IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අධිවේගී මාර්ගයට දයාසිරි-කිරිඇල්ල කැබ්නට්ටුවේදී හැප්පෙති

 

සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ෆින්ලන්තයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබූ නිසා කැබිනට් රැස්වීමට සහභාගි නොවීය. කැබිනට් පත්‍රිකා එකින් එක සාකච්ඡා කරමින් යද්දී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ පත්‍රිකාවකට චම්පික රණවක ඇමැතිවරයා විරෝධය පළ කිරීමත් සමඟ කැබිනට් රැස්වීම ගිනියම් විය. 


අපි අධිවේගී මාර්ග හදන්න පසුගිය කාලය පුරා විශාල මුදලක් වෙන් කළා. කුරුණෑගලට හදන්න සල්ලි දුන්නා. මේවා අදියරෙන් අදියර යන්න ඕන. අපි ප්‍රමුඛතා හඳුන ගන්න ඕන. කොළඹ නගරයෙ ට්‍රැෆික් එක එන්න එන්නම වැඩි වෙනවා. අපි ඒවට ප්‍රමුඛතාව දීලා විසඳුම් හොයන්න ඕන. එහෙම නැතිව ඔක්කොම වැඩ පැත්තකින් තියල අධිවේගී මාර්ග හදල වැඩක් නැහැ. චම්පික රණවක ඇමැතිවරයා කීවේය. චම්පිකගේ අදහසට කිරිඇල්ල විරුද්ධ විය. ‘‘අපි ගිය ඡන්දෙදි මහනුවර දිනුවා අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා. මධ්‍යම අධිවේගී මාර්ගය හදනවා කියලා. අපි ඒ පොරොන්දුව ඉටු කරන්න ඕන’’ යැයි කිරිඇල්ල කීවේය. අනතුරුව අදහස් දැක්වූවේ දයාසිරි ජයසේකර ඇමැතිවරයාය. අධිවේගී මාර්ග හදන්න ඕන බව ඇත්ත. හැබැයි පොතුහැර ඉඳලා මහනුවරට හදන කොටසට ණය ගත්තෙ විශාල පොළියකට. අනෙක් හරියට වැයවන මුදලත් වැඩියි. මම කියන්නෙ අපි ප්‍රමුඛතා හඳුනා ගන්න ඕන. අධිවේගී මාර්ගය මහනුවරට නොහදා දැනට තියෙන කුරුණෑගල-මහනුවර පාර පළල් කරමු දයාසිරි කීවේය. දයාසිරිගේ කතාවට කිරිඇල්ලට කේන්ති ගියේය. කවුරු කොහොම කිව්වත් අපි මේක හදනවා කියාය. කිරි ඇල්ලගේ සහායට රවුෆ් හකිම් හා රාජිත සේනාරත්න ද කතා කළහ. මේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නතර කරන්න එපා. අපේ රටේ හොඳ දෙයක් කරන්න යනකොට විරෝධතා පවත්වනවා. විවිධ හේතු ඉදිරිපත් කරනවා. අපි මේ ආරම්භ කරපු වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි’’ රාජිත කීවේය. ‘‘ගිය ඡන්දෙදි ශ්‍රී ලංකා එක පැරදුනා. අපියි දින්නෙ. අපි ජනතාවට පොරොන්දුවක් දීල තියෙනවා. ඔයාල ආණ්ඩුවට ඇවිත් කකුලෙන් අදිනවා. කවුරු කකුලෙන් ඇද්දත් අපි මේක කරනවා කිරිඇල්ල කියද්දි දයාසිරිට ද යකා නැග්ගේය. ඇමැතිතුමා මතක තියාගන්න අපි පැරදිලා මෙහෙට ඇවිත් නැහැ. ඔබතුමාලට තනියෙන් ආණ්ඩු කරන්න ජනතාව බලය දීලා නැහැ. ඒ නිසා අපිටත් කතා කරන්න අයිතියක් තියෙනවා. දළදා මාළිගාව වඳින්න මාත් ආසයි. හැබැයි ඒකට හයිවේ එකේම යන්න ඕන නැහැ. අපි කියන්නෙ ප්‍රමුඛතා හඳුනගෙන වැඩ කරන්න කියලයි. අනෙක ඔබතුමා මිලියන තිස් ගාණක් අඩු කළැයි කිව්වට මේ කියන ගණනුත් වැඩියි දයාසිරි ද කිරිඇල්ලට උත්තර දුන්නේය. දයාසිරිගේ සහායට මහින්ද අමරවීර ද එක්විය. ‘‘අධිවේගී මාර්ගවලින් වැඩිම චෝදනා තියෙන්නෙ මේ කොටසට. අපිට අඩුපාඩුවක් පෙන්වා දෙන්න බැරිනම් අපි ආණ්ඩුවේ ඉඳලා ඇති වැඩේ මොකද්ද? ඊට හොඳයි අපි ආණ්ඩුවෙන් යන එක ඔබතුමාලට තනියෙන් ආාණ්ඩු කරන්න. ජනතාව බලය දීලා නැහැ. එ්ක මතක තියාගන්න’’ අමරවීර කීවේය. කිරිඇල්ල කීවේ දකුණේ අධිවේගී මාර්ග හදනකොට හොඳයි. මහනුවරට හදන කොට තමයි නරක කියාය. අනුරයාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරුද දයාසිරිගේ සහායට එක්වෙමින් අදහස් දැක්වූහ. මේ ණය ගත්තෙ ජපන් රජයෙනුත් නෙවෙයි පෞද්ගලික බැංකුවකින්. අනෙක ඔයාල ගන්න හදන්​ෙන වැඩි පොලියට. ​ඩොලර් මිලියන එකකින් ගානට අඩුකළා කීවට මේ ගාණත් වැඩියි. අනෙක මේ වෙලාවෙ තව ඩොලර් මිලියන තුන් හාරසීයක් ණය ගෙවන එක ප්‍රශ්නයක්. ඔය සල්ලි ටිකක් කොළඹ රථවාහන තදබදය අඩු කරන්න දෙන්න සුසිල් කීවේය. දකුණේ අධිවේගී මාර්ග හා මධ්‍යම අධිවේගී මාර්ගවලට වැය වන මුදල් ගැන දයාසිරි ගණන් හිලව් ලැයිස්තුවක් ඉදිරිපත් කළේය. කිරි ඇල්ල දිගින් දිගටම අදහස් දැක්වීම නිසා දයාසිරි හා කිරිඇල්ල අතර වාදය විනාඩි කීපයක්ම පැවතුණි. තවදුරටත් වාදය දිග් ගැස්සීම වැළැක්වීමට ජනාධිපතිවරයා මැදිහත්විය. “ලබන සතියේ අගමැතිතුමාත් අාවම මේ ගැන කතා කරල බලමු”යැයි ජනාධිපතිවරයා කීවේය.   


ජනාධිපතිවරයා ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් නොවන ආසන සංවිධායකයින් හමුවිය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද නිමල් සිරිපාල, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල යන මැති ඇමැතිවරු ද ඊට සහභාගි වූහ. මහ ඇමැතිවරුන්ගෙන් පැමිණ සිටියේ සරත් ඒකනායක සහ ඉසුර දේවප්‍රිය පමණි. එහිදී අලුතින් සංවිධායකයින් පත් කිරීම මෙන්ම හිටපු සංවිධායකයින් කිහිප දෙනකු ඉවත් කිරීම ද සිදුවිය. ඒකාබද්ධයේ ප්‍රබල චරිත දෙකක් වන කුමාර වෙල්ගම හා මහින්දානන්ද යන දෙදෙනා මතුගම හා නාවලපිටිය ආසන සංවිධායක ධුරවලින් ඉවත් කෙරිණි. ඒ වෙනුවට මතුගමට පත් කළේ සුමිත්‍රා ප්‍රියංගනී අබේධීරය. නාවලපිටියට පත් කළේ එම්. ඒ. රණසිංහය. ආණ්ඩුවේ සිට මෑතදී ඒකාබද්ධ විපක්ෂයට ගිය පියංකර ජයරත්න ආණමඩුව සංවිධායක ධුරයෙන් ඉවත් කර ආනන්ද සරත් කුමාර පත් කළේය. ආණ්ඩුවේ සිට ඒකාබද්ධ විපක්ෂයට ගොස් සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේනට අකුරැස්ස සංවිධායක ධුරය අහිමිවිය.  


හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද අත්තනගල්ල ආසන සංවිධායක ලෙස, ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලබාගත්තාය. රත්තොට ආසනයට නන්දිමිත්‍ර වෙනුවට ඔහුගේ පුත් චින්තන ඒකනායක පත්විය. මේ අතර දැනට සිටින ආසන සංවිධායකයින් විශාල පිරිසකට ද ජනාධිපතිවරයාගේ අත්සනින් අලුතින් පත්වීම් ලිපි පිරිනැමිණි. ඊට අමතරව අලුතින් දිස්ත්‍රික් සංවිධායකයින් කිහිප දෙනකු ද පත්කෙරිණි.   


අනතුරුව ලසන්ත අලගියවන්න පළාත් පාලන නව මැතිවරණ ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් කළ අතර, ඔහු කීවේ නව ඡන්ද ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ආසනවලින් සියයට 50ක් තනි පක්ෂයකට හිමි නොවන බවය. ඔහු කීවේ ඒ නිසා පළාත් පාලන ආයතනවලද ඉදිරියේදී පිහිටුවන්නට සිදුවන්නේ හවුල් ආණ්ඩු බවය. ජනාධිපතිවරයා එහිදී ආකර්ෂණීය කතාවක් කළේය.

පාර්ලිමේන්තුව සහ පළාත් සභාවල මන්ත්‍රීධුර නොදරන සියලු ආසන සංවිධායකයින් පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු බව කීවේය. බලය බෙදීමේදී ශ්‍රීලනිපයේ ස්ථාවරයෙන් පිට නොයන බව ජනාධිපතිවරයා කීවේය. 


ජනාධිපතිවරයා කීවේ පක්ෂයට අලුත් මුහුණු එක්වෙමින්, පක්ෂය ශක්තිමත් වෙමින් තිබෙන බවය. ආසන සංවිධායකයින් සඳහා රාත්‍රී කෑමද සූදානම් කර තිබිණි. 


ඔවුන්ට කෑම ගන්නට කියා ජනාධිපතිවරයා තවත් සාකච්ඡාවකට සහභාගි විය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්‍ඩුවේ සිටින මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවකි. ඊට මහ ඇමැතිවරුන්ගෙන් සරත් ඒකනායක හා ඉසුර දේවප්‍රිය එක්ව සිටියහ.


මේ සාකච්ඡාව පැවැත්වූයේ වෙනම කාමරයකය. ඊට පිටස්තර කිසිවකුටත් යන්නට අවසර නොලැබිණි. සාකච්ඡාව යන අතරේ ජනාධිපතිවරයා කාමරයෙන් පිටව ගියේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සමගාමීව රැගෙන යන බ්‍රිතාන්‍ය මහ රැජිනගේ පණිවුඩය රැගත් විශේෂ යෂ්ටිය බාර ගැනීම සඳහාය.  


යෂ්ඨිය භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නැවත සාකච්ඡාවට පැමිණියේය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට සියලු දෙනා එක්ව තරග කළ යුතු බවටද එහිදී අදහස් ඉදිරිපත්විය. ඒ අනුව ලබන සතියේ සන්ධානයේ හිටපු සහ දැනට සිටින සියලු පක්ෂ සමග කතා කිරීමට තීරණය විය. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට ලියාපදිංචි තැපෑලෙන් විශේෂ ලිපියක් යැවීමට තීරණය විය. ජනාධිපතිවරයා කීවේ එය ලබන සතියේ යවන ලෙසය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට ආසන මට්ටමින් අපේක්ෂක ලැයිස්තු සකස් කරනවාද පක්ෂය සමඟ එක්ව කටයුතු කරනවාද යන්න දැනුම් දෙන ලෙස ඉල්ලා අවසන් වශයෙන් යවන ලිපිය ලෙස මෙම ලිපිය යැවීමට තීරණය විය. එම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුව පෙරේදා (13) උදේ 10.30ට ජනාධිපති නිල නිවසේ තවත් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබිණි. දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් යාපා, තිලංග සුමතිපාල ඇතුළු කිහිප දෙනකුට එම සාකච්ඡාවට ආරාධනා කර තිබූ බව වාර්තා විය.  

 



අදහස් (0)

අධිවේගී මාර්ගයට දයාසිරි-කිරිඇල්ල කැබ්නට්ටුවේදී හැප්පෙති

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 184 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site