IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


​ජනපති හමුවන්න ලන්ඩනයට ගිය ​ශ්‍රීලනිප තුන්දෙනා

අලුත් අවුරුදු නිවාඩුව නිසා පසුගිය සතියේ දේශපාලන කරළියේද දකින්නට ලැබුණේ නිහැඬියාවකි. උඩින් නිහැඬියාවක් මෙන් පෙනුණ ද, දේශපාලන කරළියේ අළුයට ගිනි පුපුරුනම් නිවී ඇති බවක් පෙනෙන්නට නැත.
අළුයට ගිනි පුපුරු කොයි මොහොතේ පිටතට ඒ දැයි කිව නොහැකි තරමටම දේශපාලන කරළිය සංකීර්ණ වී ඇත. ශ්‍රී ලකා නිදහස් පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේත්, ඒකාබද්ධ විපක්ෂයේත් දේශපාලන අර්බුද අඩු වැඩි වශයෙන් තිබෙන බව පැහැදිලිය.


මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු අලුත් අවුරුදු නිවාඩුව ගත කරන්නට පිට රටවලට ගොස් සිටි බව වාර්තා විය. ඇතැම් මැති ඇමැතිවරුන් අවුරුද්දට සිටියේ සිය ගම්බිම්වලය. පසුගිය සති දෙකේ කැබිනට් රැස්වීම් ද නොපැවැත්විණි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අලුත් අවුරුද්ද ගතකළේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේය. අවුරුදු නැකතට චාරිත්‍ර ඉටු කරද්දී ජනපති නිලනිවසට තවත් අමුත්තෝ කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ. විපක්ෂ නායක ආර්. සම්පන්දන්, ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක දෙදෙනාද අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරන්නට පැමිණ සිටියේ ජනපති නිල නිවසටය.


ජනපති මෛත්‍රී අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකර පසුවදාම ලන්ඩනය බලා පිටත්ව ගියේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම වෙනුවෙනි, ජනාධිපතිවරයා අලුත් අවුරුද්ද උදාවෙන්න ඔන්න මෙන්න කියා තිබියදී පාර්ලිමේන්තු සැසිවාරය ද කල් තැබුවේ හදිසියේමය. පාර්ලිමේන්තුවේ සභානායක මෙන්ම, එජාපයේ ප්‍රබල ඇමැතිවරයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ මැති ඇමැතිවරුන්ට විවේක ගන්නට ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිය කල් තැබූ බවය. පාර්ලිමේන්තු සැසිය කල්තැබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද පැහැදිලි හේතු සාධකයක් ඉදිරිපත් නොවූ බැවින්, දේශපාලන කරළියේ ඒ ගැන ද විවිධ ආරංචි පැතිර ගියේය. සමහරුන් කීවේ 19 වැනිදා පාර්ලිමේන්තුව රැස්වනවිට ආණ්ඩුවෙන් ගිය මන්ත්‍රීන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමත්, ඇමැතිධුර ගණනාවක පුරප්පාඩු ඇතිවී තිබීමත්, කැබිනට් සංශෝධනය සිදු නොවීමත් ආදී කාරණා බලපාන්නට ඇති බවය.


ගිය ඉරිදා සවස ලන්ඩනය බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා ලන්ඩනයට ළඟා වූයේ පසුවදාය. ජනාධිපති මෛත්‍රීගේ බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය ද නිමල් සිරිපාල ඇමැතිවරයාද ජනපති සමග ලන්ඩනයට ගිය අතර, මංගල සමරවීර ඇමැතිවරයා ද පසුව එක්විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ඇරඹුවේ බ්‍රහස්පතින්දා පෙරවරුවේය. ඒ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙනි. ජනපති මෛත්‍රීටද එහිදී ලැබුණේ ඉහළම පිළිගැනීමකි. ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විසිනි. සමුළුවට සහභාගි වන්නට පෙර, ජනාධිපතිවරයා එහි ව්‍යාපාරික සංසද සමුළුවට ද සහභාගිවී එහි ප්‍රධාන දේශනය පැවැත්වීය. ඊට පෙර දිනයේ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවද හමුවී, ජනාධිපතිවරයා කීවේ, ශ්‍රී ලංකාවේ ගමනට උදව් කරන ලෙසය.


ජනාධිපතිවරයා සිය ලන්ඩන් සංචාරය නිමවා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ අද (22) රාත්‍රියේය. ජනාධිපතිවරයා පැමිණීමත් සමග මේ සතියේ දේශපාලන කරළියේ වෙනස්කම් රැසක් සිදුවීමට නියමිතය. ඇමැති මණ්ඩල සංශෝධනය, ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම එම සිදුවීම් අතර ප්‍රධානය. මේ අතර ජනාධිපතිවරයා ලබන 7 වැනිදා මැයි දින රැලියේ කරන ප්‍රකාශයත්, 8 වැනිදා නව පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් කරන ප්‍රකාශයත් දෙස රටම බලා සිටිනවාට සැක නැත.


ආණ්ඩුවෙන් මෑතදී ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාද මේ දිනවල වරින්වර රැස්වී සාකච්ඡා කරන්නේ ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණ දෙන ආකාරය ගැනය. ඔවුන්ගේ ප්‍රබල ඉල්ලීම වී ඇත්තේ ශ්‍රීලනිපය ජාතික ආණ්‍ඩුවෙන් වහා ඉවත් විය යුතු බවය. මේ අතර, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් හය දෙනකු ජනාධිපතිවරයා ගිය සතියේ දේශපාලන සාකච්ඡාවකට ලන්ඩනයට කැඳවූ බව වාර්තා විය. ඒ සඳහා ශ්‍රීලනිපයේ ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් ලන්ඩනය බලා පිටත්ව ගිය බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාද කියා තිබිණි. ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 දෙනාගේ ප්‍රබල ඉල්ලීම් දෙකක් වන්නේ, දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර පක්ෂ ලේකම්ධුරවලින් ඉවත් කිරීමත් ශ්‍රීලනිපය වහා ආණ්ඩුවෙන් ඉවත්වීමත්ය. ඔවුන් සිය ඉල්ලීම ලන්ඩනයට ගිය මන්ත්‍රීන් තිදෙනා මාර්ගයෙන් ජනාධිපතිවරයාට ද දැන්වූ බව වාර්තා විය.

 

 

මේ අතර, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්‍ඩායම බදාදා හැන්දෑවේ රැස්වූයේ බොරැල්ලේ පිහිටි තිලංග සුමතිපාලගේ නිවසේය. විදේශගතව සිටින සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, චන්දිම වීරක්කොඩි හා ටී.බී. ඒකනායක හැරෙන්නට අනෙක් මන්ත්‍රීවරු සියලු දෙනා ඊට සහභාගි වූහ.


ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා අනෙක් පක්ෂවල අයගේද සහායෙන් පුළුල් සංවිධානයක් ගොඩනැගීමට ද එම සාකච්ඡාවේදී තීරණය කළේය.


ඒ සඳහා පාර්ලිමේන්තුවේ එජාපය හැරුණුවිට සෙසු පක්ෂ සමග ද සාකච්ඡා කිරීමට තීරණය කළ එම කණ්ඩායම ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම සඳහා අවශ්‍ය ආසන පහසුකම් වෙන්කරන්නැයි මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටීමට ද තීරණය කළේය. ඒ සඳහා මහලේකම්වරයාට යැවීමට අවශ්‍ය ලිපිය සකස් කිරීම පැවරුවේ ලක්ෂ්මන් යාපාටය. පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා 16ම නියෝජනයක් තම කණ්ඩායමට ලබාගැනීමටත්, ඒකාබද්ධ විපක්ෂය ද සමග සහයෝගයෙන් වැඩ කිරීමටත්, එහිදී තීරණය විය. හෙට (23) දිනයේ මහනුවරට ගොස්, දළදා වහන්සේද වැඳ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකින්නටත්, 24 වැනිදා කාදිනල්තුමා හමුවීමටත්, 25 වැනිදා සිට එජාපය හැර, අනෙකුත් පක්ෂවල නායකයන් හමුවී සාකච්ඡා කරන්නටත්, මේ සාකච්ඡාවේදී තීරණය කෙරිණි. සාකච්ඡාව මැදියම් රැය ද ආසන්න වනතෙක් පැවැති අතර තිලංග සිය සගයින්ට කෑමෙන් බීමෙන් ද සංග්‍රහ   කළේය.



අදහස් (0)

​ජනපති හමුවන්න ලන්ඩනයට ගිය ​ශ්‍රීලනිප තුන්දෙනා

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 178 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site