IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


​අලුත් ආණ්ඩු කතා මැද ​ශ්‍රීලනිපයේ නිහැඬියාව

ආන්දෝලනාත්මක මෙන්ම සිදුවීම් බහුල සතියක් ගෙවී ගියේය. සති කිහිපයක් තිස්සේම දේශපාලන කරළිය ගිනියම් කරමින් පැවැති ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ කතාව ද යටපත් කරමින් ගිය සතියේ අලුත් මාතෘකාවක් කරළියට පැමිණියේ රටේම අවධානය දිනාගනිමිනි. ඒ ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් එක්ව අලුතින් ආණ්ඩුවක් පිහිටුවන්නට යන කතාවය. මේ කතාවට මාධ්‍යවලින් ද ලොකු ප්‍රචාරයක් ලැබිණි.


ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය එක්ව අලුත් ආණ්‍ඩුවක් පිහිටුවන්නට යන බවට කතාව කරළියට පැමිණියේ ජනපති මෛත්‍රීත්, හිටපු ජනපති මහින්දත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂත් කලින් සතියේ හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බවට ළැව් ගින්නක් සේ පැතිර ගිය ආරංචියත් සමගය. එම ආරංචිවලට අනුව නම් හමුව සිදුව තිබුණේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිවසේය. මේ කතාව සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් එස්.බී. දිසානායක කීවේ, හිටපු ජනාධිපතිවරයා තමාගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගි වූ නමුත් මෙවැනි සාකච්ඡාවක් නොතිබූ බවය.


අලුතින් පිහිටුවන්නට යන බව කියූ ආණ්ඩුව ගැන ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායමත්, එජාපයත්, විවිධ කතා කියද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවක් නොකියා නිහඬව සිටීම ද ජනතාවට තිබූ ප්‍රහේළිකාවකි. ජනපති මෛත්‍රී හෝ ශ්‍රීලනිප මහලේකම් සන්ධාන මහලේකම් වැනි අය ඒ ගැන කිසිවක් කතා නොකළේ මන්දැයි යන්න හැමෝටම ගැටලුවකි. ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය එක්ව පිහිටුවන මෙම ආණ්ඩුව ගැන හෝ හිටපු ජනපති හා බැසිල් ​රාජපක්ෂ හමුවූ බවට පළවන ආරංචි ගැන හෝ ජනපති මෛත්‍රී කිසිදු අදහසක් පළ නොකළේය.


දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා සීෂෙල්ස් වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණියේ පසුගිය බදාදා උදේ පාන්දරය. ජනපති මෛත්‍රීට කටුනායක ගුවන් තොටුපොළේ දී විශේෂ අමුත්තෙක් හමුවිය. ඒ මාලදිවයිනේ අලුතින් තේරී පත් වූ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි ය. මොහොමඩ් සෝලි කටුනායකට පැමිණ තිබුණේ සිංගප්පූරුව බලා යන අතර වාරයේය. කටුනායක විශේෂ අමුත්තන්ගේ කාමරයේ දී හමු වූ මාලදිවයින් ජනාධිපතිවරයාට ජනපති මෛත්‍රී ඔහු ලැබූ ජයග්‍රහණය ගැන සුබපැතුම් එක් කළේය.


ගෙවී ගිය සතියේ ද කැබිනට් රැස්වීම නොපැවැත්විණි. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටීම ඊට හේතුවිය.


එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කරන ලද කමිටුව ගිය බදාදා රැස්වුණේ සන්ධානයේ පක්ෂ නායකයින්ගේ ද සහභාගිත්වයෙනි. නිමල් සිරිපාල, දිනේෂ් ගුණවර්ධන, සුසිල්, එස්.බී., අමරවීර, ශ්‍රීලනිප මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.


මේ කමිටුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ පළාත් සභා ඡන්ද ක්‍රමය හා ආර්ථික අර්බුදය සම්බන්ධ ප්‍රශ්න හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කරන්නටය. එහි වැඩි අවධානය යොමුව තිබුණේ ඡන්ද ක්‍රමය ගැනය. නිමල් සිරිපාල ඇමැතිවරයා දිගින් දිගටම කියා තිබුණේ පළාත් සභා ඡන්දය කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතුය යන්න තම පක්ෂයේ ස්ථාවරය බවය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි රටට කියලා තියෙන්නෙ මනාප ක්‍රමය නැති කර කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පළාත් සභා ඡන්දය පවත්වනවා කියලයි. නව ඡන්ද ක්‍රමයේ අඩුපාඩු තියෙනවා නම්, අපි හඳුනාගෙන ඒවා නිවැරදි කරමු. එහෙම නැතිව දැන් පරණ ක්‍රමයක් ගැන කතා කරලා තේරුමක් නැහැ යැයි නිමල් දැඩිව කියා සිටියේය.


අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විශ්‍රාම ගියේ පසුගිය සිකුරාදාය. පුරප්පාඩු වූ අගවිනිසුරු ධුරයට ආණ්ඩුවේම පක්ෂ දෙකෙන් නම් දෙකක් යෝජනා වෙමින් තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මියගේ නම යෝජනා වී තිබූ අතර එජාප පාර්ශ්වයෙන් යෝජනා වී තිබුණේ නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නමය. පක්ෂ දෙකේ මත ගැටුමට තිත තබමින් ජනාධිපතිවරයා ගිය බ්‍රහස්පතින්දා උදේ නව අගවිනිසුරුවරයාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර යැවීය. ඒ ශ්‍රේ‍ෂ්‍ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නමය.



අදහස් (0)

​අලුත් ආණ්ඩු කතා මැද ​ශ්‍රීලනිපයේ නිහැඬියාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 18 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site