IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


චෝදනා නැති ඇමැතිවරුන් වෙනස් කරන්න ඉඩදෙන්නේ නෑ

ආණ්ඩුව

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් මෙම වසරේ පැවැත්වුණු නිල වෙසක් උත්සවය මෙවර ශ්‍රී ලංකාවට ලැබුණා පමණක් නොව එය අසිරිමත් ලෙස සංවිධානය කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළේය. බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ ඊට මූලිකත්වය ගත් අතර ජනපති මෙන්ම අගමැතිගේද පූර්ණ මග පෙන්වීම ඊට ලැබිණ.


එහි සමාරම්භක උත්සවයට ඉන්දීය අගමැති මෝදි මෙන්ම සමාප්තිය සඳහා බුදුන් උපන් නේපාල දේශයේ ජනපතිනියද, රටවල් 82 ක බෞද්ධ නියෝජිතයෝද 600 ක් එක්වූහ. කොළඹ, මහනුවර, කෑගල්ල මූලික කරගෙන පැවැති මෙකී සුවිශේෂි වෙසක් උත්සවය සඳහා කතානායක කරු ජයසූරිය, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම් යන ඇමැතිවරුන්ට සෙසු සියලු මැති ඇමැතිවරු හා නිලධාරීන්ගේද නොමසුරු සහාය ලැබිණ. වෙසක් සැරසිලි, තොරණ හා වෙසක් කලාප රැසක් රට පුරා වෙනදාටත් වඩා මෙවර ඇතිවීමද විශේෂත්වයක් විය. ඇමැති විජයදාස රාජපක්ෂගේ මෙහෙයවීම මත බුදුන්ගේ උපතේ සිට පිරිනිවන් මංචකය දක්වා වූ සියලු ස්ථාන ඇතුළත් ශාක්‍ය ජනපදය පිළියන්දලදී රුපියල් දශ ලක්ෂ 500 ක මුදලින් ඉදිවීමද එහි මුල් අදියර ජනපති මෛත්‍රී අතින් විවෘත වීමද විශේෂත්වයක් විය.


මෝදිට එරෙහිව කළු කොඩි ඔසවන ලෙස වීරවංශ කියද්දී ඒ වේදිකාවේ සිටි මහින්ද රාජපක්ෂ මහ රෑ මෝදි සිටි මහ කොමසාරිස් නිල නිවසට ගොස් ඔහු හමුවූයේ ගෝඨාභය රාජපක්ෂ ද සමගිනි. එය ඉන්දියානු මහකොමසාරිස් වෙත රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව වූ බවත් ඊට අවසර දීම තමාට ගැටලුවක් නොවූ බවත් ජනපති මෛත්‍රී එළිකළේ පොලොන්නරුවේදීය.


අගමැති මෝදිට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට සමුදීමට කටුනායක ගිය අගමැති රනිල් ඒ සමගම චීනය බලා පිටත් වූයේ “එකම තීරුවක් එකම මාවතක්” නමින් එරට ජනපති සංවිධානය කර තිබූ ලෝක ව්‍යාප්ත ආර්ථික සමුළුවට එක්වීමටය. සමුළුවට ලොව ප්‍රධානම රටවල් 26 ක නායකයෝ හා ප්‍රබල මැති ඇමැතිවරු 1500 ක් එක් වූහ.


අගමැති රනිල් ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස එහිදී මියන්මාරයේ අවුන්සාන් සුකී, මැලේසියා අගමැති, ඉන්දුනීසියා ජනපති, ලෝක බැංකු හා මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම් ඇතුළු ලොව ප්‍රබලතම පිරිස් හා ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. ඒ හරහා ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන හා නව තාක්ෂණය තුළ ගැනීමට අදාළ පසුබිම නිර්මාණය කිරීම හා ශ්‍රී ලංකාව තුළ දැන් පවතින නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය ගැන ඔවුන් දැනුවත් කිරීම අගමැති රනිල්ගේ උත්සාහය විය. 


ප්‍රධාන සමුළුව ඇමතූ අගමැති රනිල් කී කතාව කාගේත් දැඩි අවධානයට යොමු විය.


“ශ්‍රී ලංකාවේ ගෝලීය පිහිටීම නිසා එය ඉක්මණින් ආසියාවේ ප්‍රධානතම වෙළෙඳ මූල්‍ය හා ආර්ථික මධ්‍යස්ථානය කරනවා. ඊට අවශ්‍ය ශක්තිමත් මූලික පියවර අප තබා අවසානයි. ඊට දායක වන ලෙස මා ලෝකයටම ආරාධනා කරනවා.” අගමැති කීය.


අනතුරුව චීන ජනපති හා අගමැති සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවලදී මෙතෙක් ශ්‍රී ලංකාවට ඔවුන් ලබා දීමට අපේක්ෂා කළ යුවාන් දශලක්ෂ 400 ට අමතරව තවත් යුවාන් බිලියන 02 ක දැවැන්ත ආධාරයක් කිරීමට ප්‍රතිඥා දුන්හ. සාර්ථක චීන සංචාරය නිම කළ අගමැතිවරයා බදාදා අළුයම 05 ට ශ්‍රී ලංකාවට පැමිණියේය. සිය රට පැමිණි විගස ටාජ් සමුද්‍ර හි පැවැති සාර්ක් කාන්තා කර්මාන්ත හා වානිජ  මණ්ඩල සමුළුව ඇමැතීමට බාරගෙන තිබූ දේ අතපසු නොකිරීමටද අගමැතිවරයා වගබලා ගත්තේය.


 අගමැතිවරයා ලංකාවට පැමිණෙන විට රට දේශපාලන ලෙස උණුසුම්ව තිබිණ.


මධ්‍යම රජයේ ඇමැති සංශෝධනය හරහා එජාපය සතු මුදල්, මහාමාර්ග, පොලිසිය, අධ්‍යාපනය ඇතුළු ප්‍රබල ඇමැතිකම් ශ්‍රීලනිපයට ගත යුතු බවට ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් පිරිසක් ජනපති මෛත්‍රීට බල කිරීම හා එය ක්‍රියාත්මක කිරීමට යම් උත්සාහයක් පැවැතීම නිසා රට තුළ දේශපාලන උණුසුමක් මතුව තිබිණි.


 මේ උත්සාහය ගන්නේ ජනපතිවරණයේදී ජනපති මෛත්‍රී පැරද වීමට සියලු දේ කර ඔහු ජයගත් පසු ඔහුට හේත්තු වූ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කිහිප දෙනකු බවත් එජාපය මෙහිදී දැඩි මතයක සිට ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් එජාප ප්‍රබලයෝ රැසක්ම චීනයේ සිටි අගමැතිවරයාට  දැනුම් දුන්හ.


බ්‍රහස්ප්‍රතින්දා උදේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලේ උත්සවයට එක්වූ අගමැතිවරයා නිවසට ගොස් සවස 3 ට අරලියගහ මැදුරට පැමිණියේ අධික වැසි මධ්‍යයේය. 


“වැස්සත් අරගෙන ආපු එක වටිනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“මහින්ද මෝදි හමුවෙලා ඉන්දියාවේ සංචාරයක් ඉල්ලලා කියලා ආරංචියි.” දයා ගමගේ කීවේ අගමැති දෙස බලාය.


“මෝදි ආවේ ද්වීපාර්ශ්වික වැඩකට නොවෙයි. වෙසක් වලටයි. ඉන්දියානු සංචාරයේදී මහින්ද හිර වෙන්නත් බැරි නැහැ.” අගමැති නළල රැලි ගන්වද්දී කිරිඇල්ල කීවේ එවැනි කතාවකි.


“මේ සතිය ලංකාවට ආර්ථික ලෙස ඉතා වාසියි. ජී.එස්.පී. ලැබුණා. ඉන්දියාව වගේම චීනය, ජපානය ඇතුළු ලෝකයම අපේ ආර්ථික වැඩ පිළිවෙල පිළිගන්නවා. ඔවුන්ගේ දේ නොවෙයි අපේ දේයි ඔවුන් පිළිගත්තේ. චීනය වගේම ජපානයත් දැන් මීට වඩා අපට ආර්ථික උදව් කරාවි. ආයෝජන ගෙන ඒවි. රැකියා ඇති වේවි. අපේ නිෂ්පාදන ඉහළ යාවි. රටට ආදායම ලැබේවි.” අගමැතිවරයා විස්තර කළේය.


“දැන් යටිතල පහසුකම් විතරක් හදල බැහැ. හම්බන්තොට කර්මාන්තපුරය, කොළඹ මූල්‍ය නගරය, නාවික හා තාක්ෂණය ගැන අප යොමු වීම වැදගත්.” දයා ගමගේ කී දේ අගමැති ඇතුළු සියලු දෙනාම පිළිගත්ත.


“දැන් හෙට ඇමැති මාරුවක් ගැන නොයෙක් කතා යනවා. අපට එළි කරන්න.” වජිර අබේවර්ධන ඇසුවේ අගමැතිගෙනි.


 “මා හෙට යාපනේ. අපේ අමාත්‍යාංශ අප අතරේ මිසක් ඒවා එකක්වත් පිටට යන්න දෙන්න බෑ.” මමත් ජනාධිපතිතුමත් එකඟවයි මේ දේ වෙන්නේ. වසර 2 කින් මෙවැනි මාරුවක් කරන්න අප එකඟ වෙලා හිටියා. පක්ෂ දෙකටම අවාසි ඇති නොවන ලෙසයි කරන දෙයක් කරන්න වෙන්නේ. හදිසියක් නැහැ.” අගමැති කීය.


“ශ්‍රීලනිප අය මුලින් තමන්ගේ පක්ෂය බලාගන්න ඕනෑ.


ආණ්ඩුව නොබිඳා සියල්ල කිරීම කාගේත් වගකීමයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“සිදුවන වෙනසක් රටට වාසි ලෙස සිදුවේවි.


 කැබිනට් රැස්වීම් නැහැ කියා මේ සතියේ අන්තිමේ ඒකත් තිබ්බා.” දයා ගමගේ කීය.


 එහි සිටි ආර්ථික විශේෂඥයෙක් ද අපූරු විග්‍රහයක් කළේය.


“විදේශ ඇමැතිකම හරහා ගෙවුණු වසර 02 තුළ තිබුණේ ලංකාවට ලෝකයේ විශ්වාසය දිනා ගැනීම හා ගැටලු නිරාකරණයයි. මංගල ඇමැතිතුමා ඒවා විසඳුවා.


මීට පසු පත්වන විදේශ ඇමැතිගෙ වගකීම වෙන්නේ රට ආර්ථික ලෙස ඉදිරියට ගෙන යා හැකි අවබෝධය ඇතිව වැඩ කිරීමයි. 
ඒ නිසා විදේශ ඇමැතිකම ආර්ථිකය ගැන හැකියාවක් ඇති කෙනෙකුට දීම රටට හොඳම විසඳුමයි.”


ඔහු කී විට අගමැති ඇතුළු සියලු දෙනා එය අසා සිටියා මිස මත පළ කිරීමට උත්සාහ කළේ නැත. 


“චෝදනා නැති කිසිම ඇමැති කෙනෙකු වෙනස් කරන්න  ඉඩ දෙන්නේ නෑ.” අගමැතිවරයා කීවේ එවැන්නකි.

 

කතානායක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සමාරම්භ වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල සෙංකඩගල දළදා මැදුර අභියස සමාප්ත වූයේ නේපාල ජනාධිපතිනි බිද්‍යාදේවී බන්ධාරී මැතිනියගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා දළදා මැදුර ඉදිරිපිට තාවකාලිකව ඉදිකෙරුනු සුවිසල් ශාලාවෙහි ශ්‍රී ලංකා ජනපති, කථානායක ඇතුළු මැති ඇමැතිවරු සහ දෙස් විදෙස් නියෝජිතයෝ දෙදහසක් පමණ එක්ව සිටියහ.


14 වැනිදා අළුයම මේ සඳහා එක්වූ විදෙස් නියෝජිතයන්ට කොළඹ සිට මහනුවර බලා යාමට විශේෂ දුම්රිය දෙකක් සූදානම් කර තිබිණි. එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටු සභාපති ආචාර්ය බ්‍රහ්ම පණ්ඩිත් නායක හිමියන් සමග විදෙස් දූත පිරිස නුවරට කැඳවා ගෙන යාමේදී ඔවුන් වෙනුවෙන් ආගන්තුක සත්කාර නිසි පරිදි ඉටුවීම, ශ්‍රී ලංකාව පැත්තෙන් සුවිශේෂී වගකීමක් වූ බැවින් තමාද දුම්රියෙන් පිරිස සමග ගමන් කිරීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. දුම්රියෙන් මහනුවර ගිය රටවල් 76ක් නියෝජනය කරන විදෙස් නියෝජිතයන් වෙල්යාය හා වන රොද මැදින් වැටී තිබූ මාර්ගය දෙපස සොබා සිරියෙන් මන්මත්ව සිටියහ.
 සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාරයක් ගොඩ නැංවීමට බුදුදහම ඉවහල් වූ අයුරු මෙන්ම මෙරට ජන සමාජය තුළ කහ චීවරය සතු මහා බලය කුමක්දැයි කථානායකවරයා තමා සමග යාබද අසුනේ ගමන් කළ එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටු සභාපති හිමියන්ට පැහැදිලි කළේය.

 

ඉන්දියාවේත් වෙසක් කලාපයක්

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දිනෙක ඉන්දියාවට ගියේ ඉන්දියානු වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමටය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ ඉදිකර තිබූ මේ වෙසක් කලාපයේ අලංකාර තොරණක් ද තිබූ අතර ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ඉන්දියාවේ පළමු වරට ඉදිකළ බෞද්ධ තොරණ වන්නේ මේ වෙසක් තොරණයි. මේ වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවයට ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය කිරන් රිවිජු ඇතුළු මැති ඇමැතිවරු කීප දෙනෙක්ම එක්ව සිටියහ. මේ උත්සවයට සහභාගිවීමෙන් පසු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ගිය අකිල එහි නිලධාරීන් සමඟ ද වචනයක් දෙකක් කතා කිරීමට අමතක නොකළේය. ගිය බ්‍රහස්පතින්දා අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් අකිලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දෝස්මුර දමමින් අකිල කීවේ සංරක්ෂණ කටයුතු කාර්යක්ෂමව සිදු නොවන බවය.

 

ජවිපෙ

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් පසුගිය දාසය වෙනිදා කොළඹදී පැවැත්විණි. එහිදී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් කැබිනට් සංශෝධනය පිළිබඳවත් ඇතුළු දේශපාලන තත්ත්වය ගැන කතාබහක් ඇතිවිය. “දැන් ආණ්ඩුවේ අලුත්ම මාධ්‍ය සංදර්ශනේ කැබිනට් සංශෝධනය ගැන. රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා වෙනුවට ඔළුගෙඩි මාරු කරලා සෙල්ලමක් දාන්න යන්නේ.” විජිත හේරත් කියා සිටියේය. “ඔළුගෙඩි මාරුකරලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. මේ කරන්න යන්නේ රටේ මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න. එක අමාත්‍යංශයකවත් අලුත් ව්‍යාපෘතියක් ගැන සංවාදයක් නැහැ. අලුත් වැඩපිළිවෙළක් නැහැ. ඒ වෙනුවට ඇමැති මාරු කරනවා කියලා හැමදාම නිවුස් දානවා. මේක මේ අතීසාරයට අමුඩෙ ගහනවා වගේ වැඩක්.” බිමල් රත්නායක කියා සිටියේය. “ජනාධිපතිතුමත් ලොකු ලොකු කතා කිව්වට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇමැති මණ්ඩල සංශෝධනයක් කිව්වට මුදල් ඇමැතිකම විතරක් මාරු කරන්න යනවා කියලයි ආරංචි. වෙන ඇමැතිකම් මාරු කරන්න ගියාම ඇතුලේ කචල් වැඩිවෙනවලු.” අනුර දිසානායක කියා සිටියේය. මේ අතර මහින්ද රාජපක්ෂ මෝදි හමුවීම ගැනද ජවිපෙ නායකයෝ කතාබහ කළහ. “කළු කොඩි දාන්න කතා කරපු අය මෝදි හම්බවුණා.

මහකොමසාරිස් කාර්යාලයට කතා කරලා තමයි වෙලාව වෙන් කරගෙන තියෙන්නේ. මේ ගැන ජී.එල්. පීරිස් කිව්වේ නම් සාකච්ඡා කරපු දේවල් මාධ්‍යයට කියන්න බැහැ රහසිගතයි කියලා. කොහොමත් මේ අය ආණ්ඩුවේ ඉන්නකොටත් රහස් දේවල් තමයි කළේ. බලයේ ඉන්නකන් ඉන්දියාවට ඕන විදියට වැඩ කරලා දැන් කළුකොඩි දාන්න කතා කරනවා. ඒත් හොරෙන් හොරෙන් මෝදි එක්ක ඩීල් දානවා” හඳුන්නෙත්ති කියා සිටියේය.

 

‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා එහි නායක විමල් වීරවංශ මහතාගේ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය.


එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝවශයෙන් සාකච්ඡා විය.


“මේ වනවිට අගමැතිවරයා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට අතුරු වාර්තාවක් ලබාදීලා අනෙකුත් පක්ෂවල අදහස් ලබාගන්න හදනවා. ඒ අනුව ෆෙඩරල් ව්‍යවස්තාවකට අදාළ කටයුතු වේගයෙන් ඉදිරියට යන බවයි පෙනෙන්නේ. ඒ වගේම ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් තැබීමට අදාළ කටයුතුද වේගයෙන් සිදුවන බව පෙනෙනවා. මෝඩි අගමැතිවරයා මේ රටට ඇවිත් හැසිරුණු විදහා බලන්න. ඒ අනුව පෙනෙන්නේ. ඉන්දියාව අද අපේ රට ඔවුන්ගේ ප්‍රාන්ත පාලනයක් ඇති තැනක් විදියට සළකන බවයි. ඒ වගේම නුවරඑළියේ නෝර්වුඞ්වල රැස්වීමේදී මෝඩි මැද ඉඳගෙන අගමැති ජනපති දෙපැත්තේ තියාගෙන සංකේතවත් කළෙත් ඒ බවයි. ඒ නිසා අපි අනෙකුත් මාතෘකා සාකච්ඡා කරන අතරේ මේ මූලික මාතෘකා පිළිබඳව ජනතාව දැනුම්වත් කරන වැඩ පිළිවෙළකට වහාම යා යුතුයි.” විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

 



අදහස් (0)

චෝදනා නැති ඇමැතිවරුන් වෙනස් කරන්න ඉඩදෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 184 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site