බැසිල් සංවිධායකයන්ට කියයි
2015 අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුවේ ආයුකාලය හෙටින් (02) අවසන් වේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට මැදියම් රැයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම හේතුවෙනි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍යතාව තිබුණත් 19 වන සංශෝධනය ඊට හරස්විය. 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ගතවූ පසුවය. ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුවට අදට වසර හතරක් සම්පූර්ණ වන බැවින් පාර්ලිමේන්තුව හෙට දිනයේ විසුරුවා හැරීම ගැටලුවක් නොවනු ඇත.
පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, මහජන්දයට එක්ව තරග කිරීම සඳහා පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම ගිය අඟහරුවාදා හැන්දෑවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු ද හවුල්කාර පක්ෂවල නායකයෝ ද ඊට සහභාගි වූහ. ගෝඨාභයත්, මහින්ද, මෛත්‍රී සහ පොදුජන සන්ධානයේ මහලේකම් බැසිල් රාජපක්ෂ එක ළඟ අසුන්ගෙන සිටි අතර, හිටපු ජනපති මෛත්‍රී කලින්ම රැස්වීමට පැමිණ සිටියේය. පොදුජන පෙරමුණු සන්ධානය හැදීමට වැඩියෙන්ම මහන්සි වූයේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාය. මහලේකම් ලෙස ඔහු සියලු දෙනා පිළිගනිමින්, අරමුණද පැහැදිලි කළේය. බැසිල් කීවේ නව සන්ධානයට පක්ෂ 9ක් දැනටමත් එක්ව සිටින බවය. පසුගිය ඡන්දයේදී පොදුජන පෙරමුණ සමග එක්වූ තවත් පක්ෂ තිබෙන බවත්, ඔවුන්ගේ ලියාපදිංචි කටයුතු අවසන් වූ වහාම සන්ධානයට ඇතුළත් කර ගන්නා බවත් ඔහු කීවේය. ශක්තිමත් දේශපාලන ගමනක් සඳහා නව සන්ධානය කටයුතු කරන බව බැසිල් කීවේය.
නව සන්ධානයට තවත් දේශපාලන පක්ෂ 5ක් එක්කර ගැනීමට ද විධායක සභාවේ අනුමැතිය ලැබිණි. ඊ.පී.ඩී.පී., ලංකා කම්කරු කොංග්‍රසය, දෙමළ මහජන විමුක්ති සංවිධානය, ජාතික කොංග්‍රසය හා එක්සත් මහජන පක්ෂය එ් අනුව සන්ධානයට ඇතුළත් කර ගැනුණි. මේ අනුව නව සන්ධානයට එක්ව ඇති පක්ෂ ගණන 14කි.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පසුගිය සතියේම මැතිවරණ සටනට අවතීර්ණ විය. ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් මැති ඇමැතිවරුන් හා ප්‍රධාන පෙළේ ක්‍රියාකාරී නායකයන් දිස්ත්‍රික් මට්ටමින් බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයට කැඳවිය. පොදුජන සන්ධානය මහ ඡන්දයේදී ඉහළම ජයග්‍රහණයක් ලැබිය යුතු බවත්, ඒ සඳහා සියලු දෙනා කැපවිය යුතු බවත් බැසිල් කීවේය. ‘මනාප ඡන්දවලට ගියාම කොච්චර සංකීර්ණ ද කියල මම දන්නවා. මම අයියල දෙන්නෙකුගේ ඉලෙක්ෂන් කැම්පේන් මෙහෙයවපු කෙනෙක්. ඒ වගේම මාත් ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනල තියෙනවා. ඒ නිසා ඔයාලට මනාපවලට හැප්පෙන්න එපා කියල මම කියන්නෙ නැත්තෙ කියල වැඩක් නැති නිසා’ යැයි බැසිල් කීවේ දීර්ඝ විස්තරයක් ද කරමිනි.
‘නාම යෝජනා ඉල්ලගෙන ඇවිත් කරදර කරන්නට එපා යැයි ද බැසිල් උපදෙස් දුන්නේය. පොහොට්ටුවේ කවුරුවත් නාම යෝජනා ඉල්ලගෙන බස් අරගෙන එන්න ඕන නැහැ. වැඩ කළේ කවුද නැත්තෙ කවුද කියලා අපි දන්නවා. අරයට දෙන්න එපා මෙයාට දෙන්න එපා කියල කවුරුවත් කපාගෙන නාමයෝජනා ගන්න එන්නත් එපා.’ ඔහු කීවේය. ඒ අතර බැසිල් පොදුජන පෙරමුණේ අරමුදල් පිළිබඳ වාර්තාවක් ද මැති ඇමැතිවරුන් ඇතුළු පිරිස අතර බෙදාදුන්නේය. පක්ෂයේ අරමුදලට උදව් කරන්නැයි ඔහු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලීමක් කළේය.
හෝමාගම මූලික රෝහල බලන්නට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගිය සතියේ රෝහලට ගියේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ ආරාධනයෙනි. බන්දුලට අවශ්‍යව තිබුණේ හෝමාගම මහ රෝහලක් බවට පත්කරවා ගැනීමය. පවිත්‍රා ඊට එකඟ වූවාය. ඇය කීවේ කැබිනට් පත්‍රිකාවක් ළඟදී ඉදිරිපත් කරන බවය. බන්දුල කීවේ අවශ්‍ය නම් දෙන්නම එකතු වී ජොයින්ට් කැබිනට් පේපර් එකක් දැමිය හැකි බවය. හෝමාගම රෝහල මහරෝහලක් ලෙස උසස් කිරීමේ යෝජනාව බන්දුල පවිත්‍රාට ඉදිරිපත් කළේ ඇමැති මණ්ඩලය දිවුරුම් දුන් දිනයේමය. ‘මම රත්නපුරේට විශ්‍වවිද්‍යාලයක් දෙන්නම්. මට හෝමාගමට මහරෝහලක් දෙන්න’ බන්දුල කීවේය.
2025 නොවැම්බර් මස 21
179
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
246
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1123
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මනාපවලට හැප්පෙන්නත් එපා බස් අරගෙන නාමයෝජනා ඉල්ලන්න එන්නත් එපා