධන ඉල්ලලා උසාවි යන්න හදනවා. ඡන්දය දිනන්න බැරි නිසා තවත් කල් දාන්න ඔවුන් උත්සහ කරන හැඩයි’’ අගමැති කීය.   
‘‘අධිවේගී මාර්ග විකුණනවා බදු දෙනවා කියා ඒකාබද්ධයයි, ආර්.ඩී.ඒ. එකේ සමහරුයි කරන රඟපෑම මොකක්ද? ඉංජිනේරුවෝ ස්ට්‍රයික් කරනවාලු’’ රවී කරුණානායක කීය.   


‘‘අධිවේග විකුණන්නේ නැහැ. එකේ පරිපාලනය විධිමත් කළ යුතුයි. ඉංජිනේරුවෝ ස්ට්‍රයික් කළාට පාර ස්ට්‍රයික් නෑනේ? අගමැති කීවේ ද සිනා මැදය.   


‘‘පාරවල් හදන්නේ කොන්ත්‍රාත් සමාගම්. මේ පාරවල්වල ආදායම් ගිය රජය වෙන වැඩ වලට යොදවලා. තව බිලි. 05ක් තිබෙනවා. ඒවා රටේ අත්‍යවශ්‍ය දේවලට යොදන්න තීන්දු වෙලා නිසා පාරවල නඩත්තුවලටත් අයවැයෙන් සල්ලි ඉල්ලන්න වේවි. ඉංජිනේරුවන් එක්ක කතා කර මේ සුළු ප්‍රශ්නය බේර ගන්න පුළුවනි’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   


‘‘ශ්‍රීලනිපයේ 66 සැමරුම කළා. අපේ 71 රත්නපුරේදී කොහොමද කියා මිනිස්සු අහනවා’’ දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.   


‘‘අප ආගමික වතාවත්වලට මුල් තැන දී හිටපු නායකයෝ සමරලා රත්නපුරේදී සංවත්සරය තියනවා විතරයි. ලොකුවට සෙනඟ ගේන්නේ මහා සම්මේලනයටයි’’ අගමැති පැහැදිලි කළේය.   


‘‘දැන් අධිකරණ කටයුතු හා හොරුන් ඇල්ලීම වේගවත් ද කියලත් මිනිස්සු අහනවා’’ නවීන් දිසානායක ඇසුවේය.   


‘‘ගත්ත ගමන් වේගවත් වෙන්න බැහැ. තලතාට වගකීම් හරි හැටි ඉටු කිරීමේ වගකීම තිබෙනවා’’ අගමැති කීය.   


‘‘අපේ ක්‍රිකට් ඉවරෙටම ඉවර වෙන්න දෙන්න බැහැ’’ නවීන් දිසානායක කීය.   


‘‘2015 අප ආ ගමන් කමිටුවක් දැම්මා. දයාසිරිල- තිලංගල ඒක නැති කර ඡන්දවලට ගියා. දැන් වළෙන් ගොඩ ඒමත් ඒ අයගේ වගකීමයි. අප ඕනම සහායක් දෙනවා’’ අගමැති කීය.   


‘‘20 වැනි සංශෝධනය පළාත් සභාවල උතුරේදී හා නැගෙනහිර දී ගොඩ ගන්න පුළුවනි. අනිත් තැන්වලත් ගොඩ ගන්න ඕනෑ 20 සම්මත වෙලා. වසරක් ඇතුළත ඡන්ද තියන්න ආණ්ඩුව සූදානම් නම් වෙන මොකක්ද?’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   


‘‘2025 දී පොහොසත් රටක් ආර්ථික සැලැස්ම ඉතා උසස් එකක්. මේ ආණ්ඩුව 2025 දක්වා යන්න සැලැසුම් කළ බව ජනතාවට දැන් තේරිලා’’ දයා ගමගේ මෙන්ම රවී කරුණානායක කීවේද එකම කතාවකි.   


‘‘2025 නෙවෙයි, මේ සැලැස්ම සාර්ථක වුණාම මේ රජය කවදාවත් හොලවන්න බැරි වේවි’’ නවීන් දිසානායක විශ්වාසය පළ කළේය.


 

කතානායක

 

කලක් අසනීප වී සිටි ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් යළි සුපුරුදු ශාසනික සේවාව පසුගිය සතියේ ආරම්භ කළේ හන්තාන කඳුමුදුන මැද සඳගිරි විහාරයේ කන්ද උඩරට සුවිශාලතම ස්ථූපය ඉදිකිරීම සඳහා මුලිකත්වය දෙමිනි.   


‘‘බිනර පොහෝ දා මහ වැසි නොතකා දුෂ්කර මාවතකින් වුවද කතානායකවරයා සුන්දර හන්තාන අඩවියට ගියේ මෙම කටයුත්තේදී ගිරාඹේ ආනන්ද අනුනාහිමිට ශක්තියක් වන්නටය. සිය කල්‍යාණ මිත්‍ර කරු ජයසූරිය මහතා දුටු සැනින් සතුටින් නැගී සිටි නාහිමියෝ කතානායකවරයා සමගම පා ගමනින් ගොස් පූජෝත්සවයේ වැඩ කටයුතු සඳහා එක්වූහ.   


ශ්‍රී ලංකා ජන සන්නිවේදකයින්ගේ සංගමය 12 වන වරට සංවිධානය කළ ‘‘මාස්කෝ 2017’’ සම්මාන උළෙල පසුගිය සතිය ආරම්භයේ දී කොළඹ දී පැවැත් වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.   


මෙහිදී රාජ්‍ය සහ පුද්ගලික අංශයේ විශිෂ්ටතම ව්‍යවසායකයන් සහ ගෙවී ගිය වසර තුළ සමාජයේ යහපත වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ මාධ්‍යවේදීහු සම්මානයට පාත්‍ර වූහ.   


සම්මානලාභීන්ට සුභපතමින් කතානායකවරයා කීවේ ජනතාවගේ ජීවිත හා බැඳුණු වැදගත් සේවයක් ඉටු කරන ආයතන තුළ ප්‍රශස්ථ මට්ටමේ පරිපාලනයක් ජනතාව අපේක්ෂා කරන අතර එහි අඩුපාඩු පෙන්වා දීම මාධ්‍යයන්හි වගකීම බවයි. 


 

බාධා මැඬගෙන හැදූ සිරිබරගම

39 වැනි උදා ගම්මානය ‘‘සිරිබරගම’’ ජනතා අයිතියට පැවරීම සඳහා ලුණුගම්වෙහෙර, පහළ මත්තල පැවැති උත්සවයේ දී එහි සමරු ඵලකය විවෘත කරමින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එහි රැස්ව සිටි පුද්ගලයන්ට කීවේ ‘‘මේ ගම්මානය හදන්න පටන් ගත්තේ බාධා ගණනාවක් මැදයි’’ කියාය.  


ඉකුත් රජය සමයේ පාලකයන්ගේ අනුග්‍රහය ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි විශාල ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලාගෙන නිරත වී සිටී. අනවසර වගා කටයුතුවලින් ඔවුන් ඉවත් කිරීම නිසා, නිවාස තනා ගැනීමට එහි නොඑන ලෙස ඔවුන් ගැමියන්ට තර්ජනය කිරීම ඇතුළු සිද්ධි ගණනාවක් ඒ වකවානුවේ පැවතුණේය.  


උත්සවයේ දී සජිත් හමුවුණු දහම් පාසල් ගුරුවරුන් පිරිසක් කීවේ ‘‘ඔබතුමාගේ පියා රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී දහම් පාසල් ගුරු සේවයේ හිටපු අයට අතිරේක ලකුණු ප්‍රමාණයක් ලබාදීමට ගත් පියවර නිසා අපට එදා අලුත් වටිනාකමක් එකතු වුණා.’’ කියාය. 

 



අදහස් (0)

​බොරු දේශප්‍රේමීන් ගැන එජාපය කතාකරයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 184 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site