IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


එජාප දෙපිලෙන්ම නාමයෝජනා

මහ මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ අවසන් දිනය අත ළඟටම පැමිණ තිබුණ ද මාස තුනක් තිස්සේ පැවැති එජාප සීතල අරගලය තවමත් නිමව නැත. දෙපාර්ශ්වයේ කඹ ඇදිලි හා සාකච්ඡා තවමත් පවතී.


‘අප එකතු වෙලා යන්න තමයි හදන්නේ. සමහරුන් කඹ අදිනවා.’ එජාප නායකයා බ්‍රහස්පතින්ද‌ා සිය නිවසට පැමිණි අයට කීවේ එවැන්නකි.
‘එකතු වෙන්න තිබෙන බාධාව මොකක්ද? මාස ගණනක් කතාකර කෙරුවේ මොනවා ද?’ චම්පිකා ප්‍රේමද‌ාස ඇසුවේ නායකයාගෙනි.


‘එජාප ලකුණ අලියායි. දශක ගාණක් මහ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච ලකුණට පයින් ගහලා වෙන ලකුණකින් යන්න මන්ත්‍රීවරුන් වගේම පාක්ෂිකයොත් කැමැති නැහැ. අලියාගෙන් යමුයි කියන්නේ ඒකයි.’ එජාප නායක පිළිතුරු දුන්නේය.


‘එකට ගියත්, බෙදිලා ගියත් දැන් නොමිනේෂන් සූද‌ානම් වෙන්න ඕනෑ. නේද?’ දයා ගමගේ ඇසුවේය.


‘ඔව්. නාම යෝජනා හද‌ාගෙන යනවා. එහේ ගිය සමහරුන් යළි හිතන්න පටන්ගෙන කියලත් පේනවා. අන්තිම දිනය දක්වා අපේ නාම යෝජනා විවෘතයි. රට පිළිගත් කණ්ඩායම අප ඉදිරිපත් කරනවා.’ එජාප නායක කීවේය.


මන්ත්‍රීවරුන් වැඩි පිරිස සජිත් පිළට හිටියට පහළ කොටස් වලින් බහුතරය ඔවුන් එක්ක නැහැ. එජාප නායකත්ව අරගලය වසර 10 ක් පක්ෂයට අවාසි ගෙනාවා. නායක ඡන්දය ඉල්ලලා පැරදුනාම එයාට ඉවත් වෙන්න කියනවා. වෙන කෙනෙකු ඡන්දය ඉල්ලා පැරදුණාමත් නායකයාට යන්න කියනවා. මේක පුදුම වැඩක්නේ? වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.


‘මා දක්ෂයන්ට පක්ෂයේ අනාගතය හද‌ා දී යන්න හිතාගෙන ඉන්න කෙනායි. දේශපාලනයේ දිගටම ඉන්න හිතන අය පක්ෂයට අවංක වෙලා දක්ෂ ටීම් එකක් හද‌ා ගන්න ඕනෑ. පක්ෂය බෙදුනොත් ඊට අනුබල දෙන සියලු දෙනාට වගකීම බාරගන්න වෙනවා.’ එාජප නායක කීවේ එවැන්නකි.


‘කොරෝනා පැතිරුණොත් මහ ඡන්දයට මොකද වෙන්නේ? වසංගත මැද ඡන්ද පවත්වන්න පුළුවන් ද?’ නවීන් දිසානායක ඇසූ ප්‍රශ්නයට කාගේත් අවධානය යොමු විය.
‘මිනිස්සු කලබල වෙලා. ඒ අස්සේ ඡන්ද තියන්න ගියොත් මිනිස්සු දේශපාලකයන්ට දොස් කියාවි. ඡන්ද කල් යන එකේ වැඩිම අවාසිය ආණ්ඩුවටයි. එජාපයට අභියෝග කරන අනිත් කණ්ඩායමටයි. ඡන්ද පත්‍රිකා ලක්ෂ 150 ක් ජනතාව අල්ලනවා. ඒවා ගණන් කරන නිලධාරීන් අල්ලනවා. ග්ලවුස් ද‌ාලා මේවා කරන්න බැහැ. මැතිවරණ කොමිසමටයි තීන්දුව ගන්න තිබෙන්නේ.’ එජාප නායකයා කීවේය.


‘බද‌ාද‌ා මහනුවර පැවැති විවාහ උත්සවයකට පැමිණි එජාප නායකයා කෙළින්ම ගොස් වාඩි වූවේ මෑතකදී සජිත් පිළට එක්වූ ලක්ෂ්මන් කිරිඇල්ලට සමීප අසුනේය.
‘මේ පාර බිග් මැච් යනවා ද?’ කිරිඇල්ල ඇසුවේය.


‘කොරෝනා නිසා පරිස්සම් වෙන්න වෙනවා. බිග් මැච් ගැන වෙනම හිතන්න ඕනෑ.’ නායකයා කීවේය.


‘සන්ධානයට එජාපයත් එකතු වෙලා මල් වට්ටියට අත ගහන්න නැතිනම් රටේ පැරණිම පක්ෂයට හානි වෙන්න බැරි නැහැ. ලක්ෂ්මන් කිරිඇල්ල නායකයාගෙන් ඉල්ලුවේය.
‘අද හවස මලික් හම්බ වෙනවා. එකතු වෙලා යන්න තමයි අපටත් ඕනෑ.’ නායකයා පිළිතුරු දුන්නේය.


තවත් විවාහ උත්සවයකදී කිරිඇල්ලට මෑතකදී සජිත් පිලට එකතු වූ එජාප පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන හමුවිය.


‘කළුතර තත්ත්වය කොහොමද? ඔයා ඉතින් හොඳ ව්‍යවසායකයෙකු නිසා ඡන්දය කරන්න සල්ලිවල ප්‍රශ්නෙකුත් නැහැනේ? කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.


‘ඔබතුමා සභානායක ලෙස අපේ ආණ්ඩුවට කළ සේවය විශිෂ්ටයි. පක්ෂය හා නායකයා වෙනුවෙන් කැප වුණත් හිටපු ජනාධිපතිගෙන් කැපිළි ආපු වෙලාවේ ඔබතුමා බලාගන්න කෙනෙකු හිටියේ නැතිවීම ගැන මටත් පුදුමයි. මහනුවර අධිවේගය හදන්නත් අපේ ආණ්ඩුවෙන් ඔබතුමාට ලැබුණු සහාය මදි බව ජනතා මතයයි.’ ජගත් විතාන කීවේ එවැන්නකි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායම් දෙක අතර ඇති මත ගැටුම සහ ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියද‌ා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ එහි නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මාධ්‍ය හමුවට සහභාගි වීමට පෙර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග අදහස් හුවමාරු කර ගනිමින් සිටි රුවන් විජයවර්ධන මන්ත්‍රීවරයා හදිසියේම පිරිසට යමක් මතක් කළේය. ඒ වසර හැත්තෑ දෙකකට ආසන්න කාලයක් මෙරට දැවැන්තම තනි දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අලියා ලකුණ තෝරාගැනීම පිළිබඳවයි.


‘මම අහලා තියෙනවා මගේ මුත්තා (මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා) මේ පක්ෂයට අලියා ලාංඡනය යෝජනා කරපු විදිය. එතුමා සමන් දෙවියන්ගේ භක්තිවන්තයෙක්. ඉතින් පක්ෂයට ලකුණක් අවශ්‍ය වුණු වෙලාවේ එතුමා යෝජනා කරන්නේ මේ සමන් දෙවියන්ගේ වාහනය වෙච්ච ඇතාව. එහෙම තමයි. එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය තීරණය වුණේ රුවන් කීවේය.


ඒ කතාව ගොඩක් දෙනෙක් දන්නේ නෑ. ඔබතුමා ඒක මාධ්‍ය සාකච්ඡාවේදී කියන්න.’ මිතුරකු රුවන්ට කීවේය.


මාධ්‍ය සාකච්ඡාවෙන් පසු පසුගිය අඟහරුවාද‌ා රාත්‍රියේ රුවන් විජයවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග විශේෂ සාකච්ඡාවට එක්විය. ‘සර් එද‌ා මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වනේ කෘත්‍යාධිකාරි මණ්ඩල අවසර දුන්නේ පොදු සන්ධානයක් හදන්න මිසක පක්ෂයක් හදන්න නෙමෙයි කියලා. අන්න ඒක ප්‍රෙස් එකකදී සුජීව මන්ත්‍රීතුමා ගෙන් අහලා එයා කියලා තියෙනවා රුවන් ඇමැතිතුමා ඕලෙවල් ඒ ලෙවල් පාස් ද දන්නේ නෑ මේක තේරෙන්නේ නැත්තේ කියලා.’ සංවිධායකවරයෙක් රුවන්ට කීවේය.


‘මම ඔය කතා අද‌ාළ කරගන්නේ නෑ. අධ්‍යාපන සහතික ගැන ප්‍රශ්න තියෙන අය කවුරුත් දැන් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා කියල මම හිතන්නේ නෑ. අනික මම දෙයක් කියන්නේ හොඳට හොයලා බලල, කාටත් අපහාස කර කර කරන දේශපාලනය අපිට හුරු නෑ. අනිත් එක තමන්ගේ ගෙදරින් එළියට බැහැලා බෝඩිං වල නතර වෙලා තමන්ගේ ගෙදරටම ගල් ගහන සහ ගස්සන්න පුරද්දකුත් මට නෑ.’ රුවන් සිනාසෙමින් කීවේය.


සමගි ජන බලවේගයට සහාය දැක්වීමට ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ තීරණය කර ඇත.   


හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතාගේ සහභාගිත්වයෙන් යුතු නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොවේ. එම පක්ෂය සමගි ජන බලවේගයට සහාය දැක්වීමේ ගිවිසුමකට පසුගියදා අත්සන් තබනු ලැබූ බව සඳහන් වේ.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද බෙදීයාම එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ජාතික සමගි පෙරමුණට ප්‍රබල ලෙස බලපාන බව සමගි පෙරමුණට සම්බන්ධ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති.   


එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා දිස්ත්‍රික් බල මණ්ඩලය කැඳවා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණට ජය තහවුරු කරමින් සම්මත කළ යෝජනාවකට පිළිතුරු දෙමින් එම දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ මේ බව පැවැසූහ.   


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී නුවරඑළියේ ඡන්ද එකම පක්ෂයේ දෙපිරිසකට බෙදීයාම නිසා දිස්ත්‍රික්කය පරාජය වීමේ අවදානමක් ඇතැයි කඳුරට ජනතා පෙරමුණේ නායක හිටපු රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා පැවැසීය.   


මෙය එතරම් සුදුසු නොවන අතර මින් ඡන්ද දායකයන් අතරමන් වීමක් සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි.   


මේ නිසා අවසන් මොහොතේ හෝ සියලුදෙනා එකතුවී පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කළ යුතු බව රාධක්‍රිෂ්ණන් මහතා යෝජනා කර සිටියි.  

 

-ගජබා-



අදහස් (0)

එජාප දෙපිලෙන්ම නාමයෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2121 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site