IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


එජාපයෙන් යළිත් ​ජාතික ආණ්ඩුවක්

බ්‍රහස්පතින්ද‌ා වෙනද‌ාටත් කලින් අගමැතිවරයා අරලියගහ මැදුරට ගියේ රාජකාරි කිහිපයක් ඉටුකිරීමට මෙන්ම දුර ගමනක් ද යෑමට තිබූ හෙයිනි. ඒ වනවිටත් මැති ඇමැතිවරු වෙනද‌ා මෙන්ම එහි පැමිණ සිටියහ.


‘අද කතා කරන්න වැඩි වේලාවක් නැහැ. හුඟක් ඈත ලොකු මඟුල් ගේක යන්න තිබෙනවා.’ අගමැතිවරයා කීවේ මද සිනහව සමඟය.
‘ආ... අද මහින්දගේ බාල පුතාගේ වෙඩින් එක නේද?’ ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය.


අගමැතිවරයා ගිය හෙළිකොප්ටරයේ මංගල, රංජිත් මද්දුමබණ්ඩාර, සාගල හා කබීර් යන ඇමැතිවරු ද යාමට නියමිතව සිටියහ.
‘ජනාධිපතිතුමාගේ සිංගප්පූරු සංචාරය නිල එකක් නොවෙයි කියා කියනවා. ඒක ඇමැති මට්ටමේ රැස්වීම කියලත් ආරංචියි.


පිලිපීන සංචාරයට රටේ නායකයා හැටියට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අටදෙනෙකු හා ආණ්ඩුවේ විදේශ ඇමැති විතරක් එක්ක ගිය එක රාජතාන්ත්‍රික දැයි අහන අයත් ඉන්නවා. ඒ අතර 2015 ජනපතිවරණයේදී මෛත්‍රිගේ බද්දේගම වේදිකාව ගිනි තියපු කෙනා ඉඳීමත් පුදුමයි.’ රංජිත් අළුවිහාරේ මතු කළේ එවැන්නකි.


'TNA එකෙන් අහලා කැබිනට් තීන්දු සම්මත කර ගන්නවා කියා විපක්ෂය කියන කතාවට අගමැතිතුමාම පැහැදිලි කිරීම ඉතා වටිනවා.’ නවීන් දිසානායක ප්‍රශ්න කළේ අගමැති රනිල් ගෙනි.


‘මේ විපක්ෂය ඉතින් පිදුරු ගස්වලත් එල්ලෙනවනේ. TNA එක ඕනෑම ආණ්ඩුවක් එක්ක ප්‍රශ්න කතා කරනවා. එයාලගේ අදහස් සහ ඒ ජනතාව වෙනුවෙන් නොයෙක් ඉල්ලීම් ද කරනවා. උතුරට අද‌ාළ කැබිනට් පත්‍රිකාවලදී ඒ අදහසුත් ප්‍රයෝජනයට ගැනීම වැරදිද?’ අගමැතිවරයා නවීන්ට සෘජු පිළිතුර දුන්නේය.
”අධ්‍යාපනයට රුපියල් බිලියන අටසිය තිස්පහක් හා සෞඛ්‍යයට බිලියන අටසිය අනූව ගිය අවුරුදු තුන හමාරට වෙන් කර පාසල් හා රෝහල් ගොඩනැගිලි නවසියයක් හැදීම ගැන අගමැතිතුමා ගාල්ලේදී විස්තර කළ හැටි වටිනවා.


ඒ වගේම උද‌ාගම් 159 ක් හරහා මේ වනවිට ගෙවල් දහස් ගාණකුත් හදලා. නාගරික නිවාසත් ඉදි වුණා. සජිත් ප්‍රේමද‌ාස කතා කළේ ප්‍රශංසා මුඛයෙනි.
‘2015 ඉඳලා මේ දක්වා දූෂණ සෙවීමට ජනාධිපති කොමිසම පත් කරන්න යනවලු නේද? ජනාධිපතිගෙ වටේ හිටපු හා පවුලේ හුඟ දෙනෙකුටත් ඒ කොමිසමෙන් චෝදනා එල්ල වේවි. ඔක්තෝබර් 26 ඉඳලා දින 52 ක් තුළ ගහපු පගා, ද‌ාපු හොර ටෙන්ඩර්, ප්‍රධාන පාසල්වලට බලෙන් ළමයි පුරවපුවා ඇතුළු ඔක්කොම සෙල්ලම් ගැනත් එතකොට එළිවේවි.’ එජාප නීති උපදේශකයෙක් කීය.


‘අගමැතිතුමා බියගම ස්වාමීන් වහන්සේගේ ආද‌ාහන උත්සවයට ගියාම මාධ්‍යවේදීන් මයික් අල්ලලා ව්‍යවස්ථාවයි, දේශපාලනයයි ගැන ඇහුවාම නියම උත්තරය දීම වටිනවා.’ නවීන් දිසානායක කතා කළේ ප්‍රශංසා මුඛයෙනි.


‘ඔව්. මා එද‌ා පන්සලට ගියේ නාහිමියන්ට අවසන් ගෞරව දක්වන්න. වෙන වෙලාවල් වල මා පන්සලකට යන්නේ බුදුන්ට මල් පහන් පුදන්නයි. සමහරුන් වගේ පන්සල් ගිහින් පටු දේශපාලනය කතා කර එක එක්කෙනාට මඩ ගහලා පව් පුරෝගන්න මා සූද‌ානම් නැහැ. අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.


‘මහින්ද මහත්තයාගේ පන්සල් දේශපාලනය දැන් හොඳටම විකාර වෙලා. වයස 74 මහින්ද මහත්තයටයි. ඒ වයසට කිට්ටු ශිරන්ති නෝනටයි හිතනවා නම් දැන් වුණත් ළමයි හදන්න පුළුවන් කියා බණ දෙසලා රටට විහිළු සපයන්නයි. ර​ෙට් දරුවන් නැතිව ළතවෙන ලක්ෂ ගණනක් අඹු සැමියන්ට විශාල අපහාසය කරන්නයි හාමුදුරුවන්ට අයිතිය නැහැ.’ රංජිත් අළුවිහාරේ කීවේය.


‘රහස් ආරක්ෂක ගිවිසුමක් ඇමෙරිකාවත් එක්ක ගහලා කියා දයාසිරි කියන කතාව මොකක්ද?’ හේෂා විතානගේ ඇසුවේ අගමැතිගෙනි.


‘අපට බොරු චෝදනා ද‌ාලා වැඩක් නැහැ. ආරක්ෂක ඇමැති ජනාධිපතියි. දයාසිරිට එතුමත් එක්ක ඒ ගැන කතා කරන්න කියන්න.’ යයි කී අගමැතිවරයා ඉවත බලා ගත්තේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපතිවරයා විසින් නම් කර එවා තිබුණේ දීපානි විජේසුන්දර මහත්මියගේ නම වුවද 107 වැනි වගන්තියට අනුව පරිපාලන දැනුම සහිත කෙනෙකු ඒ සඳහා අත්‍යවශ්‍ය බවට තීන්දු කළ ව්‍යවස්ථා සභාව ඇයගේ නම ප්‍රතික්ෂේප කර තිබිණ.

 

 


ජනපතිවරයා යළිත් එවා ඇත්​ෙත් එම නමමය.


‘ජවිපෙ බිමල් රත්නායක ජනපතිගේ පත්කිරීමට එරෙහිව දැඩි මත වාදයක ඉන්නවා. ප්‍රතික්ෂේප වූ නම යළි එවනවා වෙනුවට ව්‍යවස්ථාද‌ායක සභාවට පිළිගත හැකි අලුත් නමක් එවීම ජනාධිපතිතුමාගේ වගකීම බවයි බිමල්ගේ මතය වෙන්නේ.’ එජාපයේ ඉහළ නීති උපදේශකයෙකු කීවේ එවැන්නකි.


‘අප අනිත් පක්ෂ එකතු කරගෙන ආපහු ජාතික ආණ්ඩුවට යනවද? එජාපයේ පුළුල් පෙරමුණ පිහිටුවන්නේ කවද‌ාද?’ ගයන්ත කරුණාතිලක අගමැතිගෙන් විමසුවේ එවැන්නකි.
‘ඔව්. ඒ දෙකම ඉක්මනින් කරනවා.’ අගමැති කීවේ එපමණකි.


‘කෝප් සභාපතිකමයි, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිකමයි ගියවර හොඳට කළ ජවිපෙ හඳුන්නෙත්තිටයි, ශ්‍රීලනිපයේ අලගියවන්නටයි යළි දීම කවුරුත් අගය කරනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


‘එජාපයට ආණ්ඩුව තිබෙද්දී මා හැමද‌ාම ඔය වැදගත් කමිටු සභාපතිකම් විපක්ෂයට දුන්නා. ඒත් රාජපක්ෂලා ඒ වැදගත් සම්ප්‍රද‌ායත් කඩා ඒ සභාපතිකම් එයාලම තියා ගත්තා. ඒවා නරක ආදර්ශයි. එසේ කී අගමැතිවරයා නළල රැළිගන්වා ඉවත බලා ගත්තේය.



අදහස් (0)

එජාපයෙන් යළිත් ​ජාතික ආණ්ඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 633 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 831 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site